More
    spot_img
    ArtTaras Shevchenko යුක්‍රේන කවියක් නිසා රුසියානු තරුණියකට සිර දඬුවම්

    Taras Shevchenko යුක්‍රේන කවියක් නිසා රුසියානු තරුණියකට සිර දඬුවම්

    -

    spot_img

    Taras Shevchenko නම් යුක්‍රේන කවියෙක්ගේ කවියක් ඔහුගේ ප්‍රතිමාවක් මත ඇලවීමේ වරදට දහ නව හැවිරිදි Darya Kozyreva නම් රුසියානු යුවතියට සිර දඬුවම් නියම කර තිබෙනවා. ශාන්ත පීටර්ස්බර්ග් අධිකරණය විසින් මෙම යුවතියට වසර දෙකයි මාස අටක සිර දඬුවම් නියම කර තිබෙන්නේ රුසියානු හමුදාව අපකීර්තියට පත් කිරීමේ චෝදනාව මතයි.

    2024 පෙබරවාරි මාසයේ ඇය අත්අඩංගුවට පත් වෙන්නේ යුක්‍රේන කවියාගේ ප්‍රතිමාව මත ඔහු විසින් ලියූ My Testament නමැති පද්‍යයේ කොටසක් උපුටා ඇලවීම හේතුවෙන්. එම උපුටනයේ “Oh bury me, then rise ye up / And break your heavy chains / And water with the tyrants’ blood / The freedom you have gained,” ලෙසින් සඳහන් වෙනවා.

    රුසියානු යුද්ධය බිහිසුණු සහ සාපරාධි ලෙසින් හැඳින්වීම ඇයට එරෙහි චෝදනා වන අතර තමා සිදු කළේ කවියක් උපුටා දැක්වීම පමණක් බවත් ඉන් එහා වෙන කිසිවක් නොකළ බවත් ඇය අදහස් දක්වා තිබුණා. මින් පෙරද ඇය මෙවැනි අත්දැකීම්වලට මුහුණපා තිබෙනවා. 2022 වසරේ ශාන්ත පීටර්ස්බර්ග්වල යුක්‍රේන මරියපෝල් නිවුන් දරුවන් වෙනුවෙන් කැප වූ ස්ථානයකදී “Muderers, You Bombed it. Judases” යනුවෙන් සටහන් කිරීම නිසා ඇය අත්අඩංගුවට ගත්තා. යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය ගැන සමාජ මාධ්‍යයේ සටහනක් තැබීම නිසා ඇයව විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමුවා. ඇයට එරෙහි චෝදනා විකාර සහගත ඒවා බව රුසියාවේ මානව හිමිකම් සංවිධානයක් වෙන මෙමෝරියල් සඳහන් කරනවා.

    සිය රටේ තරුණ පරපුර අතර යුධ විරෝධී මත පැතිරීම වැළැක්වීමට රුසියාව දැඩි උත්සාහයක් ගන්නවා. සිර දඬුවම් නියමවූ තරුණිය අධිකරණයේ සිට සිය ආධාරකරුවන්ට අත වනමින් සිනාසෙමින් ගමන් කරන අයුරු දක්නට ලැබුණා.

    CNN News ඇසුරිනි –

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page