NovelsSadewtharaSadewthara - 01 සදෙව්තාරා

Sadewthara – 01 සදෙව්තාරා

-

spot_img

උස්ව නැගුණු විශාල ෆයිනස් ගස් සමූහයක් සහිත හුදෙකලා කන්දකි. ඒ කන්ද වටකොට තැනින්,තැන බෑවුම් අතර රටාවකට වැවී ඇති තේ වතුය. පිළිවෙලින් කප්පාදු කරන ලද තේ යාය අතරින් පතර වවා ඇති ගිණිසීරියා පඳුරු හිමිදිරියේ පින්නට තෙතබරියං වී වෙව්ලන්නා සේ එකවරම හමා එන සුළඟකට ගැස්සී යයි. හුදෙකලා කන්දේ කපා දැමූ කොටයක් උඩ ඈත තේ වතු යායට මුහුණලා තරුණයෙකු හිඳ සිටී. ඔහු හිසද සම්පූර්ණයෙන්ම වැසෙන සේ ජර්සියකින් සැරසී සිටී. ගිටාරය වයමින් ගීතයක් ගයන ඔහුගේ මුවින් ශීත රටක වෙසෙන්නෙකු කතා කරද්දි මෙන් මීදුම් දුමාරයක් පිට වේ.

“පාන් පැලක් හීන් එළිය බෙදන සේ රැයේ
යාන්තමට ලැගුම් සොයයි හිතේ ආදරේ
වාන් දොරින් සේන්දු වන දියක් විලාසේ
හීන වලට පාර කියයි නුඹේ ආදරේ……”

ෆයිනස් සහිත හුදෙකලා කන්ද පාමුල ඇත්තේ පැරණි සංචාරක බංගලාවකි. ඒ වටා විවිධ වර්ගයේ වෛවර්ණ රෝස පඳුරු රාශියකි. එකී රෝස පඳුරු අතරින් තරුණියක් කන්ද මුදුනට ඇවිද එනු පෙනෙයි. ඈ සිටින්නේ සිය දෑත් කිටි,කිටියේ පපුවට වෙලාගෙනය. ඈ ඇගේ කෙටි කොණ්ඩය විටින් විට ගස්සා සීතල පාලනය කරගනිමින් කන්ද නඟිමින් සිටින්නීය. ඇයට ඈතින් තරුණයාගේ ගැයුම ඇසේ.

“ඇසිල්ලක් නෙතු කොනේ රැඳිලා
සිතුවමක් මැකුණා වගේ
උණුහුමක් හදවතේ රැඳුණා
ඇවිලිලා නුඹෙ ආදරේ…….”

ඒ ගී හඬට කන් දෙමින්ම තරුණිය ෆයිනස් ගස් අතරින් තරුණයා සිටින දිශාවට පා නඟන්නීය. වියලී බිමට පතිත වී ගොඩ ගැසී ඇති ෆයිනස් පත්‍ර කූරූ උඩින් ගමන් ගන්නා ඇය විටෙක ගැස්සී උඩ පනින්නීය.
තවත් විටෙක නැවතී පාවහන් යුගලක්වත් නොමැති ඇගේ දෙපාවල ඇඟිලි කරු පරීක්ෂා කර නැවත ගමන් අරඹන්නීය. දැන් ඈ ඇත්තේ තරුණයාට බොහෝ සමීපවය. එහෙත් ඔහු අවට ලෝකය ගැන නිනව් ඇත්තෙකු නොවේ. ගිටාරය සහ ගීතය සමඟ ඔහුගේම ලෝකයක දැහැන්ගත වී ගයන්නේය.

“නිමිත්තක් පෙරමඟට වැඩලා
ඇබිත්තක් රැඳුණා වගේ
පුරුද්දක් පෙර සසර භවයේ
දැනෙනවා නුඹෙ ආදරේ………”

Sadewthara Model 01
“නිම්නා…..”

“අනේහ්ං…. සදෙව්….”

ඒ කෑගැසීම ඇසෙන්නේ ගී ගයමින් සිටි තරුණයාගේ පිටුපසිනි. හැරී බලන තරුණයාට පෙනෙන්නේ දෑත් ගසමින් උදව් ඉල්ලන තරුණියයි.

“නිම්නා…..”

කියාගෙන හිඳ සිටි ෆයිනස් කොටයෙන් නැඟී සිටින තරුණයා, ගිටාරයද ගෙන වහා තරුණිය අසළට පැමිණෙයි. තරුණිය සිය දෙපා පෙන්වමින් බියෙන්, දෑත් ගසමින් නොනවත්තාම කෑ ගසන්නීය. තරුණයා සිනහමුසුව ඇගේ දෙපා අසලට පහත්වී එහි එල්ලී සිටින කූඩැල්ලා ගලවා වීසිකරයි.

“ඊයාහ්ං අනේඒඒ….”

