Businessචීන "Bubble Tea" වෙළෙඳපලට පවා අභියෝගයක් වූ ඕස්ට්‍රේලියාවේ...

චීන “Bubble Tea” වෙළෙඳපලට පවා අභියෝගයක් වූ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා

-

spot_img

Bubble Tea: සිඩ්නි “Cha Point” අවන්හල් ජාලයේ හිමිකරු – Mr.MO

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති කීර්තිමත් ව්‍යාපාර ජාලයක් වන “Cha Point” හි හිමිකරු වන ඔහු නමින්, Mr. MO ය.

“Bubble Tea” යනු චීන ජාතිකයන් අතර අතිශය ජනප්‍රිය තේ පානයකි. ඒවා විවිධ රසයන් උත්පාදනය වන අයුරින් සකසා, පෙට්ටි කඩ ආකෘතියෙන් බැහැර කොට, පාරිභෝගික ආකර්ෂණය දිනාගත් සුපිරි අවන්හල් ජාලයක් බවට පත් කිරීමේ සංකල්පය “Cha Point” හි හිමිකරු Mr.MO ගේය.

Cha Point Izmiya

“Cha” යනු ආසියානු ඌරුවට අනුව “තේ” ය. තේ පානය ආසියානු සංස්කෘතියේම එක කොටසකි. එය බටහිර සංස්කෘතියේ බහුලව නැතත්, සිඩ්නි හි Mr.MO ආරම්භ කළ “Cha Point” අවන්හල් සංස්කෘතිය හේතුවෙන්, අද වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන යුරෝපිය ජාතිකයන් අතරද “Bubble Tea” අතිශය ජනප්‍රියව පවතී. එම ජනප්‍රියත්වය සනාථ කරමින් ඔහුගේ ව්‍යාපාරය සදහා ඕස්ට්‍රේලියානු රජය මගින් “takeaway and fast-food local business annual award” සම්මානයද පිරිනමා තිබේ. සිඩ්නි හි Riverwood වලින් ආරම්භ කරන ලද “Cha Point” හි ශාඛාවන් අද වන විට Revesby, Bankstown යන ප්‍රදේශ දක්වාද ව්‍යාප්තව පවතී.

ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස සුක්ෂම බව,කඩිසර බව සහ නිර්මාණශීලි බව උපතින්ම රැගෙන ආ අයෙකු බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මහනුවර උපත ලද Mr.MO, සිය ප්‍රථම රැකියාව සඳහා රත්නපුරයට පැමිණෙයි. ඒ තම සොහොයුරෙකුගේ රෙදිපිළි ව්‍යාපාරයක සේවය සඳහාය. එහිදී, උපතින්ම ව්‍යාපාර සඳහා වූ තම ඇල්ම තව,තවත් ඔපමට්ටම් කරගන්නා ඔහු, සිය පළමු ව්‍යාපාරය වෙනුවෙන් කොළඹට පැමිණෙයි. එම ව්‍යාපාරය වන්නේ පංචිකාවත්තේ අරඹන ලද මෝටර් රථ අමතර කොටස් අළෙවිහලකි. ලංකාවේ බොහෝ දෙනෙකු නොදන්නා කාරණය වන්නේ ඔහු එවකට ලංකාවේ සිටි ජනප්‍රිය මෝස්‌තර නිරුපන ශිල්පියෙකු බවයි. එවකට සිය පෙම්වතියගේ සහයෝගයෙන් මෙන්ම මෝස්‌තර නිරුපනයෙන් උපයා ගත මුදල්ද ඔහු සිය ව්‍යාපාරයේ දියුණුව සඳහා යොදවන ලදී. එම ක්ෂේත්‍රය තුලින් උගත්, ආකර්ෂණිය බව රඳවා ගැනීම හා ප්‍රවර්ධනය වැනි ලක්ෂණ ඔහු, සිය ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා උපයෝගී කරගත් බවට කිසිඳු සැකයක් නැත.

Mr.MO ගේ ව්‍යාපාරික ලෝකයේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ, 2015 වසරේ සිය බිරිඳ සමඟ ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟය. එවකට ඔහු පුතුන් දෙදෙනෙකුගේ පියෙකි.
ඔස්ට්‍රේලියාවේදී ඔවුනගේ පවුලට තවත් දියණියක්ද එකතුවේ.විවිධ රැකියා කරමින් පවුලේ නඩත්තුව වෙනුවෙන් වෙහෙස වෙමින් සිටියද, ඔහුගේ සිතෙන් ව්‍යාපාරික රසවතා බැහැර වුයේ නැත.2019 වසරේ “Bubble Tea” කලාවට වෙනස් හැඩයක් එක් කරමින් “Cha Point” ආරම්භ වන්නේ Mr.MO ගේ ව්‍යාපාරික සිහිනයට රිදී සීනු හඬවමිනි.
අද ඔහු සිටිනා සාර්ථකත්වයේ වේදිකාවට ඔහු ගොඩවූයේ පහසු මාර්ගයක් හරහා නොවේ.නේකවිධ බාධක ව්‍යාපාරික නුවණ යොදා ජයගනිමිනි. ඉන් ප්‍රධාන බාධකය වුයේ 2020 වසරේ මුළු ලෝකයම මුහුණ දුන් කොවිඩ් වසංගතයට ව්‍යාපාරිකයෙකු ලෙස ඔහුට මුහුණ දීමට සිදුවීමයි. එහෙත් ඔහු අභියෝග අතර නොසැලී සිටියා මිස, අත හැර දැමුවේ නැත.

ඩොලර් හයදහසක් වැනි සුළු මුදලකින් ආරම්භ කොට, වෙහෙසින් හා දහසකුත් සාර්ථක,අසාර්ථක පර්යේෂණ වලින් අනතුරුව ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් හා සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට ඔහුට හැකියාව ලැබෙන්නේ ඒ “අත් නොහරිමි’  යන දැඩි අදිටන නිසාවෙනි. අද වන විට සේවකයන් තිහකට අධික පිරිසකට රැකියා අවස්ථා හිමිකර දී ඇති දීප්තිමත් ව්‍යාපාරයක හිමිකරුවෙකු වන Mr.MO ගෙන් ඔබට උගත හැකි ව්‍යාපාරික රහස් බොහොමයකි.

ඒ සියල්ල මෙහි ලියා තැබිය නොහැකි වුවත්, පහත සබැඳි හරහා ඔබට “Cha Point” සමාජ මාධ්‍ය අවකාශය වෙත පිවිස වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

Web

Facebook

Instagram

 

Cha Point Staf

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you