Sydney Sweeny නම් හොලිවුඩ් නිළිය ස්නානය කළ වතුරෙන් නිමැවූයේ යැයි කියන සබන් කැට 5000 ක් මේ වන විට අලෙවි වී ඇතැයි වාර්තා වේ. ඇය ස්නානය කෙරූ වතුර එක් කොට නිමවූ Sydney’s Bathwater Bliss නම් මෙම සබන් වර්ගය පසුගිය ජුනි හය වැනිදා Dr. Squatch නම් වෙබ් අඩවිය ඔස්සේ අලෙවියට එක් කොට තිබු අතර මෙතෙක් නිෂ්පාදිත සබන් කැට පන්දහසම මේ වන විට විකිණී ඇති බැව් සඳහන්. සිය අළුත්ම චිත්‍රපටය Echo Valley හි මංගල දර්ශනයේ දී සිඩ්නි සබන් පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ හැමෝම ඒ ගැන උනන්දුවක් දැක්වීම ඇයව සතුටට පත් කරන බවයි. ඇය නැවතත් විකිණීම සඳහා සබන් නිෂ්පාදනයට සුදානම් වන බැව් පැවසෙයි.
– Hollywood News ඇසුරිනි –