More
    spot_img
    NewsSpain සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 13 දෙනෙකු මරුට

    Spain සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 13 දෙනෙකු මරුට

    -

    spot_img

    Spain – ස්පාඤ්ඤයේ Murcia හි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. La Fonda ලෙසින් හඳුන්වනු ලබන Fonda Milagros රාත්‍රී සමාජ ශාලාව තුළ මෙම ගින්න හටගෙන ඇත්තේ, ඊයේ [1 වෙනි ඉරිදා] අළුයම 4-6 ත් අතර බව කියවේ. පසුව එය සිඝ්‍රයෙන් යාබද සමාජශාලා සහ නර්තන වේදිකා මතට පැතිරගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

    Spain

    පැය 15 කට ආසන්න කාලයක් ගත වුවද, ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති නමුත් මර්සියා නගරාධිපති Jose Ballesta මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ ගින්න සමාජ ශාලාවේ පළමු මහලේ ඇති වූ බවයි. සමාජ ශාලාවේ වහලය කඩා වැටීම හේතුවෙන් විපතට පත්වූවන් බේරාගැනීම මෙන්ම සිදුවීමට හේතුව සොයා ගැනීම අභියෝගාත්මක බවයි, එරට ජාතික පොලිස් සේවයෙහි ප්‍රකාශකයෙකු වන Diego Seral පවසා තිබුණේ. මියගිය අය අතර සමාජශාලාවේ උපන්දිනයක් සමරමින් සිටි පවුලේ සාමාජිකයින් පිරිසක්ද සිටි බවට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබු අතර, La Verdad de Murcia පුවත්පතට අනුව, 28 හැවිරිදි කාන්තාවක් ගින්න ආරම්භ අවස්ථාවේ ඇගේ මවට “අම්මි, මම ඔයාට ආදරෙයි, ඒත් අපි මැරෙන්න යන්නේ” යනුවෙන් හඬපටයක් යවා ඇති බව සඳහන්.

    Spain

    දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව විශ්වාස කෙරෙනවා. මෙලෙසම 1990 දී Zaragoza නම් ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් තිබු අතර මෙය වසර 30කට පසු එරට රාත්‍රී සමාජශාලාවක ඇති වූ දරුණුතම ගින්න ලෙසයි සැළකෙන්නේ.

    -BBC News ඇසුරෙනි- by Antoinette Radford and Guy Hedgecoe.

    Photo Credits: www.bbcnews.com

    Latest news

    Youth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

    Youth Clubs - ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට...

    Security beefed up ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

    Security beefed up - ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන...

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...
    - Advertisement -spot_img

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page