NovelsSadewtharaSadewthara - 07 සදෙව්තාරා

Sadewthara – 07 සදෙව්තාරා

-

spot_img

Sadewthara – අඹේපිටිය ආයුර්වේද රෝහල ඇත්තේ දැඩි කාර්‍යබහුල පරිසරයකය. ඉතා මනරම් වටපිටාවක පිහිටි එය,ස්වාභාවික ආකෘතියකට සමානව,කෘතීම ලෙස නිර්මාණය කරන ලද රෝහලකි. අශෝක් අඹේපිටිය රෝහල් කොරිඩෝව දිගේ ඇවිද එමින් සිටියේය. ඔහු හැඳ සිටියේ යුරෝපීය පන්නයේ ඇඳුමකි. ඔසරියකින් සැරසුණු තරුණ විය නොඉක්මවූ ප්‍රියමනාප කාන්තාවක් කොරිඩෝව අනෙක් පසින් ගමන් කරමින් සිටියාය.

“සමදරා…”

අශෝක් අඹේපිටිය හුරුපුරුදු හඬකින් ආමන්ත්‍රණය කළේ තමාට නුඳුරින් ගමන් කළ එම කාන්තාවටයි. ඇයද හුරුපුරුදු සිනහවක් මුවඟෙහි රඳවා ගනිමින් අශෝක් අඹේපිටිය වෙතට පැමිණියාය.

“මං මිස්ට අඹේපිටියගෙ ඔෆිස් රූම් එකටත් ගියා.. සීට් එකේ හිටියෙ නෑ..”

“මං ගියා පොඩ්ඩක් නාරායන හම්බවෙලා එන්න.. මිනිහගෙ පුතාට ආයෙත් අසනීප වෙලානෙ…”

“අපේ සදෙව් පුතාට….”

“ඔව්, දියතලාව හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරලා…”

“ආයෙමත්…හුඟක් අමාරුද….බලන්නකෝ අපේ කෙල්ල නිකමටවත් මට කෝල් එකක් දුන්නෑනේ මිස්ටර් අඹේපිටිය …”

“අපේ එකිත් එහෙම තමා සමදරා…ඊයේ රෑ සදෙව් හොස්පිට්ල් අරං ගිහිං එළිවෙනකං ළඟ ඉඳලා තියෙන්නෙත් නිම්නා…වික්‍රම කතා කරලා කියනකම් මේ කෙල්ල නිකමට මට කෝල් කරේ නෑ…”

“මට පොඩි වෙලාවක් දෙනවද මිස්ටර් අඹේපිටිය…මං තාරට කෝල් එකක් අරං එන්නං…”

සමදරා එතැනින් පිටව යන්නට සැරසුණාය.

“මං කතා කරා සමදරා….ඒ වෙලාවේ තාරා දූත් හිටියෙ අපේ කෙල්ල එක්ක හොස්පිට්ල් එකේ…එයාලා හවස් වෙද්දි කොළඹට ඒවී…”

“එතකොට සදෙව් පුතා..”

“ඒ ගැන කතා කරගන්න තමා මං සමදරා හම්බවෙන්න ආවේ…නාරායනට ඕනේ සදෙව් අපේ හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරන්න…”

“ඕහ්ං.. ඉතිං..”

“ඉතිං ඔයාට තමා මං සදෙව්ගෙ ට්‍රීට්මන්ට් බාරදෙන්න යන්නෙ..”

“ඒත් මිස්ටර් අඹේපිටිය..”

“මං දන්නවා සමදරා….ගෙදර ප්‍රශ්නත් එක්ක ඔයාට ෆුල් ටයිම් අපිත් එක්ක වැඩ කරන්න බෑ කියලා….ඒත් නාරායනගෙ පුතාගේ වැඩක් බාරදෙන්න තරම් විශ්වාසවන්ත කෙනෙක් මට නෑ…මට මේ වෙලාවේ ඔයා තමයි එකම ඔප්ෂන් එක…”

සමදරා මොහොතක් කල්පනාවේ නිමග්නව සිටියාය. අශෝක් අඹේපිටිය නැවතත් කතා කරන්නට වූයේය.

