More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 14

    Tharu Mal Viyan තරු මල් වියන් – 14

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    අංජලී පැමිණෙන තුරු තුෂර බලා සිටියේ ඈ සමඟම එකටම දහවල් ආහාර ගන්නටය. කිරීමට තව වැඩ කටයුතු කීපයක්ම විය. දැන් නම් ඔහුගේ මනසද විඩාබරව ඇත. ඔහුටද විවේකයක් වුවමනාය. නමුත් මේ දිනවල විවේකයක් ගන්නට නොහැකිව ඇත්තේ අම්මාත් තාත්තාත් දෙදෙනාම ව්‍යාපාර කටයුතු කීපයකට විදෙස් ගතව ඇති නිසාය. ඔවුන් පැමිණෙන්නේ තව සතියකිනි. එතෙක් මේ සියල්ල සොයා බැලිය යුතුව ඇත.

    “ලන්ච් අරන්ම වැඩ ටික කරමු නේද අංජලී…දැන් දොළහටත් ළඟයි…”

    ඈ පැමිණි සැටියේම ඔහු කීය. ඇයද ඒ අදහසට එකඟ වූයේ උදෑසන ආහාරත් නොගෙන සිටි නිසාවෙනි. ගයා එනතුරු කියා කෑම ගැනීමත් ප්‍රමාද කරමින් සිටියේ එකටම කෑම ගන්නට බලාපොරොත්තුවෙන් වුවද එයද නොහැකි වූයේ ගයානි පමා වන බව පැවසූ නිසාය. ශකිලා අදිමදි කරන්නට වූයේ තුෂර සමඟ කෑම ගන්නට චකිතයක් මුසු හැඟීමක් උපන් නිසා මුත් අංජලී නිසා ඈ එම අදහසට නිහඬව එකඟ වූවාය.

    “මේ මොකුත් නැති කාලේ නිදහසේ හිටියා අංජලී…”

    තුෂර ආහාර ගනිමින් කීවේ ශෝකය මුසුව බව ඇයට වැටහිණි.

    “දැන් ඉතින් මේ හැමදේම ඔයාගෙ වගකීමක්නේ තුෂර…”

    “හ්ම්ම්…ආයේ පොඩි කාලෙට යන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා…ජීවිතේ වගකීමක් නැතිව ගෙවුණු කාලේ මොන තරම් සුන්දරද…”

    “ඒක නම් ඇත්ත…ඒත් ඉතින් කාලය කියන්නේ එක තැනක නැවතිලා තියෙන දෙයක් නෙවේනේ…අපිත් ඉස්සරහට යන්න ඕන…වගකීම් දරන්න ඕන…ඒකනේ ජීවිතේ…”

    “ඔයා හරි…අංජලී…මේ…මට තව වැඩ ටිකක් තියනවා…මං එළියට යනවා…ඔයා ශකීලා එක්ක ගෙදරට යන්න…ඔයාට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි නේද…?”

    “මං අදම ඉවර කරගන්න බලන්නම් තුෂර…”

    “තෑන්ක් යූ වෙරි මච් අංජලී…එහෙනම්…ඔයා හිමින් ඕක ඉවර කරන්න…සී යූ…”

    තුෂර සමාව යදිමින් නැඟිට ඉවතට ගියේය. අංජලී ශකිලා සමඟ ආහාර ගෙන අවසන්ව කාර්යාලයට පැමිණියේ ඊට සුළු මොහොතකට පසුවය. ගිණුම් කටයුතු බොහෝමයක් බලන්නට සිදුව තිබූ නිසා ඈ මේසයට හිඳ එක දිගටම එහි නියළුණා මිස හිස ඔසවාවත් නොබැලුවාය. ගයානි කීප වරක්ම ඇයට ඇමතුම් ගෙන තිබුණද ඇගේ ජංගම දුරකථනයේ හඬ නිසළ කර තිබූ බැවින් ඇයට එය නෑසුණා සේම දුරකථනය ගෙන බලන්නටවත් සිහියක් ඈ තුළ නොවීය. ඔවුන් තුෂරට අයත් පිළියන්දල නිවසට එන විට රාත්‍රී නවයත් පසු වී තිබිණි. සුදත් ඔවුන් හැරළවා නිවසට ගියේ පසු දින උදෑසනම ඔවුන් කැඳවා ගෙන යාමට එන බව කියමිනි. අංජලී ගයානිට ඇමතුමක් ගත්තේ යහනට වැටුණු මොහොතේමය. නිදහසේ කතා බහ කිරීමට වුවමනා නිසා ඈ මෙතෙක් ඔවුන් ඇමතීමට නොසිතුවාය.

