More
    spot_img
    NewsGoogle Account මකන ක්‍රමය තේරෙන සිංහලෙන්!

    Google Account මකන ක්‍රමය තේරෙන සිංහලෙන්!

    -

    spot_img

    Google Account වසර දෙකක කාලයක් කිසිඳු භාවිතා කිරීමක් සිදු නොකොට පුර්ණ ලෙස අක්‍රියව පවතින Google ගිණුම් මකා දැමීමට එම සමාගම තීරණය කොට තිබේ. අද [අගෝස්තු 19] විද්‍යුත් තැපෑල හරහා සිය සේවා දායකයින් වෙත පණිවිඩයක් යොමු කරන එම සමාගම සඳහන් කරන්නේ මෙම තීරණය 2023 දෙසැම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක බවයි.

    එය සිදුවන ආකාරය:

    ඔබගේ ගිණුම වසර දෙකක් තිස්සේ කිසිඳු ආකාරයක Google සේවාවක් සඳහා භාවිතා නොකොට පුර්ණ වශයෙන් එය අක්‍රියව පැවතියේනම් පමණක් මිස ඔබ මෙම අවධානමට මුහුණ දෙන්නේ නැත. එසේ අක්‍රියව ඇත්නම් එම ගිණුම් මකා දැමීමට Google සමාගමට බලය ඇති අතර එය ආරම්භ කිරීමේ පළමු දිනය ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ දෙසැම්බර් මස පලවෙනිදාය. තවද, එම ගිණුම් මකා දැමීමට පෙර ඔබ එම ගිණුම් සැකසීමේදී සමාගමට ලබාදී ඇති Recovery Email එකට සහ ඔබගේ පෞද්ගලික ඊ මේල් ලිපිනයට ඒ පිළිබඳව මතක් කිරීම් කිහිපයක් ලැබෙනු ඇත. එය අවම වශයෙන් ඔබගේ ගිණුම මකා දැමීමට මාස අටකට පමණ පෙරවත් සිදුකරන බව Google සමාගම පවසයි. යම් හෙයකින් ඔබගේ ගිණුම එම සමාගම විසින් මකා දැමීමක් සිදුකළහොත් ඔබට නව ගිණුමක් සකසා ගැනීම සඳහා අවස්ථාව තිබෙන අතර ඒ සඳහා කිසිසේත්ම මකා දැමූ ගිණුම සඳහා භාවිතා කළ Gmail ලිපිනය නැවත භාවිතා කළ නොහැක.

    ඔබගේ ගිණුම මකා දැමීම වළක්වා ගන්නා ආකාරය:

    ගිණුමක් සක්‍රීයව තබා ගැනීමට ඇති සරලම ක්‍රමය නම් අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ගිණුමට ඇතුල් වී එය භාවිතා කර තිබීමයි. පසුගිය වසර දෙක තුළ ඔබගේ Google ගිණුමට ඇතුල්වී එය භාවිත කර ඇත්නම්, ඔබගේ ගිණුම සක්‍රිය ලෙස සළකනු ලබන අතර මකා නොදමනු ඇත. එලෙසම ගිණුම සක්‍රියව තබා ගැනීමට පහත සඳහන් ක්‍රම අනුගමනය කර තිබීමද අදාළ වේ.

    -ඊමේල් කියවීම හෝ යැවීම

    -Google Drive භාවිතා කරමින්
    YouTube වීඩියෝ නැරඹීම.

    -ඡායාරූප බෙදා ගැනීම
    App බාගත කිරීම.

    -Google සෙවුම් භාවිත කිරීම.

    -තුන්වන පාර්ශවීය App හෝ සේවාවන් සඳහා සම්බන්ධ වීමට Google ගිණුම භාවිතා කිරීම.

    මිට පරිබාහිරව YouTube නාලිකා සහ Google Play තුළ App වැනි දේ ඇති විශේෂ Google Account වෙනුවෙන් අතිරේක උපදෙස් මාලාවක් සකසා ඇති හෙයින් වැඩි විස්තර සඳහා පහත යොමුවලට පිවිසීමෙන් ඔබට වැඩි විස්තර දැනගත හැකිය.

    Inactive Google Account Policy
    How Google retains data we collect
    Updating our inactive account policies

    -Google Account inactivity policy ඇසුරෙනි-

    Latest news

    Security beefed up ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

    Security beefed up - ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන...

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...
    - Advertisement -spot_img

    Zainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ කතාව

    Zainab Jama නම් සෝමාලියානු රූ රැජින ඉන්දියාවේ තෙලන්ගනා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ Head-to-Head Competition අදියරේදී...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page