More
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 16

    Hima Mal Renu හිම මල් රේණු – 16

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    අප අතර මොහොතකට නිහඬතාවයක් පැතිර ගියේය. මා සිතේ ඇතිව තිබු හැඟීම් මේ අකාරයයි මට විස්තර කළ නොහැකිය.

    “පව්…එහෙනම් ඒකයි…අවීශ් කෑම රස නැහැ කියන්නේ…”

    “හ්ම්ම්…ඔව්…ඔව්….ආන්ටි ඉතින් උයන වෙලාවට ළඟ ඉඳන් ඉන්නවා…ඒ වුණාට ඉතින් තමන් උයනවා වගේ නැහැනේ…”

    “ඒක නම් ඇත්ත…” සුසුමක් හෙළමින් මම කීවෙමි.

    “අද කෑම එක රසයි ආරණ්‍යා…ඔයා නේද ගෙනාවේ..?”

    මම නදීරා දෙසත් බලමින් හිස ඉහළ පහළ වැනුවෙමි.

    “ඔයා පිනක් කර ගත්තේ…කාගෙවත් කීමක්වත් නාහා හිටපු අවීශ්…ඔයා නිසා හුඟාක් වෙනස් වෙලා…රසට කෑමක් දෙන එකම ලොකු පිනක්…”

    “අනේ…මං එහෙම හිතලා ගෙනාවා නෙවේ තේෂාන්…ඊයේ එයලා අපිව ඇරළවන්න ආව ගමන් ගෙට ගොඩ වුණා…නැන්දා ඉතින් කෑම ටිකක් කාලා යන්න කිව්වාම අවීශ් නතර වුණා…මං හිතුවේ නැහැ එයා ඉඳියි කියලාවත්…දන්නවානේ ඉතින් හැටි…”

    තේෂාන් පුදුමයෙන් අසා සිටියේය.

    “කෑම රසයි…ගොඩ කාලෙකින් මෙහෙම කෑවේ…කීවාම මං හිතුවා බොරුවට කියන්නේ කියලා…ප්‍රසාද් අයියා තමා කිව්වේ ඒක ඇත්ත කියලා…ඒකයි බත් අරන් ආවේ…අවීශ් ගේ අම්මා ගැන මං එච්චර දෙයක් දැනන් හිටියේ නැහැ…”

    තේෂාන් හුස්මක් ඇද්දේය.

    “මට තාම එහෙ යන්න බැරි වුණා… අවීශ්ලා ගිහින් ලන්ච් අරගෙනත් එක්ක…”

    නදීරා නෝක්කාඩු කියන්නට වූවාය.

    “පේනවනේ ඊර්ෂ්‍යාව…මං කවදා ඉඳන්ද කියන්නේ එන්න කියලා…මේ සතියෙවත් එන්න එහෙනම්…ඔයාත් එන්න තේෂාන්…”

    මම ඔහුටද ඇරයුම් කළෙමි.

    “බලමු…”

    ඔහු ඉවතට ගියේ එසේ කියමිනි.

    ********** *********** ********** ********************* ***********
    අහස පුරා රෝස පැහැයක් ඉහිරී තිබුණේ සැඳෑව ගෙවී යන්නට ආසන්න බව කියා පාමිනි. මෙහි කැදළි සොයා පියඹා ඇදෙන කුරුළු රෑන් නම් දකින්නට නොමැත. කපුටන් නම් රෑන් පිටින් ඉඟිළ යනු මම දැක තිබුණෙමි. ගමේ සිටියා නම් මේ මොහොතේ අපි පාලම උඩ සිටීමට ඉඩ තිබිණි. මේ මොහොතේ ඔවුන් පාලම උඩ සිටිනවා ඇත. මමද මනසින් ඔවුන් සමඟ එහි සැරිසැරීමි. නැන්දා මා අසළට එනු දැක මගේ සිතුවිළි දැහැන බිඳී ගියේය. ඈ අතේ සවස සාදන සුපුරුදු තේ කෝපපය විය. ඇයට ඉඩ දෙමින් මම බංකුවේ මඳක් පසෙකට වූයේ දුම් දමන තේ කෝප්පය අතට ගනිමිනි. අදත් අපි පාසල් නිම වී පැමිණියේ අවීශ් සමඟ බව ඈ දැන සිටියාය.