“ඔයාගේ දුව තාරත් මේ සබ්ජෙක්ට් එක ස්ටඩී කරන නිසා…ඒ ගොල්ලො යාළුවොත් නිසා….අපිට පුළුවන් ඔයාගේ දූගෙනුත් එයාගෙ ට්‍රීට්මන්ට් වලට සපෝර්ට් එකක් ගන්න…”

සමදරා අන්ත දෙකක උහතෝකෝටිකයක තනිවූවාය. පළමුවැන්න තම රැකියාවය. දෙවැන්න නිවසේ තනිවම වෙසෙන තම රෝගාතුර පියාය. දියණියට සහ තමාට පූර්ණ කාලීනව රැකියාව සඳහා කැපවෙන්නට සිද්ධ වුවහොත්, පියාගේ දෛනික වැඩකටයුතු බාරකරන්නේ කාටද ? අනෙක් අතින් තමා උගත් ශාස්ත්‍රයට අනුව මොනයම් හේතුවක් නිසාවත් රෝගියෙකුගේ කාරණයකදි එය මඟහැරීම සදාචාරාත්මක නැත.

“සමදරා… මොනාද මෙච්චර හිතන්නෙ..”

අශෝක් අඹේපිටිය පිළිතුරක් අපේක්ෂාවෙන් මෙන් ඇසීය.

“මට පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද මිස්ටර් අඹේපිටිය…”

“නෝ වොරීස්…ටේක් යුවර් ටයිම් ඇන්ඩ් ගිව් මී ඇන් ආන්සර්…”

අශෝක් අඹේපිටිය සමදරාගේ පිටට තට්ටුවක් දමා එසේ කියමින් එතැනින් පිටව ගියේය.

දියතලාව මූලික රෝහල් පරිශ්‍රයේ,සදෙව්ගේ වාට්ටුවට එපිටින් ඇති බංකුවේ දෙපස තාරා සහ නිම්නා වාඩිගෙන හුන්හ. තාරා ගැඹුරු කල්පනාවක ගිලී උන්නාය. නිම්නා නිදි කිරමින් හිඳ එකවරම තාරාගේ ඇඟට කඩා වැටුණාය.

“සොරි තාරා..”

“ඔයාට මහන්සියි නිම්නා…අපි දැන් බංග්ලෝ එකට යං…”

“ඔයාට මෙහෙම ඉන්න එක වදයක්නම් දැන් දර්ශි ආන්ටි ආවාම එයා එක්ක යන්න…”

“එතකොට ඔයා…”

“සදෙව් එක්ක ඉන්නවා…”

තාරා පැහැදිලිව නිම්නාගේ මුහුණ දෙස බැලුවාය. ඇය හිඳින්නේ පෙර නොවූ කිසියම් ගැටළුකාරී හැඟීම් ගොන්නක් සහිතව යැයි තාරාට සිතුණාය. ඇතැම් විට ඒ සදෙව් හදිසියේම අසනීප වූ නිසා විය යුතුය. එසේත් නොමැතිනම් පෙරදා රාත්‍රිය මුළුල්ලේ නිදිවර්ජිතව හිඳීමෙන් ඇතිවූ තෙහෙට්ටුව නිසාද විය හැකිය.

“ඔයා ගිහිං චේන්ජ් එකක් දාගෙන එනකං ඕනේනම් මං සදෙව් ගාව ඉන්නං…”

“ඕන්නෑ…”

නිම්නාට ක්ෂණිකව එසේ කියවිනි.

“අයි මීන්….තේරුමක් නෑනේ තාරා…අපි කොහොමත් දැන් කොළඹ යනවනෙ..”

“මං කිව්වේ..ඊයේ රෑ ඉඳලා ඔයා ඉන්නෙ මේ ඇඳුම පිටින් නිසා….අනික ඔයා ඉන්නෙ හොඳටම නිදිමතේ…”

“සදෙව් වෙනුවෙන් එහෙම කැප කිරීමක්වත් කරන්න බැරිනම් අපෙන් ඇති වැඩේ මොකක්ද තාරා…”

නිම්නා එය “අපි” කියා උව්චාරණය කළද,ඇය ඒ වචන ටික කියාගත්තේ තමන් වෙනුවෙන් පමණක් යැයි තාරා සිතුවාය. නිම්නාගේ සහ සදෙව්ගේ පවුල් දෙක අතර තමා දන්නා කාලයේ සිට ඇත්තේ දැඩි බැඳීමකි. එමෙන්ම ඔවුන් ව්‍යාපාරික වශයෙන්ද හවුල්කාර ව්‍යාපාර රැසක හිමිකරුවන්‍ ය. ඇතැම් විට ඒ ව්‍යාපාර වඩාත් තහවුරු කරගැනීම වෙනුවෙන් දිනෙක සදෙව් සහ නිම්නා අතර විවාහයක් තීන්දු වීමටද බැරි නැත.