තරුණිය දෙවුර හකුළුවමින් පිළිකුල හඟවයි.

“ඇයි…”

සදෙව් එසේ අසන්නේ නිම්නාගෙනි.

“අප්පිරියයි අනේ මට ඕකුන්ව…”

“මේ අහිංසක සත්තු අනේ… නයි,පොළොං විස නෑ උන්ගෙ…”

නිම්නා බලා හිඳින්නේ සදෙව්ගේ මුහුණ දෙසය. ඔහුගේ මුහුණ කුඩා දරුවෙකුගේ සුරතල් පෙනුමක් ගෙන ඇතැයි ඇයට සිතෙන්නීය. ජර්සියෙන් කන් පවා වසා ගෙන මුහුණ පමණක් පෙනෙන ඔහුව දැක ඇගේ මුවඟට සිනහවක් නැඟී ආවාය.

“ඒ ගමන හිනා..”

“පිනි නාගෙන සින්දු කියනකොට ඔයා හිම වළහෙක් වගේ අනේ…”

“ඔව් මං වළහෙක් තමා පහුරු ගානවා ග්‍..ර්‍ර්…..”

සදෙව් එසේ කියා දෑත් විදාගෙන නිම්නාගේ මුහුණට ගෙරවූයේය.
ඇය ඔහුව තල්ලු කර දැම්මාය.

“ඒ සිංදුව මාරම ලස්සනයි සදෙව් ”

“ඒක ටෙලිනාට්‍යයක සිංදුවක්..”

” වාව්.. එහෙමද… මං කලින් අහලා නෑනේ”

“කාලෙකට කලින් ජාතික රූපවාහිනියේ “ඉසිර භවය” කියලා ඩ්‍රාමා එකක් ගියා.. උරේෂයි, නාමලුයි කියන්නෙ ඩුවට් එකක්… ”

“නාමල් උඩුගම..”

“ඔව්, එයාගේ පළවෙනි ටෙලිඩ්‍රාමා තීම් සෝන්ග් එක මං හිතන්නෙ.. මියුසික් රෝහණ ධර්මකීර්ති…. ලියපු කෙනා දැන්ම කියන්නෑ… ඒක රහසක්…”

“ලිරික්ස් ඔයාගෙද….”

“රහසක් කීවනෙ ඉතිං…”

“පරෙස්සම් කරලා තියාගන්න ඔයාගේ රහස් මං යනවා..”

නිම්නා යන්නට හැරුණාය.

“මේහ්ං…”

සදෙව්ගේ හඬට නිම්නා නැවත හැරී බැලුවේ තොල් නොපිට පෙරලා බොරු අමනාපයෙනි. තමා හැඳ සිටි ජර්සිය ගලවමින් පැමිණි සදෙව් එය නිම්නාට දක්වමින් සිටියේය.

“මේක ඇඳගන්න… පින්නෙ ඇවිදලා ලෙඩ වුණොත්.. අපේ ට්‍රිප් එකෙන් වැඩක් වෙන නෑ…”

“අන්දන්න..”

නිම්නා දෑත් දෙපසට විහිඳුවාගෙන කීයේ සදෙව්ටය.

“අත්දෙක දිගෑරපු විදිහට හිතුවෙ මාව වඩාගන්න හදනවා කියලා…”

“බබෙක් වගේ තමයි ඔයා.. කෙල්ලො ආස වෙයි වඩාගෙන ඉන්න…”

නිම්නා කීයේ තමන්ට ජර්සිය අන්දන සදෙව්ගේ ගෙල මුලට ගැට ගැසූ කුඩා කොණ්ඩ කරලෙන් අදිමිනි.

“කෙල්ලො වඩාගන්න ගියොත් බබා හම්බවෙයි තමා..”

ජර්සිය නිම්නාට අන්දවා, දෙකන් වැසෙන තෙක් එහි හිස් ආවරණය සකසමින් සදෙව් කීයේය. නිම්නා බලා උන්නේම ඒ හුරතල් මුහුණේ හැඩතල මාරු වෙන අයුරුය.

“ආස ඇති බබ්බු හදන්න..මෝඩයා..”

Sadewthara
ආස ඇති බබ්බු හදන්න..මෝඩයා..

කියා සදෙව්ගේ බඩට පාරක් ගැසූ නිම්නා ජර්සියේ සාක්කු දෙකට අත දමාගෙන උඩ පනිමින් ෆයිනස් ගස් අතරින් බංගලාව දෙසට ඇවිද යන අයුරු සදෙව් බලා සිටියේ සිනාසෙමිනි.

