NewsHigh Temperature දකුණු ආසියාවේ දරුවන් අධික උෂ්ණත්වයෙන් පීඩා විඳිති

High Temperature දකුණු ආසියාවේ දරුවන් අධික උෂ්ණත්වයෙන් පීඩා විඳිති

-

spot_img

High Temperature – එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියට අනුව දේශගුණික අර්බුදය හේතුවෙන් ජීවිතයට තර්ජනයක් වන තාප තරංග වඩාත් ශක්තිමත් හා නිතර නිතර වැඩි වන බැවින් දකුණු ආසියාවේ ළමුන් බිලියන භාගයකට ආසන්න සංඛ්‍යාවක් අධික උෂ්ණත්වයට නිරාවරණය වීම සිදුවන බව හෙළිවී තිබෙයි. ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් යුනිසෙෆ් ආයතනය පවසා තිබුණේ 2020 දත්ත විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු රටවල ළමුන් මිලියන 460 ක් වසරකට දින 83 ක් හෝ ඊට වැඩිකාලයක් සෙල්සියස් අංශක 35 (ෆැරන්හයිට් 95) ඉක්මවන උෂ්ණත්වයට නිරාවරණය වී ඇති බවයි. වයස අවුරුදු 18 ට අඩු අය සඳහා වඩාත්ම පීඩාවට පත් කලාපය ආසියා බවයි විශ්ලේෂණයෙන් පෙන්නුම් කර තිබිණි. දකුණු ආසියාවේ ළමුන්ගෙන් 76% ක් අධික උෂ්ණත්වයට නිරාවරණය වී ඇති අතර ගෝලීය වශයෙන් එය 32% ක් බව යුනිසෙෆ් පවසයි.

High Temperature

“දකුණු ආසියානු කලාපයේ රටවල් මේ වන විට ලෝකයේ උණුසුම්ම රටවල් නොවේ, නමුත් මෙහි තාපය මිලියන ගණනක දරුවන්ගේ ජීවිත අවධානම පිළිබඳව තර්ජනාත්මකයි. විශේෂයෙන් ළදරුවන්, කුඩා දරුවන්, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ගර්භනී කාන්තාවන් ගැන සැලකිලිමත් විය යුතු වන්නේ ඔවුන් අධික තාපයට නිරාවරණය වීමෙන් බරපතල තත්වයන්ට ගොදුරු විය හැකි බැවිනි ” යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජය විජේසේකර මහතා එසේ පැවසීය. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ජුනි මාසයේදී සෙල්සියස් අංශක 47 (ෆැරන්හයිට් 116) දක්වා ඉහළ ගොස් ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකුවත් මිය ගොස් ඇති අතර තාපය ආශ්‍රිත රෝගවලින් සිය ගණනක් පිඩා විඳිමින් සිටින බව වාර්තා වෙයි.

-CNN ඇසුරෙනි-

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you