NewsGoogle Account මකන ක්‍රමය තේරෙන සිංහලෙන්!

Google Account මකන ක්‍රමය තේරෙන සිංහලෙන්!

-

spot_img

Google Account වසර දෙකක කාලයක් කිසිඳු භාවිතා කිරීමක් සිදු නොකොට පුර්ණ ලෙස අක්‍රියව පවතින Google ගිණුම් මකා දැමීමට එම සමාගම තීරණය කොට තිබේ. අද [අගෝස්තු 19] විද්‍යුත් තැපෑල හරහා සිය සේවා දායකයින් වෙත පණිවිඩයක් යොමු කරන එම සමාගම සඳහන් කරන්නේ මෙම තීරණය 2023 දෙසැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක බවයි.

එය සිදුවන ආකාරය:

ඔබගේ ගිණුම වසර දෙකක් තිස්සේ කිසිඳු ආකාරයක Google සේවාවක් සඳහා භාවිතා නොකොට පුර්ණ වශයෙන් එය අක්‍රියව පැවතියේනම් පමණක් මිස ඔබ මෙම අවධානමට මුහුණ දෙන්නේ නැත. එසේ අක්‍රියව ඇත්නම් එම ගිණුම් මකා දැමීමට Google සමාගමට බලය ඇති අතර එය ආරම්භ කිරීමේ පළමු දිනය ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ දෙසැම්බර් මස පලවෙනිදාය. තවද, එම ගිණුම් මකා දැමීමට පෙර ඔබ එම ගිණුම් සැකසීමේදී සමාගමට ලබාදී ඇති Recovery Email එකට සහ ඔබගේ පෞද්ගලික ඊ මේල් ලිපිනයට ඒ පිළිබඳව මතක් කිරීම් කිහිපයක් ලැබෙනු ඇත. එය අවම වශයෙන් ඔබගේ ගිණුම මකා දැමීමට මාස අටකට පමණ පෙරවත් සිදුකරන බව Google සමාගම පවසයි. යම් හෙයකින් ඔබගේ ගිණුම එම සමාගම විසින් මකා දැමීමක් සිදුකළහොත් ඔබට නව ගිණුමක් සකසා ගැනීම සඳහා අවස්ථාව තිබෙන අතර ඒ සඳහා කිසිසේත්ම මකා දැමූ ගිණුම සඳහා භාවිතා කළ Gmail ලිපිනය නැවත භාවිතා කළ නොහැක.

ඔබගේ ගිණුම මකා දැමීම වළක්වා ගන්නා ආකාරය:

ගිණුමක් සක්‍රීයව තබා ගැනීමට ඇති සරලම ක්‍රමය නම් අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ගිණුමට ඇතුල් වී එය භාවිතා කර තිබීමයි. පසුගිය වසර දෙක තුළ ඔබගේ Google ගිණුමට ඇතුල්වී එය භාවිත කර ඇත්නම්, ඔබගේ ගිණුම සක්‍රිය ලෙස සළකනු ලබන අතර මකා නොදමනු ඇත. එලෙසම ගිණුම සක්‍රියව තබා ගැනීමට පහත සඳහන් ක්‍රම අනුගමනය කර තිබීමද අදාළ වේ.

-ඊමේල් කියවීම හෝ යැවීම

-Google Drive භාවිතා කරමින්
YouTube වීඩියෝ නැරඹීම.

-ඡායාරූප බෙදා ගැනීම
App බාගත කිරීම.

-Google සෙවුම් භාවිත කිරීම.

-තුන්වන පාර්ශවීය App හෝ සේවාවන් සඳහා සම්බන්ධ වීමට Google ගිණුම භාවිතා කිරීම.

මිට පරිබාහිරව YouTube නාලිකා සහ Google Play තුළ App වැනි දේ ඇති විශේෂ Google Account වෙනුවෙන් අතිරේක උපදෙස් මාලාවක් සකසා ඇති හෙයින් වැඩි විස්තර සඳහා පහත යොමුවලට පිවිසීමෙන් ඔබට වැඩි විස්තර දැනගත හැකිය.

Inactive Google Account Policy
How Google retains data we collect
Updating our inactive account policies

-Google Account inactivity policy ඇසුරෙනි-

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you