    “දැන් දිගටම මෙහෙම යන්න එන්න තියා ගත්තොත්…ඒකනම් එච්චර හොඳ දෙයක් වෙන එකක් නැහැ දුව…”

    ඈ මා නිවසට පැමිණි මොහොතේ එසේ කිවේ නොසතුටෙන් මෙනි. ඒ මොහොතේ මම ඈ කී දේට කිසිත් නොකියා නිහඬව සිටියෙමි.

    “අවීශ් හරි පව් නැන්දා…”

    තේ උගුරක රස බලමින් මම නැන්දා කතාවට අල්ලා ගැනීමට කීවෙමි.

    “ඇයි… මොකද හදිසියේ එහෙම කියන්න හේතුව…?”

    මම ඔහුගේ පවුලේ තොරතුරු ඈ හා කීවෙමි.

    “මොනවා…! නිරංගාක්කා මොනවා වෙලාද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ…?”

    නැන්දා හදිසි තිගැස්මකින් අසන විට මා සිතේ කුහුළක් ඇති වූයේ ඈ අවීශ් ගේ අම්මාගේ නම දන්නේ කෙසේද කියා මෙන්ම වඩා ලෙංගතු හඬකින් “නිරංගාක්කා” කියා ඈ ඇමතීම නිසාය.

    “නැන්දා…ඔයා එයාගේ නමත් දන්නවානේ…ඔයා එයාව හොඳටම අඳුනනවා වගේ නේද… මට කොළේ වැහුවට…?”

    උපහාසයත් නොමනාපයත් මුසුව මම කීවෙමි.

    “ඔයාත් මොනවා අහනවද මංදා…ඔයාගේ පරිකල්පන ශක්තියත් හොඳටම දුර්වලයි… දැරණියගල තාත්තා ගේ යාළුවෙක් වෙලා හිටියා නම්…එයාගේ වයිෆ් අනූ අක්කගේ යාළුවෙක් වෙන්න බැරිද..? අනූ අක්කයි නිරංගාක්කයි දෙන්නම හොඳ යාළුවෝ… එයා ඉස්සරත් මෙහෙ නිතරම එනවනේ..මටත් ඕන තරම් මුණ ගැහිලා තියනවා… එදා අවිශ් ආව වෙලේවත් එහෙම කතාවක් කිව්වේ නැහැනේ…”

    “එයා කියයිද එහෙම…? ඇරත් එයා දිවැස් වලින් දැන ගන්නයැ ඔයාලා අඳුනනවා කියලා…අඩුම තරමේ මං දන්නේත් දැන්නේ…” නොමනාපය මුසුව මම කීවෙමි.

    “ඔයාත් බලන් ඉන්නේ කොහෙන් හරි කොණක් අල්ල ගන්න…” ඈ නොසතුටෙන් කීවාය.

    “නැතුව ඉතින්…ඔයාලා මට මුළ ඉඳන් අගට හැමදේම කිව්වා නම්…එහෙම අතනින් මෙතනින් කොන් අහුල, අහුල මට ප්‍රශ්න අහන්න ඕන නැහැනේ…”

    “දැන ගත්තා කියලා…මොකද..ඔයා අතීතය වෙනස් කරන්නද..? අනික දුව…තාත්තා දැනගත්තොත් සතුටු වෙයි කියලා හිතන්න එපා…ඔයා ආශ්‍රය කරන්නේ දැරණියගලගේ පුතාව බවක්…දැරණියගල පෝසත් වුණේ ඔයාගේ අම්මාගේ සල්ලි වලින්…”

    “අවීශුයි… එයාගේ තාත්තයි කියන්නේ එක්කෙනෙක් නෙවේ…දෙන්නෙක්…අම්මාගේ සල්ලි වලින් පිට මනුස්සයෙක් පෝසත් වෙනකල් තාත්තා හිටියේ උඩ බලන්ද…? මට ඕවයින් ඇති වැඩකුත් නැහැ…අවීශ් ගේ තාත්තට වඩා අවීශ් හොඳයි…නැන්ද…?”

    “හොඳ නරක අපිට පේන්න තියන දේ නෙවේ…”

    “ඔව්…අපි ඒක දැනගන්න ඕන.. පිටින් බැලුවාම අවීශ් වුණත් පේන්නේ මහා නපුරු ආඩම්බරකාරයෙක් වගේ…ඒත් එයා ඇතුළෙන් බොහෝම සවේදී කෙනෙක්…”

    “ඒක දැනගන්න තරම් කාලයක් ගෙවුණා කියලා හිතන්න බැහැ…කොහොම වුණත් ඔය ආශ්‍රය ගානකට තියාගන්න කියලයි මම නම් කියන්නේ…ඒක ඔය දෙන්නටම හොඳයි…”

    නැන්දා උපහාසය මුසුව කීවාය.

