NewsSpain සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 13 දෙනෙකු මරුට

Spain සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 13 දෙනෙකු මරුට

-

spot_img

Spain – ස්පාඤ්ඤයේ Murcia හි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. La Fonda ලෙසින් හඳුන්වනු ලබන Fonda Milagros රාත්‍රී සමාජ ශාලාව තුළ මෙම ගින්න හටගෙන ඇත්තේ, ඊයේ [1 වෙනි ඉරිදා] අළුයම 4-6 ත් අතර බව කියවේ. පසුව එය සිඝ්‍රයෙන් යාබද සමාජශාලා සහ නර්තන වේදිකා මතට පැතිරගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

Spain

පැය 15 කට ආසන්න කාලයක් ගත වුවද, ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති නමුත් මර්සියා නගරාධිපති Jose Ballesta මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ ගින්න සමාජ ශාලාවේ පළමු මහලේ ඇති වූ බවයි. සමාජ ශාලාවේ වහලය කඩා වැටීම හේතුවෙන් විපතට පත්වූවන් බේරාගැනීම මෙන්ම සිදුවීමට හේතුව සොයා ගැනීම අභියෝගාත්මක බවයි, එරට ජාතික පොලිස් සේවයෙහි ප්‍රකාශකයෙකු වන Diego Seral පවසා තිබුණේ. මියගිය අය අතර සමාජශාලාවේ උපන්දිනයක් සමරමින් සිටි පවුලේ සාමාජිකයින් පිරිසක්ද සිටි බවට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබු අතර, La Verdad de Murcia පුවත්පතට අනුව, 28 හැවිරිදි කාන්තාවක් ගින්න ආරම්භ අවස්ථාවේ ඇගේ මවට “අම්මි, මම ඔයාට ආදරෙයි, ඒත් අපි මැරෙන්න යන්නේ” යනුවෙන් හඬපටයක් යවා ඇති බව සඳහන්.

Spain

දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව විශ්වාස කෙරෙනවා. මෙලෙසම 1990 දී Zaragoza නම් ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් තිබු අතර මෙය වසර 30කට පසු එරට රාත්‍රී සමාජශාලාවක ඇති වූ දරුණුතම ගින්න ලෙසයි සැළකෙන්නේ.

-BBC News ඇසුරෙනි- by Antoinette Radford and Guy Hedgecoe.

Photo Credits: www.bbcnews.com

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you