BusinessWijaya News Papers සමාගම නංවන්න නියමුවන් තිදෙනෙක්

Wijaya News Papers සමාගම නංවන්න නියමුවන් තිදෙනෙක්

-

spot_img

Wijaya News Papers – ශ්‍රී ලාංකේය පුවත්පත් මුද්‍රණ ක්ෂේත්‍රයේ දැවැන්ත පෞර්ෂයක් සහ අලෙවියක් හිමි ලංකාදීප,සිරිකත,අද,විජය,තරුණයා, සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර් ඇතුළු පුවත්පත් හා සඟරා හතළිහකට ආසන්න ප්‍රමාණයක ප්‍රකාශන අයිතිය හිමි විජය නිව්ස් පේපර්ස් සමාගම, නව කළමණාකාර අධ්‍යක්ෂක සුජාන් විජයවර්ධන යටතේ වෙනස්කම් රැසකට බඳුන් කරමින් පවතී. එහි එක් පියවරක් ලෙස කතෘ මණ්ඩලයේ,අලෙවි හා ප්‍රවර්ධන අංශයේ සහ බෙදාහැරීම් අංශයේ උසස්වීම් තුනක් සමාගම තුළ දිගු කාළීන පළපුරුද්ද සහිත ක්‍රියාකාරීන් තිදෙනෙකුට හිමිව තිබේ. කංචන දසනායක,ශාන් බන්දු වීරසිංහ,රංජිත් රූපසිංහ යනු ඔවුන් තිදෙනායි.

තරුණයා,අද,Go වැනි එකිනෙකට වෙනස් තේමාවන් සහිත පුවත්පත් සහ සඟරා කිහිපයකම කතෘත්වය හෙබවූ කංචන දසනායක විජය නිව්ස් පේපර්ස් ආයතනය තුළ දිගුකාලීන මෙහෙවරක් සහිත නිර්මාණශීලි හැකියාවකින් යුතු ප්‍රවීන මාධ්‍යවේදියෙකි. ඔහු ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස උසස්වීම් ලැබ තිබේ.

ශාන් බන්දු වීරසිංහ විජය නිව්ස් පේපර්ස් සමාගම තුළ වසර තිහකට ආසන්න කාලයක් සේවය කරන පළපුරුදු මාධ්‍යවේදියෙකි. එමෙන්ම ප්‍රවීන ජායාරුප ශිල්පියෙකු වන ඔහු කලක් තරුණයා සහ සිරිකත පුවත්පත් වල මුල් කවරය ඔහුගේ ජායාරුප වලින් සැරසිය. එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද වන ඔහු මාධ්‍ය වෘත්තියට අමතරව සිරිකත සහ විජය පුවත්පත් ප්‍රවර්ධනය සඳහා අලෙවි හා ප්‍රවර්ධන අංශය තුළ විධායක ශ්‍රේණියේ තනතුරකට උසස්වීම් ලැබ තිබේ.

Shan bandu

ඕනෑම පුවත්පතක පැවැත්ම රඳා පවතිනුයේ එහි අලෙවිය මතයි. අලෙවියේ කොඳු නාරටිය වන්නේ බෙදාහැරීම් අංශයයි. බෙදාහැරීම් අංශය තුළ එම වගකීම මැනවින් ඉටු කළ,විජය නිව්ස් පේපර්ස් සමාගමේ කීර්තිමත් ඉතිහාසයේ සමීප පුරුකක් වන රංජිත් රූපසිංහ, බෙදාහැරීම් අංශ ප්‍රධානී ලෙස උසස්වීම් ලැබ තිබේ.

Ranjith Rupe

 

ආයතනයක උන්නතිය තීරණය වන්නේ එහි ප්‍රගතිය වෙනුවෙන් සැබෑ ලෙසම වෙහෙසෙන සේවකයන් නිසාය. හණමිටි අදහස් දරන්නන් සහ මහළු චින්තනයන් වෙතින් ආයතනයක දියුණුව අපේක්ෂා කළ නොහැක. අදහස් අතින් යාවත්කාලීන, ක්‍රියාශිලිත්වයෙන් තුරුණු සේවකයන් ආයතනයක් තුළ බලය සහිත තනතුරු වලට පත්වීම යනු, එම ආයතනයේ නැංවීම පිළිබඳ අපේක්ෂා දල්විමයි. එම අපේක්ෂා මුදුන්පත් වේවායි තුලන Mag වෙතින් ඔවුන් තිදෙනාට සහ විජය නිව්ස් පේපර්ස් සමාගමට සුබ පැතුම්!

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you