    “එහෙම තමා නැන්දා…අපි අතර කතා බහක් වෙන්නෙම නැති තරම්…අඩුම තරමේ මූණවත් බලන්නේ නැහැ…”

    “ඒ වුණාට එකට වාහනේ එනවා…?” යළිත් අර උපහාසය.

    “ඒ ආවත් අපි අතරේ කතා බහක් නැහැ…එදා අවීශ් මාව එක්කන් ආවේ තනියම බැංකු ගානේ රස්තියාදු වෙයි කියලා මිසක්…වෙන හේතුවක් නිසා නෙවේ…ඇරත් ඉතින් යුනිෆෝර්ම් පිටින් නේ…අනික එයා මොනවා හරි කියන්න ඕන නම් කියන්නේ…මට නෙවේ…නදීරාට හරි…තේෂාන් ට හරි…”

    එයට නම් නැන්දා සිනහාසුණාය . නංගී සඳළුතලයට වී දුරකථනයෙන් කිසිවෙකු සමඟ කතා බහකරමින් සිටිනු අප දුටිමු. ඇගේ මුහුණ මත ඉහිරුණ සිනහවද අපට පැහැදිළිව පෙනිණ.

    “මෙයා දැන් ටික දවසක ඉඳන් කා එක්ක හරි කතාව…”

    නැන්දා කීවාය. ඒ බව මමද දැක තිබුණෙමි

    “ඒක නම් මාත් දැක්කා නැන්දා…යාළුවෙක් වෙන්නැති…”

    නොසැළකිලිමත් ලෙස මම කීවෙමි.

    “ඔච්චර වෙලා ෆෝන් එකේ එල්ලිලා ඉන්නේ යාළුවෙක් එක්ක නම් වෙන්න බැහැ….බෝයි කෙනෙක්වත් ඉන්නවද දන්නේ නැහැ….මේ කෙල්ල හරි මෝඩයි… අහුවෙනවා…”

    මා සිත තිගස්වමින් නැන්දා කියන විට මට සිහි වූයේ ටෙලාන්ය. එදා සාදය පැවැත්වුණ දා ඔහු සමඟ ඇති කරගත් දැන හැඳුනුම්කම මත ඔහු ඇයට ඇමතුම් දෙනවාවත්ද..? එය එසේ විය නොහැකි යැයි මම මටම පවසා ගත්තේ මා සිත සනසා ගැනීමටද..?

    “අනේ මන්දා නැන්දා…අපිට එයාට අවවාද දෙන්න බැහැනේ…නංගී ගමේ ඉන්න කාලේ නම් දුවගෙන ඇවිත් හැමදේම කිව්වට…දැන් මාත් එක්ක වුණත් වැඩිපුර කතා නැහැ…”

    ශෝකී හැඟීමකින් මම කීවෙමි.

    “කවදා හරි පිස්සුවක් නටපු දාට…අපිත් වැරදිකාරයෝ වෙනවා…ෂුවර්…”

    “ඒක නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නැන්දා…”

    සුසුමක් මුදාහරිමින් මම කීවේ අප දෙදෙනා දුටු නිසාදෝ කාමරයට වැදුණු නංගී කෙරෙහි උපන් අනුකම්පා මුසු හැඟීමෙනි.