පැරණි පන්නයේ ගෘහ භාණ්ඩ සහිත කුඩා හෝටල් කාමරයකි. එහි දෙපස ඇඳන් දෙකකි. එක් ඇඳක පොරෝනයකට ගුලිවී නිදන්නී තාරා මුදලිනායකය. අනෙක් ඇඳ හිස්ව තිබේ. එහි පොරෝනය ගුලිවී ඇඳ මතය. ලැප්ටොප් එකද ඇඳ මත දිග හැරි ගමන් ය. හදිසියේම මෙන් පොරෝනයෙන් හිස එළියට දැමූ තාරා බැලුයේ එහා පස ඇඳ දෙසය. එය හිස්ව තිබෙනු දැක වහා ඇඳෙන් පැන්න ඇය,

“නිම්නා…”

කියා සෙමෙන් තොල් මැතුරුවාය. එහෙත් ප්‍රතිචාරයක් නොලද තැන, සෙමෙන් ගොස් නාන කාමරයේ දොරට කන් දී මොහොතක් සිටියාය. එහිද කිසිවෙකු සිටින බවට ලකුණු දැනෙන්නට නොවූයෙන් ඈ තැති ගත්තාය. හදිසියේ යමක් සිහිවූවාක් මෙන් සිය ඇඳ ඉහත්තාව්වෙ තිබූ ජංගම දුරකතනය ගෙන අංකනය කරන්නට වූවාය. මොහොතකින් නිම්නාගේ ඇඳ දෙසින් එය නාද වන්නට වූයෙන් ඇය වඩාත් තැති ගත්තාය. වහාම සිය කාමරයේ වූ ජනේලය විවර කරද්දි ඒ අසල ශාරීරික ව්‍යායාම කරමින් සිටි මාලක දුටු හෙතෙම සැනෙකින් ජනේලය වසා දැමුවාය. කණ්නාඩිය අසළින් ගිය ඈ එක්වරම ඒ අභියස නතර වූයේ,

“දෙයියනේ…”

කියමින් හිසේ අත ගසා ගනිමිනි. තමා සිටින්නේ නිදන ඇඳුමින් බව ඇයට සිහි වූයේ කණ්නාඩියෙන් තම රුව දුටුවාට පසුවය. ජපන් බෝනික්කෙකුට සමාන ඇගේ රවුම් මුහුණ විළියෙන් රතුව ගියාය. දෙකොපුල් වල මස් පිඩු නළියන්නට වූවාය. ඈ දිගටි ඇස් ලෙලවමින් මඳ වේලාවක් හිඳ නිතඹ තෙක් වැවුණු දිගු කොණ්ඩය උරහිසෙන් පන්නා ළැම මතට දමා ගත්තාය. කිසිවෙකු දොරට වේගයෙන් තට්ටු කරන හඬ ඇසී ඇයට,

“නිම්නා…”

කියා කියවිනි. වහා දොර අසළට ගිය තාරා එය විවර කළාය. දොර අසළ උන් මිහිර දැකීමෙන් තැති ගත් තාරාට ඉබේම කෑගැස්සුණාය. තාරා සේම එම කැ ගැසීමෙන් තැති ගත් මිහිරද මොහොතක් එලෙසම ගල් ගැසී සිටියේ, කළ යුත්තේ කුමක්දැයි යන්න එක් වරම තීරණය කරගත නොහැකිව කම්පනය වීමෙනි. ශාරීරික ව්‍යායාම කරමින් සිටි මාලක එම හඬ ඇසීමෙන් වහා එතැනට දිව ආවේය. තාරා සහ මිහිර එකිනෙකා දෙස තුෂ්නිම්භූතව බලා හිඳිනු දැක,

“මොකක්ද ප්‍රශ්නෙ..”

කියා තාරාගෙන් ඇසූයේ ඇගේ මුහුණේ සිට පහලට අමුතු බැල්මක් හෙලමිනි. සිහි එළවා ගත් තාරා ක්ෂණයකින් කාමරයට ඇතුල් වී දොර වසා ගත්තාය. මාලක සිනහවක් මුවේ රඳවාගෙන මිහිර දෙසට හැරුණත්, ඔහු දුටුවනම මාලකගේ මුහුණට කෝපයක් ආරූඪ වූයේය.

“ගෑණු නිදාගෙන ඉන්න කාමර වලට රිංගන්න ලැජ්ජ නැද්ද යකෝ….”

කියමින් ඔහු මිහිරගේ ගෙලෙන් අල්ලා බිත්තියට හේත්තූ කළේය. කිසිවක් කියන්නට උත්සාහ කළද මිහිරගේ ගෙල මාලකගේ ශක්තිමත් දෑත් වල සිරවී ඇති හෙයින්, මිහිරගේ මුවින් හඬක් පිට නොවූයේය.

“මොකද මේ ඈහ්ංං…..”

ඒ හඬ නිම්නාගේය. ඇය දුටුවනම මාලක වහා මිහිරගේ ගෙල අත හැරියේය. සිය ගෙල ලිහිල් වූ අවස්ථාවේම පහතට නැවුණු මිහිර කිහිපවරක් එක දිගට කහින්නට වූයේය.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you