NewsElectricity and Fuel විදුලි බිල පහළට ඉන්ධන මිළ ඉහළට

Electricity and Fuel විදුලි බිල පහළට ඉන්ධන මිළ ඉහළට

-

spot_img

Electricity and Fuel – අද [ජුලි 1] සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇති අතර,ඔක්ටේන් 92 පෙට්‍රල් මිළ සහ සුපිරි ඩීසල් මිළ ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව, පහත පරිදි විදුලිය ගාස්තු සංශෝධනය කෙරේ.

ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා සියයට 65 කින් ගාස්තු පහළ යන අතර, ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වාත්,ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා ත් පහළ දමා තිබෙනවා. මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරෙන අතර ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙනු ඇත. මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා පහළ දැමීමට තීරණය කර තිබෙනවා. . ආගමික ස්ථාන සදහා සියයට 16 ක ගාස්තු අඩු වීමක් ද, අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 30 සිට 10 දක්වා පහළ දැමීමක් සිදු කර තිබෙන අතර හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක්ද ,කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක්ද, සිදු කර ඇත. ,වාණිජ ගොඩනැගිලිවල විදුලි ගාස්තු සියයට 5කින් සහ රජයේ ගොඩනැගිලිවල විදුලි ගාස්තු සියයට 1කින් පහළ දමන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඉන්ධන මිළ ඉහළ යෑම සහ පහළ දැමීම සිදුවන්නේ පහත පරිදිය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දමා දැමෙන අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා ද, ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද, අඩු කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 ක්ද, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක්ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236 ක් ද, බවට පත්වනවා.

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය මීට බොහෝ කලකට පෙර "සිරකරුවා" යන වවනයට සදාචාරයේ "අයිසින්" තැවරූ "රැඳවියා" යන වචනය හඳුන්වා දෙනු ලැබිණි. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you