    *********** ********** ********** ********************* **********
    විවේක කාලය අවසන් වීමට ඇත්තේ තව සුළු මොහොතක් පමණි. මාත් නදීරාත් යළි පන්ති කාමරය වෙත එන විට එහි සිටියේ අවීශ් පමණය. නදීරා සුපුරුදු ඉඟිකිරීම පෑවේ මට වැළමිටෙන් අනිමිනි. ඊට පෙර මම ඔහුව දුටිමි. ඔහු හිඳ සිටියේ මගේ අසුනේ බව දැක මා සිත ගැහෙන්නට වූයේ මන්දැයි මට සිතා ගැනීමට නොහැකිය. එය සියුම් සතුටක් මිශ්‍රිත ගැස්මකි. අපි දෙදෙන හඬක් නොනඟාම පන්ති කාමරයට ගොඩ වූයේ ඔහු මගේ මේසයේ හිඳගෙන හිස නවාගෙන කුමක් කරනවාදැයි කුහුල් සිතිනි. බිමට නැඹුරු වූ හිසින් යුතුව ඔහු පැන්සල් තුඩින් ච්ත්‍රයක් අඳිමින් සිටි අතර එයට කෙතරම් අවධානයක් යොමු කර තිබුණාද යත් අප අසළට පැමිණෙන තුරු ඔහුට වගක් හෝ නොවීය. මාත් නදීරාත් ඔහු එය අවසන් කරන තුරු නිහඬවම බලා සිටියෙමු. ඔහු හිස එසවූයේ එය නිම කිරීමෙන් අනතුරුවය. අප දුටු ඔහු යම් තරමකට හෝ පුදුමයට පත් වූ බවට සැකයක් නොමැති මුත් ඔහු එය පිටතට නොපෙන්වූයේය. ඔහු තරම් හැඟීම් සඟවා ගැනීමට දක්ෂ අයෙකු නැති බවක් මම අත්දැකීමෙන් දැන සිටියෙමි. පොත වසා දමා ඔහු නැඟී සිටින විට මම එය අතට ගෙන ඔහු ඇඳි පිටුව පෙරළා බැලීමි. එය ගැමි දසුනක් සහිත සුලභව දකින්නට ලැබෙන ආකාරයේ සිතුවමක් වුවද ඔහු පැන්සල් තුඩින් එය අපූරුවට නිර්මාණය කොට තිබුණේය. කුඩා වෙල් යායක්, කුඹුරේ පොහොර ඉසින ගොවි මහතෙකුත් පසු බිමින් වළව් පැලැන්තියේ නිවසකුත්, ඊට පිටු පසින් තුරු වදුලින් ගහන කඳු පන්තියකුත්, අහසේ පියාසළන කොකුන් රෑනත්, මට සිහි ගැන්වූයේ අපේ ගමේ සිරියාවමය. නදීරා මගේ උරහිසට උඩින් හිස පොවා එයට බැල්මක් හෙළුවාය. මා සිතේ නොයෙකුත් ප්‍රශ්න පෙරළි කරන්නට වූයේ ඔහු මගේ අසුනේ හිඳගෙන මගේම පොතේ මෙළෙස සිතුවමක් ඇන්දේ මන්ද කියාය.

    “සොරි නදීරා…මට කම්මැලි හිතුණා…ඒ නිසයි චිත්‍රයක් ඇන්දේ…ඔයා ඔය පිටුව අයින් කරන්න…”

    ඔහු සිතන්නට ඇත්තේ පොත නදීරා ගේ කියාය. මෙදින උදෑසන මිලදී ගත් එම සී.ආර් පොතේ නම ලියා නොතිබුණේ එයට පිට කවරයක් දැමීමට වුවමනා නිසාය.

    “අයින් කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන අයිතිකාරයා…”

    ඔහු එවිට මා දෙස බලන බව මට දැනුණද මා සිටියේ තවමත් සිතුවම වෙත අවධානයෙනි.

    “ඕහ්…! මං හිතුවේ ඔයාගේ කියලා…සොරි..”

    ඔහු එයත් කීවේ නදීරාටමය. ඒ ආඩම්බරකාරයාගෙන් එසේ අසන්නට ලැබීමත් පුදුමයකි.

    “සොරි කියන්න ඕන නැහැ නදීරා…ඒක හරිම ලස්සනයි…මං දැනන් හිටියේ නැහැනේ චිත්‍ර අඳින්න පුළුවන් කියලා…කොළඹ කොල්ලෙක් කොහොමද අනේ… මේ තරම් ලස්සනට ගැමි දසුනක් අඳින්නේ…? හරියට බලන් ඇන්දා වගේමයි…”

    ඔහු අගය කරමින් මම කීවෙමි.

    “කොළඹ හැදුණාට… අපිත් ගමේ කොල්ලෝ තමා නදීරා…ඔය අපේ අම්මාගේ මහ ගෙදර…දැන් එහෙ ඉන්නේ මාමා…”

    මා පුදුම කරවමින් ඔහු කියන විටයි මම ඔහුගේ නමත් ගමේ ලිපිනයත් යටින් පැන්සල් තුඩින් ලියා තිබෙන බව දුටුවේ.