    “හරි ෂෝක්…දැන්ද ෆෝන් එක අතට ගත්තේ…?”

    නොමනාපය මුසුව ගයානි කීවාය.

    “ආව වෙලේ ඉඳන් ඔළුව උස්සන්නවත් වෙලාවක් නැහැ…”

    “හරි…හරි…දැන් රෑට කාලා බීලද…?”

    එවර ගයානි ඇසුවේ මිතුරිය කෙරෙහි අනුකම්පාවෙනි.

    “හ්ම්ම්…ඒක නෙවේ අනේ…මදැයි…අයියාව බලන්න හිටියා…ඒකත් මිස් වුණා…”

    පසුතැවිළි හඬකින් අංජලී කීවාය.

    “හරි හරි…අයියා ආයේ එයි…එයත් අප්සට් එකේ ගියේ…අංජලීව බලන්න බැරි වුණා කිය කියා…”

    ගයානි පැවසුවේ බොරුවක් නොවේ. අංජලීගේ මුහුණ රතු වූයේ බලා සිටියදීමය. ඇගේ සිත අලුත් රිද්මයකින් ගැහෙන්නට වූයේ ඇයටම එහි අරුත වටහා ගන්නට නොහැකි ලෙසය. ඇයට ඔහු පිළිබඳව හාරා හාරා අසන්නට නොහැකිය. කතා බහ කරන අතරේම නිදි දෙව්දුව දෙනෙත් වටා සැරිසැරූ බැවින් අංජලී එලෙසම හිස කොට්ටය මත තබා ගත්තාය.
    ——————————————————————————————————
    “අංජලී දුව…”

    රේණුකාගේ හඬ අංජලීට ඇසෙන විට ඈ සිටියේ යහන මත වැතිරගෙනය. නින්ද ගොස් නොතිබුණද ඈ සිටියේ දෑස් පියාගෙනය. ඈ වහා යහනින් නැඟිට හිඳ ගත්තාය.

    “ඔයා නිදාගෙනද හිටියේ…ගයා දුවත් දැන් කීප සැරයක්ම කෝල් කරලා ඔයා ගැන ඇහුවා…ෆෝන් එකත් ඕෆ් කරලා කිව්වා…”

    “ෆෝන් එක ඕෆ් කළා ආන්ටි…මං ටිකක් නිදා ගන්න කියලා හැදුවේ…ඊයේ රෑත් හරියට නින්ද ගියේ නැහැ…ඇඟටත් අමාරුයි…”

    “මොකුත් බිව්වේ නැත්ද ළමයෝ…?”

    “දැන් බිව්වේ…තව ටිකෙන් හරි යයි…”

    “එහෙනම් ඔයා ටිකක් නිදා ගන්නකෝ…මං තේකක් හදලා එවන්නද…?”

    “අනේ එපා ආන්ටි…මං ටිකක් නිදා ගන්නම්…”

    රේණුකා පිටතට ගියේ අංජලීගේ හිසත් සෙමෙන් පිරිමදිමිනි. අංජලී යළිත් යහන මට දැතිර දෑස් පියාගත්තාය. ඇයට නින්ද ගියේ කොයි මොහොතේද කියා මතකයක් ඇයට නොවීය. ඈ යළි අවදි වූයේ කිසිවෙකුගේ අතක පහසක් නළලතට දැනුණ නිසාය. ගයානිත් රංගිකාත් යහන අසල සිටියෝය. මෘදු සිනහවක් මුව මත නංවාගෙන අංජලී යහන මත හිඳ ගත්තාය.

    “ඔයාලා ආවද…? මට නින්ද ගියා…”

    විසිර ගිය ගවුමත් සාදමින් ඈ කීවාය.

    “පේනවා නින්ද ගිය හැටි…පස්සත් උඩ දාගෙන…හ්ම්ම්…දැන් කොහොමද…?”

    යහනේ පසෙක හිඳ ගනිමින් ගයානි කීවාය.

    “දැන් නම් ටිකක් හොඳයි වගේ…පුදුම හිසරදයක් අනේ තිබුණේ…”

    ඇඟිලි තුඩු වලින් නළලත මිරිකා ගනිමින් අංජලී කීවාය.

    “කාගෙන්ද හිසරදේ…?”

    ඇයට වද කරන්නට සිතා රංගිකා ඇසුවේ මඳහසක් නංවාගෙනය.

