More
    NovelsHima Mal RenuPini Muthu Palasa පිනි මුතු පලස - 35

    Pini Muthu Palasa පිනි මුතු පලස – 35

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    මට වුවමනා වුයේ තනිව සැඟවී හඬන්නටය. මිදුල දිගේ නිවස පිටුපසට ඇවිද ගිය මම කිසිවෙකුට නොපෙනෙන සේ සැඟව සිටීමට සුදුසු තැනක් ඇතිදැයි සෙවීමි. වත්ත පිටුපස කිසිවෙකු නැත. සියළු දෙනම සිටියේ නිවස ඉදිරි පසය. ඉඩම බොහෝ ඈතට විහිදුණු බවක් පෙනෙන්නට තිබූ අතර උස්ව නැගුණු තුරු ලතාවන්ගෙන් ගහන විය. මම සෙමෙන් සෙමෙන් ඇවිද ආවෙමි. උස්ව නැගුණු විසල් කොස් ගසක් යට තනා තිබූ පැරණි ළිඳක් මා දෑසට හසු වූයේ එවිටය. කලකට පෙර එය නිවැසියන් බීමට ජලය ලබා ගත් ළිඳක් වන්නට ඇතැයි මම සිතුවෙමි. නමුත් බොහෝ කලකින් එය භාවිතා නොකළ බවට සළකුනු පෙනෙන්නට තිබිණි. එවෙත පැමිණි මම ළිං බැම්ම මත හිඳගෙන සිත් සේ කඳුළු වලට ගලා යාමට හළෙමි. මා තව කොපමණ කාලයක් මේසා වේදනා විඳින්නදැයි සිතන විටත් මා සිත තව තවත් දුකින් පිරිණි. කිසිවෙකුගේ පිළිසරණක් සහනයක් නොලත් මා කෙතරම් අසරණ අනාථ පව්කාරියක්දැයි සිතන විට පවා මා සිතේ දුක වැඩි විය. බොහෝ වේලාවක් හැඬූ පසු මා සිතට යම් අස්වැසිල්ලක් දැනිණි. ළිඳට පිට දී සිටගෙන සිටි මම අනෙක් පසට හැරී ළිඳට එබී බැලීමි. එය බඹ හත අටක් පමණ ගැඹුරින් යුතු යැයි කියා මම අනුමාන කළෙමි. මීවන ශාකත් නොයෙකුත් පෙඳ පාසි වලිනුත් වැසී තිබූ බැවින් එහි ගැඹුර අනුමාන කළ නොහැකි විය. නිවස දෙසින් ඇසෙන සිහින් සංගීත රාවයත් ඉඳහිට නැඟෙන වන විහඟුන්ගේ ගී හඬිනුත් පරිසරයේ නිහඬ බව බිඳී ගියේය.

    “මේ හලෝ…ඔයා මොකද මෙතන කරන්නේ…ළිඳට පනින්න නෙවේනේ හදන්නේ…මට නම් බැහැ සාක්ෂි දෙන්න හොඳේ…”

    මා පසුපසින් ඇසුණු එම හඬින් මම තිගැස්සී ගියෙමි. කිසිවෙකු මෙහි පැමිණ ඇත. දෑසේ තවමත් නොවියළුණු කඳුළු නිසා මම එක්වරම ආපසු හැරී නොබැලුවෙමි. මා හඬන බවක් කිසිවෙකු දකිනවාට කැමැත්තක් මා තුළ නොවීය. ඔහුගේ කතාවට මා මුවට යාන්තම් හෝ සිනහවක් නොනැඟුණා යැයි කියා මම නොකියමි. මම ආපසු හැරුණේ වහා මෙතනින් පිටව යන්නටය. හිස නොඋස්සාම මම බිම බලාගත්වනම පියවර කීපයක් ඉදිරියට තැබුවෙමි. මා දැන් ඔහු සමීපයේය. මට යෑමට නම් ඔහු පසෙකට වී ඉඩ දිය යුතුය.

    “මංදාකිණි…”

    එම හඬින් මම තිගැස්සී ඔහු දෙස හිස ඔසවා බැලීමි. දෙවියනේ…! මා මේ දකින්නේ සිහිනයක්ද…? මට වැරදීමක් සිදුව නොමැත. මේ මා ඉදිරියේ සිටින්නේ රජිව්ය.

    “ර…ර…ජි…ව්…අයි…යේ…”

    “මංදාකිණි…”

    ඔහුත් මාත් එකිනෙකා දෙස මොහොතක් බලා සිටියේ අදහාගන්නට නොහැකිවාක් මෙනි.

    “ඔයා…මෙහේ…?”

