Foodසිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

-

spot_img

සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ් එකක් කියන්නෙ මේ කොළපාට එළවළු පලතුරු පිරුණ vitamin bowl එකක්. හරිම නැවුම්, රසවත් වගේම විටමින් A, විටමින් C, යකඩ, තන්තු වගේ පෝෂ්‍ය පදාර්ථ රැසක් තියෙන ග්‍රීන් සැලඩ් එකක් ගොඩක් ලේසියෙන් ගෙදරදිම හදාගන්න පුළුවන්. සැලඩ් එක විතරක් හෝ කැමතිනම් බත් එක්කත් කෑමට ගන්න පුළුවන්. ග්‍රීන් සැලඩ් එකක් කෑම මේසයට සුන්දරත්වයක් එකතු කරනවා. ඇහැට ප්‍රිය උපදවන විදිහට, රසවත්ව ග්‍රීන් සැලඩ් එකක් හදාගන්නෙ කොහොමද බලමු. 

Green Salad

අවශ්‍ය ද්‍රව්‍ය

සලාද කොළ Green Salad

ලා නිවිති කොළ ( නොමේරූ)

ගර්කින් ගෙඩි 1 – 2 ක්

Cherry tomatoes 6 -7 ක් (තක්කාලි යුෂ එලියට එන විදිහට පිහියෙන් ඉරි ඇඳගන්න)

කැරට් අලයක් (දිග හැඩයට හීනියට කපා ගන්න)

අලිගැට පේර ගෙඩියක්

feta චීස් 60g

Vinaigrette තේ හැඳි 6 ක් (supermarket වලින් මිලට ගන්න පුළුවන්)

Green Salad• සාදන ආකාරය

එළවළු හොඳින් සෝදා ඔබට අවශ්‍ය ප්‍රමාණවලට කපා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට කඩාගත් සලාද කොළ සහ නිවිති කොළ බඳුනකට දමා එයට සිහින්ව පෙති කැපූ ගර්කින්, cherry tomatoes සහ කැරට් එකතු කර හෙමින් මිශ්‍ර කරගන්න. දැන් මෙයට Vinaigrette ටිකෙන් ටික එක් කරමින් කවලම් කරන්න. ඉන්පසු කපාගත් අලිගැට පේර සහ චීස් එකතු කර ප්‍රවේශමෙන් සියල්ල මිශ්‍ර කරගන්න. ග්‍රීන් සැලඩ් එක හදාගත්ත ගමන්ම කෑමට ගන්න ඕනේ. නැතිනම් නැවුම් බව සහ රසය වෙනස් වෙන්න පුළුවන්. ඔබ කැමති විදිහට, ග්‍රීන් ඇපල්, පෙයාර්ස්, කොළ පාට බෙල් පෙපර්, බෝංචි වගේ කොළ පැහැ එළවළු, පළතුරු වගේම කජු, කඩල, ආමන්ඩ් වගේ දේවලුත් මේකට add කරන්න පුළුවන්කම තියෙනවා.

Latest news

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...
- Advertisement -spot_img

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you