    “ඔය ඉතින්…මෙයත් වදේ ගහනවා…”

    අංජලීද මඳහසින් යුතුව කීවද ගයානිගේ මුවේ පැවති දොම්නස් බව දැක පුදුමයෙන් රංගිකා දෙස බැලුවාය.

    “මොකද ගයා…?”

    අංජලී ඇසුවද ගයානි ඊට පිළිතුරක් දීමට පෙර ඇගේ ජංගම දුරකථනය හැඬ වෙන හඬ නිසා ඇගේ අවධානය එයට යොමු විය. ඇමතුම ඉරේෂ්ගෙනි.

    “මොකට ගන්නවද දන්නැහැ ආයේ…”

    නොසතුටෙන් එසේ කී ගයානි ඇමතුමට පිළිතුරු දෙමින් පිටතට ගියාය.

    “ඇයි රංගි…දෙන්නා ආයේම සංඩුද…?”

    “අනේ මංදා… ඒ දෙන්නාගේ සංඩු ඉතින් ඉවරයක් නැහැනේ…පව්…ගයා…එයා මට තාම මොකුත් කිව්වේ නම් නැහැ…අපිට කතා කරන්නවත් වෙලාවක් නැහැනේ දැන්…”

    සුසුමක් හෙළමින් රංගිකා කීවාය. අංජලී සාරි කටුව ගළවන්නට ඇයට සහාය වූවාය.

    “ඒක නෙවේ ඔන්න…ශාමින්දයියා ඔයාව කීප සැරයක්ම මතක් කළා…අපරාදේ අනේ…ඊයේ මීට් වෙන්න තිබ්බ චාන්ස් එක නැති වුණේ…”

    රංගිකා එක දිගට කියවන් යන විට අංජලීගේ සිත අලුතින් හිරි වැටී ගියේය. සිතට ශෝකී හැඟීමක් ඇති වූයේ එක්වරමය. සුසුමක් හෙළමින් ඈ යහන මතින් නැඟිට ජනේලය අසළ සිට ගත්තාය. තවමත් ඇඳිරි වැටී නැත. අහස පුරා ලා කහ පැහැයක් පැතිර තිබුණේ දවස නිමා වන්නට ආසන්න බව කියා පාන්නට මෙනි. අඹ ගස යට බංකුව මත හිඳගෙන දුර ඈතක නෙතු රන්දාගෙන බලා සිටින ගයානි දැක අංජලී සිතුවේ මිතුරිය කුමක් හෝ ගැටළුවකට මැදිව සිටින බවය.

    “රංගි…මෙහෙ එන්නකෝ…”

    රංගිකා සාරිය ගළවා යහන මත දමා අංජලී වෙත හැරුණාය. ඈ ජනේලය අසලට පැමිණියේ කුහුල් සිතිනි.

    “ඇයි අංජු…?”

    පිටතට දෑස් යොමා ඈ ඇසුවේ මවිතයෙනි. අංජලී නිහඬව දෑසින් ගයානි පෙන්නුවාය.

    “හ්ම්ම්…මොකක් හරි අවුලක්…ගයා කවදාවත් ඔහොම කල්පනා කර කර හිටපු කෙනෙක් නෙවේනේ…”

    “ඔයා ඇඳුමක් දාන් එන්න…මං එළියට යනවා…”

    ජනේලය වසා දැමූ අංජලී අවුල්වූ කොණ්ඩය පීරා ගැනීමට පමණක් පමා වී පිටතට පැමිණියාය. ඈ පැමිණෙන බවවත් නොදැනුණ ගයානි හිඳ සිටියේ බොහෝ දුර ඈතක සිත රන්දාගෙනය. අංජලී විත් මිතුරිය අසල හිඳ ගත්තේ ඇගේ කරවටා දෑත යවා හිස ඇගේ උරමත තබා ගනිමිනි.

    “අංජු…”

    “මං ළඟට ආව එකවත් ඔයාට දැනුණේ නැහැනේ…”

    “හ්ම්ම්…”

    ගයානි පිළිතුරක් නොදී සුසුමක් පා කළාය.

    “ඇයි ගයා…?”

    පුදුමයෙන් හිස එස වූ අංජලී ඇසුවාය. ගයානි එයට පිළිතුරක් දීමට පෙර රංගිකා ඔවුනතරට දිව ආවාය.