    ඔහුගේ හඬේ වූයේ මවිතයකි. ඔහුට වඩා මම පුදුමයට පත්ව සිටියෙමි. ඔහුගේ හැඩ රුව පමණක් නොව කටහඬද වෙනස් වී ඇත. මා එම හඬ අසා දැන් කොපමණ කල්ද..? පෙර කෙටිව කපා තිබූ කොණ්ඩය දැන් ගෙල දක්වා වැවී ඇත. එය මුදු මුදු ලෙස කැරලි ගන්වා තිබුණේ ඔහුගේ මුහුණට අමුතු එළියක් එක් කරමිනි. කොණ්ඩය නිසාදෝ ඔහු කෙරෙන් දිස් වූයේ මනා කඩවසම් බවකි. බොහෝ කාලයකට පසුව ඔහු දුටු නිසාදෝ මා සිතේ අමුතු වූ හැඟීම් ගොන්නක් ඉපිදෙන්නට විය. සිත රිද්මයට ගැහුණේ අතීත මතකයන් විදුලියක් මෙන් සිත හරහා ඇදී ගිය නිසා වන්නට ඇත.

    “ඔයා මෙහෙ…?”

    ඔහු ඇසූ පැනයම මමද ඔහුගෙන් ඇසීමි.

    “මම…? මම බෑන්ඩ් එකත් එක්ක ආවේ සිංග් කරන්න…”

    ඒ ඇසූ මම තවත් පුදුම වීමි.

    “සිංග් කරන්න…එතකොට ඔයාද අර රූකාන්තගේ සිංදු කිව්වේ…?”

    ඒ හඬ කෙතරම් නම් මිහිරි වීද….! ඒ රජිව් බවක් මම ඒ මොහොතේ දැන නොසිටියෙමි.

    “ඔව්…මම තමා…ඒත්…මේ මොකද මේ මංදාකිණි…ඔයාගේ නළල තුවාල වුණේ කොහොමද…?”

    කලබල වූ හඬකින් ඔහු අසන විට මා සිත අලුත් වූ දුකකින් පිරී ගියේය. රජිව් දෑත දිගු කරගෙන මවෙත ඒමට පියවරක් ඉදිරියට තබන විට මම පියවරක් පිටුපසට තැබීමි. මුවින් නොපැවසූ යම් දෙයක්, නැත්නම් අප අතර පෙර නොවූ බාධකයක් ඇති බව ඇඟවූ බවක් එම ක්‍රියාව තුළ තිබෙන්නට ඇත. ඔහු පුදුමයට පත්ව මෙන් හිටි තැනම නතරව මා ඇමතුවේය.

    “මට පොඩ්ඩක් බලන්න දෙන්න…මංදාකිණි..කොහොමද ඔයාව තුවාල වුණේ…?”

    මම කිසිත් කීමටත් පෙර මා වෙත ළංවූ ඔහු සිය දෝතට මගේ මුහුණ මැදි කරගෙන මා මුහුණට එබෙන විට මා ගතම සීතලව හිරි වැටී ගියේ දෑස් කඳුළින් බොඳ කරමිනි.

    “අ…නේ…රා…ජි…ව්…අයි..යේ….කවුරු…හරි දකියි…”

    වෙව්ළන හඬින් මම කීවෙමි.

    “නැහැ…මංදාකිණි…බය වෙන්න එපා…කවුරුවත් එන්නේ නැහැ…හැමෝම පාර්ටි එකේ සිහියෙන් ඉන්නේ…”

    ඔහු මගේ කෙස් රොද පිටුපසට කරමින් නළලතේ වූ තුවාලය පිරික්සන්නට විය.

    “මොනවා වෙලාද තුවාල වුණේ…?”

    ඔහු යළිත් මා විමසුවේය. එම හඬේ පෙර වූ ආදරය තවමත් පිරී ඇතැයි කියා මට සිතිණි.

    “ළිඳ ගාව…ලිස්සලා වැටුණා…”

    ගොත ගසමින් මම කීවෙමි. ඔහු දිගු හුස්මක් ගත් අතර මා කියූ දේ විශ්වාස නොකරන බව ඒ බැල්මේ විණැයි කියා මට සිතිණි. ඔහුගේ සුසුම් මගේ මුහුණටම වැදෙන විට මට සිහි වූයේ අප ආදරයෙන් සිටි කාලයයි. එය ඉතා කෙටි කාලයක් වුවත් කෙතරම් සුන්දර වීද….! මගේ කෙස් අතරින් ඇඟිලි තුඩු දුවවමින් ඔහු මා හිස මෘදුවට පිරිමදින විට මා දෙනෙත් පිය වී ගියේ ඉබේමය. එම මුදු පහස මා හිසටත් වඩා දැනුණේ සිතටය. සිත පතුළේ නිදා හුන් මා ආදරයේ හැඟුමන් යළිත් පිබිදී එන බවක් මට දැනිණි. හදිසියේ ඔහුගේ දෙතොල් වල උණුසුම මා නළලතට දැනෙන විට මම තිගැස්සී දෙනෙත් විවර කළෙමි.