    “හරි ලස්සනයි නදීරා…අනේ මට මේක කැන්වස් එකක් ඇඳලා ඕන නදීරා…ෆ්‍රේම් කරලා රූම් එකේ එල්ලගන්න…එතකොට මට උදේ ඇහැරියාම හැමදාම ඒක පෙනෙයි…මට අපේ ගමත් මතක් වෙයි…”

    හිස ඔසවා මම එක එල්ලේ අවීශ් දෙස බලාන කියන විට ඒ දෑස්වල ඇති වූ හදිසි දිස්නය මට මඟහැරී ගියේ නැත. ඒ මුහුණේ වූයේ දැඩි බවක් වුවද ඒ ආකාර්ෂණීය පිරිමි බැල්මට මම ප්‍රිය කළෙමි.

    “ටික දවසක් ඕන නදීරා…”

    මා වෙතින් දෑස් මුදවා නොගෙනම ඔහු කියන විට මම බිමට නෙත් නැඹුරු කොට ගත්තේ සිතේ ඇති වූ ප්‍රීතියත් සමඟ මසිත පිම්මක් පනින විටය. ඕනෑම ගැහැණියක් පිරිමියෙකුගේ දෑස් ඉදිරියේ අතරමං වන බවක් මම අසා තිබුණෙමි. සමහරවිට මටද ඔහුගේ එම බැල්ම දරා ගැනීමට අපහාසු වූවා වන්නට ඇත.

    “හම්මේ….නදීරා…නදීරා…නදීරා…මොකක්ද බං උඹලා දෙන්නගේ මේ මල විකාරේ…? මගේ කන් දෙකත් රිදෙනවා…”

    බොරු අමනාපෙකින් නදීරා කෑ ගැසුවාය.

    “මේ බලනවාකෝ චිත්‍රේ ලස්සන…”

    මම පපුවට තුරුළු කොටගෙන සිටි පොත ඇයට පෑවේ ඈ කී දේ පිළිබඳව කිසිදු තැකීමක් නොකරමය.

    “අපෝ…මං දැක්කා…මහ ලොකු චිත්‍රේ… දැන් ඔය පොතේ මොකුත් ලියන්න එපා… ඔහෝමම අරන් ගිහින් අල්මාරියට දාලා ලොක් කරලා පරිස්සමෙන් තියා ගන්නවා… පුළුවන් නම් උදේ හවා දුම් ටිකකුත් අල්ලනවා…”

    ඈ උපහාසයෙන් එසේ කීවද මම එය දනටමත් තීරණය කොට තිබුණෙමි. නිවසට ගිය සැටියේම මා කරන්නේ අල්මාරියේ පොත තැන්පත් කිරීමය. ජීවිතයේ යම් කලෙක මෙම සිතුවම මගේ ජීවිතයට බලපෑමක් කරනු ඇතැයි කියා මේ මොහොතේ මම නිකමට හෝ නොසිතුවෙමි.

    “කිසිම දෙයක අගයක් නැති මොට්ටියක්…”

    “ඔව්…ඔව් මං මොට්ටි…එනවකෝ නදීරා…නදීරා…ගාගෙන.”

    ඈ මවාගත් කෝපයකින් මෙන් කෑ ගැසුවාය. අවීශ් ඉවතට ගියේ ඇගේ කොණ්ඩ කරලක් අදිමිනි.

    “ඌ…….යි…මෝ…ඩයා..”

    ඈ රිදුණාටත් වඩා කෑ ගැසුවේ බොරුවටය.

    තෙෂාරලා පන්තියට පැමිණියේ අප වෙත එල්ල කරගත් දෑස් වලිනි. මම ඈ දෙසම බලා සිටියද, ඈ හිස ගස්සා ඉවත බලා ගත්තේ මා නොරුස්නා මුසු බව මුහුණටම පෙන්වමිනි. මම ඇගේ එම ගතිගුණය ප්‍රිය කළෙමි. බොරුවට පෙන්වන හිතවත්කම් වලට වඩා එළිපිට පෙන්වන මෙවන් අහිතවත්කම වඩා අගනේය.
    මම සිනහවාක් පාමින් අසුන ඇද හිඳ ගතිමි.

    “ඔයා එක්ක පුදුම තරහවකින් ඉන්නවා ඇත්තේ…” නදීරා රහසින් කෙඳිරුවේ මා පසෙක හිඳ ගනිමිනි.

    “ඇයි අනේ මං මොනවා කළාටද…?”

    “ඇයි…? අයිස් ක්‍රීම් කැව්වා…ඇඟිල්ල කඩන්න ගියා…බිමට තල්ලු කළා…”

    මා මුවින් පිටවන්නට ගිය සිනහව වළකා ගත්තේ ආයාසයෙනි.

    -යළිත් ලබන සඳුදාට-

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page