Shri Jayawardhanapura University ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨ විද්‍යාගාරය තුළ රසායණික කාන්දුවක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ මොහොත වනවිට කොළඹ ගිනි නිවීම් ඒකකයේ රසායනික ද්‍රව්‍ය පිළිබඳ නිලධාරින් විසින් එම රසායනික ද්‍රව්‍යය විද්‍යාගාරය තුළින් ඉවතට ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙන්නේ. මෙතෙක් කාන්දුව සිදුවන රසායනික ද්‍රව්‍යය නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත් විද්‍යාගාරය වාතාශ්‍රයට නිදහස් කරමින් පවතින බවත් දැනගන්නට ලැබෙනවා.