    “ර…ජි…ව්…අයි…යේ…”

    “මට එහෙම නොකර බැරි වුණා…මංදාකිණි…ඔයා පව්…මං දන්නවා…ඔයා කියන්නේ බොරු…ඇයි මෙහෙම වුණේ…?”

    මා දෙවුරෙන් අල්ලා ගත් ඔහු විමසන විට දෑසට එක් රොක් වන කඳුළු නවතා ගන්නට හැකියාවක් මට නොවීය.

    “මාව අතාරින්න රජිව් අයියේ…කවුරු හරි දැක්කොත් ඔයාට හොඳ නැහැ…”

    තව මොහොතක් හෝ ඒ උණුසුම තුළ රැඳී ඉන්නට මට වුවමනා වුවද මම ඊට බිය වූයෙමි. ඔහුගෙන් මිදෙන්නට මා දැරූ වෑයම සාර්ථක නොවීය. එවිට ඔහු කළේ සිය ග්‍රහණය දැඩි කිරීමය. ඒ හිතුවක්කාරකම් තවමත් වෙනසක් නැත. මා දෙපා මුලින් පටන් ගත් හිරියක් ගත පුරා දිව යනු දනෙන විට මා දෙපා පවා වෙව්ළන සෙයකි.

    “ඇයි මේ බයේ…මට බයද ඔයා…? කොච්වර කාලෙකට පස්සෙද අපි මුණ ගැහුණේ…මට ඕන ඔයා එක්ක ටිකක් කතා කරන්න මංදාකිණි…”

    සුසුමක් මා මුවින් ගිළිහිණි.

    “අනේ…දැන් කතා කරලා වැඩක් නැහැ රජිව් අයියේ…”

    “ඇයි නැත්තේ මංදාකිණි…මං තවමත් ඔයාට ආදරෙයි…”

    දෙවියනේ! මේ මට ඇසෙන්නේ කුමක්ද…? මා පපුව සිරවූ සෙයකි. මම ඔහුගෙන් මෙවැන්නක් අසන්නට බලා සිටියාද කියා මම නොදන්නා මුත් එම වදනින් මා සිත සුවපත් වූ බවක් නම් මට දැනිණි. සිත අලුතින් ගැහෙන්නට වන විට මම දැස් හයා ඔහු දෙස බලා සිටියේ මාද තවමත් ඔහුට ආදරය කරන බව කෑ ගසා කියා ගන්නට නොහැකියාවෙනි.

    “ඒ…ඒ…ත් රජිව් අයියේ…”

    වෙන යමක් කීමට මට හැකියාවක් නොවීය. ඔහු සිය දෑතින් මා මුව වැසීය.

    “මට ඔයාව අමතක කරන්න බැරි වුණා…ඔයාට ආදරේ කරන එක නවත්තගන්නත් බැරි වුණා…”

    මා හද රිදිණි. ඔහු යළි යළිත් මේවා කියන්නේ මන්ද…? ආදරයක් දැන් කුමකටද…?

    “මං දැන් බැඳපු ගෑණියක් රජිව් අයියේ…”

    කඳුළු නොනවත්වා ගලා යන විට ඒවා පිස දැමුණේ ඔහුගේ ඇඟිලි තුඩු වලිනි.

    “අඬන්න එපා මංදාකිණි…ඔයා දුක් විඳිනවා කියලා මට පේනවා…මට ඒක දැනෙනවා…”

    තව දුරටත් මට දරා සිටිය නොහැකිය. මෙතෙක් දිනක් සිත තුළ කැකෑරෙමින් තිබූ දුක වේදනාව ඔහු ඉදිරියේ දිය කර මහ හඬින් හඬන්නට මට වුවමනා විය.

    “මට දැන් මැරෙන්නයි ඕන රජිව් අයියේ…”

    ඉකියකින් උගුර සිරවෙන විට මම ඔහුගේ ළය මඬලේ හිස හොවාගෙන ඉකි බිඳිමින් හැඬුවෙමි. ඔහු සෙනෙහසින් මා හිස සිඹින විට මහා වූ උණුසුමක් දැනුණේ මා සිතටය.

    “මං ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ මංදාකිණි…මැරුණා කියලා ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැ…මට ඕන ඔයා ජීවත් වෙනවා බලන්නයි…මෙහෙම දුක් විඳ විඳ නෙවේ…සතුටින් හිනා වෙලා…”

    සතුටින් සිනහසුණ දවසක් මට මතක නැත. අවසන් වරට මා සිනාසුණේ පාසලේ පන්ති කාමරයේදීය.

