More
    Foodසිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    -

    spot_img

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ් එකක් කියන්නෙ මේ කොළපාට එළවළු පලතුරු පිරුණ vitamin bowl එකක්. හරිම නැවුම්, රසවත් වගේම විටමින් A, විටමින් C, යකඩ, තන්තු වගේ පෝෂ්‍ය පදාර්ථ රැසක් තියෙන ග්‍රීන් සැලඩ් එකක් ගොඩක් ලේසියෙන් ගෙදරදිම හදාගන්න පුළුවන්. සැලඩ් එක විතරක් හෝ කැමතිනම් බත් එක්කත් කෑමට ගන්න පුළුවන්. ග්‍රීන් සැලඩ් එකක් කෑම මේසයට සුන්දරත්වයක් එකතු කරනවා. ඇහැට ප්‍රිය උපදවන විදිහට, රසවත්ව ග්‍රීන් සැලඩ් එකක් හදාගන්නෙ කොහොමද බලමු. 

    Green Salad

    අවශ්‍ය ද්‍රව්‍ය

    සලාද කොළ Green Salad

    ලා නිවිති කොළ ( නොමේරූ)

    ගර්කින් ගෙඩි 1 – 2 ක්

    Cherry tomatoes 6 -7 ක් (තක්කාලි යුෂ එලියට එන විදිහට පිහියෙන් ඉරි ඇඳගන්න)

    කැරට් අලයක් (දිග හැඩයට හීනියට කපා ගන්න)

    අලිගැට පේර ගෙඩියක්

    feta චීස් 60g

    Vinaigrette තේ හැඳි 6 ක් (supermarket වලින් මිලට ගන්න පුළුවන්)

    Green Salad• සාදන ආකාරය

    එළවළු හොඳින් සෝදා ඔබට අවශ්‍ය ප්‍රමාණවලට කපා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට කඩාගත් සලාද කොළ සහ නිවිති කොළ බඳුනකට දමා එයට සිහින්ව පෙති කැපූ ගර්කින්, cherry tomatoes සහ කැරට් එකතු කර හෙමින් මිශ්‍ර කරගන්න. දැන් මෙයට Vinaigrette ටිකෙන් ටික එක් කරමින් කවලම් කරන්න. ඉන්පසු කපාගත් අලිගැට පේර සහ චීස් එකතු කර ප්‍රවේශමෙන් සියල්ල මිශ්‍ර කරගන්න. ග්‍රීන් සැලඩ් එක හදාගත්ත ගමන්ම කෑමට ගන්න ඕනේ. නැතිනම් නැවුම් බව සහ රසය වෙනස් වෙන්න පුළුවන්. ඔබ කැමති විදිහට, ග්‍රීන් ඇපල්, පෙයාර්ස්, කොළ පාට බෙල් පෙපර්, බෝංචි වගේ කොළ පැහැ එළවළු, පළතුරු වගේම කජු, කඩල, ආමන්ඩ් වගේ දේවලුත් මේකට add කරන්න පුළුවන්කම තියෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 16

    රත් දෝතළු - 16 මාවතේ ඇදී යන රථ වාහන වල ශබ්දයෙන් පරිසරය පිරී තිබිණි. මෙම ශබ්ද මට තවමත් නුහුරුය. නිර්මාණි...

    මං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා

    මං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා - Tamannaah Bhatia කොලිවුඩයට නැතිවම බැරි නිළියක් ලෙසින් හැඳින්වෙන Tamannaah Bhatia කොලිවුඩ් සිනමාවේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page