“කා ගැනද හිතුවෙ….මං ගැනද නැත්තං සදෙව් ගැනද….?

නිම්නා ඇසුයේ මෙතෙක් වේලා තාරාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

“ඔයාලා දෙන්න ගැනම…”

“වාව්…ආසයි මොනාද හිතුවෙ කියලා දැනගන්න…”

“දවසක ඔයාලා දෙන්න කසාද බඳින්න වුණත් බැරි නෑ කියලා හිතුණා…”

“අවංකවම හිතුණද….නැත්තං ඉරිසියා හිතුණද…?

තාරා එම ප්‍රශ්නය තෝරා,බේරා ගන්නට මෙන් මොහොතක් නිම්නා දෙස බලා සිටියාය.

“අයි මීන්….සදෙව් ලස්සන කොල්ලෙක්..ඔයත් සෝ කියුට්…දවසක ඔය දෙන්නා වුණත් මැරි කරන්න බැරි කමක් නෑනේ නේද..”

“එහෙම වෙන්නෑ…”

“ඇයි..”

“ලස්සන විතරක් ගලපලා වැඩක් නෑ නිම්නා…”

“ඉතිං සදෙව්ට සල්ලිත් තියනවනෙ..”

“ඒකයි මං කිව්වේ ඔයා කවදහරි එයාව බඳියි කියලා…මොකද…සල්ලියි,ලස්සනයි විතරක් තිබුණම එතන ජීවිතයක් තියනව කියලා මං විශ්වාස කරන්නැති නිසා…”

තාරා තමන්ට වැරෙන් අතුල් පහරක් ගැසුවා වැනි ගැස්මක් නිම්නාට දැනෙන්නට වූවාය. නිදිමත මෙන්ම තමාව වෙලාගෙන සිටි අලස,උදාසීන ගතිය සම්පූර්ණයෙන්ම පහව ගියා වැනි හැඟීමකින් නිම්නා අවදිව සිටියාය. ඇය තප්පර කිහිපයක් ඇතුලත තමා කළ කී සියලු දේ මෙනෙහි කරන්නට වූවාය. සංචාරක බංගලා හිමිකරුගේ බිරිඳ දර්ශී ඒ මොහොතේ ඔවුන් අතරට පැමිණියාය.

“නිම්නා දූගේ තාත්ති කෝල් කරා…”

“මටත් කෝල් කරා…” නිම්නා ඇයට එසැනින් පිළිතුරු බැන්දාය.

“එහෙනම් දන්නව ඇතිනෙ සදෙව් පුතා කොළඹ ගිහිං ඇඩ්මිට් කරන්නෙ ඔයාලගෙ හොස්පිටල් එකේ කියලා…”

නිම්නා මොහොතක් නිරුත්තර වූවාය. ඇය තාරා සහ දර්ශි දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. දර්ශි දිගටම සිය කතාව කරගෙන යන්නට වූවාය.

“තාරලාගේ අම්මලු සදෙව් පුතාගේ ට්‍රීට්මන්ට් බාරව ඉන්නේ..තාරත් ඒ සබ්ජෙක්ට් එක ස්ටඩී කරන නිසා….සේෆ්ටි රීසන්…සදෙව් පුතා කොළඹ එවන ඇම්බියුලන්ස් එකේ අනිවාර්යයෙන්ම තාරව දාලා එවන්න කියලා අඹේපිටිය මට කිව්වා….”

“වට්….”

නිම්නා දර්ශිගෙන් ඇසූවද,බැල්ම යොමුව තිබුණේ තාරා වෙතය. තාරා ඔවුන් දෙදෙනා දෙසම බලා සිටියේ ප්‍රශ්න දහසක බැල්මෙන් යුතුවය.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you