    “ආයේ කවදාවත් මගේ ජීවිතේට හිනාවක් එන එකක් නැහැ රජිව් අයියේ…”

    මම ඔහුගේ තුරුළෙන් මෑත් වූයේ මහා ලෝභ කමකිනි. ඒ සුළු මොහොතට පවා මට දැනුණේ මහා වූ උණුසුමක් ආරක්ෂිත බවක් මෙන්ම දැඩි සෙනෙහසකි. ගැහැණියක් පිරිමියෙකුගෙන් පතන්නේ මෙවැන්නක් නොවේද…? නමුත් මට අහිමි වූයේත් එයමය. විවාහක ගැහැණියක කිසිම දිනක තම පෞද්ගලික ගැටළු පිටස්තර පිරිමියෙකු හා පැවසීම නොකළ යුතුය. මා රජිව් හා මෙතරම් ළං වුයේ ඔහු මට පිටස්තරයෙකු නොවූ නිසා මෙන්ම ඔහු අවස්ථාවාදී පිරිමියෙකු නොවන බවද හොඳාකාරවම දැන සිටි නිසාය.

    “මං ඔයාගේ මූණට ආපහු ඒ හිනාව අරන් එනවා මංදාකිණි…”

    පොරොන්දුවක විලසින් පැවසූ ඔහු මගේ මුහුණ යළිත් සිය දෝතට ගෙන නැවත වරක් නළලත සිප ගත්තේය.

    “ම…ම යන්න ඕන…මාව හොයනවා ඇති…”

    හදිසියේ සිහි වී මම කලබලයෙන් පැවසුව මුත් ඒ හාම මට සිහි වූයේ මා ගැන සෙවීමට එහි කිසිවෙකු නොමැති බවය. මා සිටියත් නැතත් ඔවුන් කිසිවෙකුට ඇති වැඩක් නැත. රජිව් අසළින් මෑත්ව මම සාරි පොටින් මුහුණ පිස ගතිමි.

    “ඔයා කොහෙද ඉන්නේ මංදාකිණි…? මම එන්නම් ඔයාව බලන්න…”

    මම තිගැස්සී ගියෙමි. ඔහු මා සොයා පැමිණියහොත් පූජිත මාවත් මරා ඔහුවත් මරා දමනු ඇත.

    “අක්කේ…මංදාකිණි අක්කේ…”

    ඔහු ඇසූ දෙයට මට පිළිතුරක් දීමට අවස්ථාවක් නොවීය. නිරෝෂා මා අමතන හඬ ඇසී මම තිගැස්සී ගියෙමි.

    “මාව හොයනවා…මං යනකල් ඔයා මෙතනම ඉන්න…එළියට එන්න එපා… හොඳද…?”

    ඔහු එයට එකඟව හිස සැළීය. බියෙන් ගැහෙන සිතින් මම වහා වහා නිරෝෂා මෙදෙසට ඒමට පෙර දිව ගියෙමි.

    “අක්කේ…ඔයා කොහෙද හිටියේ…අපි හැමතැනම හෙව්වා…”

    ඈ මගේ අතින් අල්ලා ගනිමින් මගේ මුහුණ දෙස විපරමින් බැලුවාය.

    “මට ටිකක් තනියම ඉන්න ඕන වුණා නංගී…”

    “ඔයා ඇඬුවා නේද අක්කේ…? මාත් එන්න හැදුවේ…ඔයා එක්ක…කොහෙද ඉතින්…බීම අල්ලන්න ඇදන් ගියානේ…”

    ඈ එසේ නොපැමිණීම කෙතරම් හොඳද කියා මම නොපැවසුවෙමි.

    “මං තව කොච්චර කල් ඉවසන්නද නිරෝෂා…?”

    යළිත් හැඬුම් එන විට මම කීවෙමි.නිරෝෂා මගේ සුරත දැඩිව අල්ලා ගත්තාය.

    “දැනට ඔය ගැන නොහිතා ඉමු අක්කේ…”

    ඈ කියන විට මම සුසුමක් හෙළීමි.

    -10 වෙනි සඳුදා නැවත හමුවෙමු-

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 08

    රත් දෝතළු - 08 පන්සල් භූමිය පුරාම වූයේ සිත නිවී යන නිස්කලංක බවකි. පසුගිය දිනවල එක දිගට යෙදුණු නොයෙකුත් කටයුතු...

    ගුරුවරුන්ගෙ ළමයි තමා නරකම

    ගුරුවරුන්ගෙ ළමයි තමා නරකම - Bad Girl පුංචි කාලෙ ඉඳලම ගෙදර අය, ගුරුවරු අපිට හොඳ ළමයෙක් වෙන විදිහ කියලා දෙනව....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page