    “ඔය දෙන්නා ඔහොම ඉන්නකොට මට නිකන් ජෙල වගේ…”

    එසේ කී රංගිකාද ගයානි මැදි කරගෙන හිඳ ගත්තේ මුවේ වූ සිනහවක්ද සමඟ වුවද දෙදෙනාගෙන් එක් අයෙකු හෝ පිළිතුරු සිනහවක් නොපෑවෙන් ඇගේ මුවේද සිනහව වියැකී ගියේ ක්ෂණිකයෙනි.

    “ඇයි අනේ…මොකක්ද ප්‍රශ්නේ…?”

    එක්වරම ගයානි හඬන්නට වූයෙන් දෙදෙනාම තැතිගත්හ.

    “අනේ…මොකද ගයා මේ…ඇයි…ඉරේෂ් බැන්නද…?”

    ගයානි වහා වහා කඳුළු පිස ගත්තාය.

    “ඌ බනින්නෙ නැත්තෙ කොයි වෙලේද…මටනම් දැන් ඇති වෙලා…අද වැඩ ගොඩයි…ඔයාලා දන්නවානේ අනේ…අපි නිකන් ඉන්නවද…එයා කෝල් කරපු වෙලෙව් ෆෝන් එක ගත්තේ නැහැ කියලා මට බැනගෙන බැනගෙන ගියා…තමුසෙට වෙන එකෙක් සෙට් වෙලා වෙන්නැති දැන් මට කතා කරන්නේ නැත්තේ…එහෙම නම් කියනවා…මං වෙන අතක් බලා ගන්නම් කියලා මට කුණුහරපෙනුත් බැන්නා…”

    “ඌට වෙන අතක් හම්බෙලා ඇති එහෙනම්…දැන් මේ බ්‍රේකප් වෙන්න ඕන නිසා ඔයා පිට වැරැද්ද පටවනවා ඇති…”

    රංගිකා කෑ ගැසුවේ කෝපයෙනි.

    “මං ඇහුවා ඔය ටිකම…මං ආයේ ඌට කතා කරන්නේ නැහැ…මං මේක නවත්තනවා කිව්වා…තමුසෙ වගේ මිනිහෙක් මට එපා කියලා මං ෆෝන් එකත් ඕෆ් කළා…”

    “හොඳ වැඩේ…”

    “මං අයියට වුණත් කොහොමද කටක් ඇරලා මේ ගැන කියන්නේ…මහ නරුමයෙක්…කවදාහරි බැඳලාත් මූ මට වද දෙයිනේ…අපේ අම්මයි අප්පච්චියි කවදාවත් ප්‍රශ්න ඇතිකරගෙන සංඩු වෙලා නැහැ…ඒ දෙන්නා අදටත් ලස්සනට ජීවත් වෙනවා…”

    බරවූ නාසය පිසිමින් ගයානි කීවාය.

    “අපි දන්නවානේ ගයා…දැන් ඉතින් ඔයාත් කොන්ද කෙළින් තීරණයක් ගන්න…ඕක එපා නම් එපා…එච්චරයි…ඉරේෂුත් මාලක වගේම තමා…දෙන්නම යාළුවොනේ…දෙන්නම ඊර්ෂ්‍යාකාරයෝ…”

    රංගිකා කියන විට අංජලී තිගැස්සුණේ ඈ එසේ කීවාට නොව තමාද සිතුවේ එයම බැවිනි.

    “ඔයාට ඔයාගේ තනි කැමැත්තට ඉරේෂ්ව මැරි කළත් දුක් විඳින්නයි වෙන්නේ…එයා එක්ක සතුටින් ජීවත් වෙන්න නම් ලැබෙන එකක් නැහැ…”

    රංගිකා කියන්නේ ඇත්තය.

    “මං ගෙදර අයගේ අකමැත්තෙන් කිසි දෙයක් කරන්නේ නැහැ…කොහොමටවත් මට දැන් ඌව එපා…මට අප්‍රසන්නයි…”

    ගයානි කීවේ ස්ථීර හඬකිනි. අංජලී සුසුමක් හෙළුවාය. ඇයට මාලක සිහි විය. කවදාක හෝ තමාටත් උරුම වන්නේ දුකක් මිස සතුටක් නොවන බව ඇයට මේ මොහොතේත් සිතිණි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...
    - Advertisement -spot_img

    ප්ලාන්ට් වීදියේ යාචකයා

    ප්ලාන්ට් වීදියේ යාචකයා - Dead Man Walking ප්ලාන්ට් වීදිය දිගේ ඇවිද යන විට, වීදිය අයිනේ මෙවැනි පුවරු දෙකක් දිස්වේ. "Anything Helps...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page