More
    spot_img
    ArtPalm Trees and Power Lines වැඩිහිටි පිරිමි ළාබාල යුවතියන්...

    Palm Trees and Power Lines වැඩිහිටි පිරිමි ළාබාල යුවතියන් හා පෙමින් බැඳෙන්නේ ඇයි?

    -

    spot_img

    Palm Trees and Power Lines – සොඳුරු හැන්දෑවක, අවන්හලක් තුළදී ඔවුන්ගේ නෙත් මුණගැහෙන්නේ අහම්බෙන්. ඇය සිටියේ මිතුරු මිතුරියන් පිරිවරාගෙන. ඔහු ඒ සුන්දර කෙල්ලට ඇසක් ඉඟිමැරුවා. ඒ මොහොතේ ඇයට ලෝකයම අමතකව යන්නට ඇති. ඔහු ආකර්ෂණීය පිරිමියෙක්. පළමු හමුවේම ඔවුන් එකිනෙකා හඳුනාගන්නවා. එකිනෙකා වෙත ආකර්ෂණය වෙනවා. ඇයට දැනෙන්නේ නොඉවසිල්ලක්. පිරිමියෙක් කෙරේ එතරම් තදබල කැමැත්තක් මීට පෙර ඇයට දැනී නැතිව ඇති. වචන කිහිපයක කතාබහකින් අනතුරුව ඇය ඔහුගෙන් අහන්නේ ඔහුගේ වයස.

    ඔහුට තිස් හතරයි. ඇයට දාහතයි.

    Palm Trees and Power Lines

    Lea ජීවත් වුනේ මව සමගින්. ඒ මව සහ දුව අතර එතරම් සමීප සම්බන්ධකමක් තිබුනේ නැහැ. එකම නිවහනක ජීවත්වුණත් ඔවුන් විසුවේ තම තමන්ටම සීමාවූ ලෝකවල වෙන්න ඇති. ඇයට පෙම්වතෙක් සිටියා. ඇගේ මිතුරු කණ්ඩායමේම අයෙක්. නමුත් අවන්හලේදී ඒ නොහඳුනන පිරිමියා වූ Tom මුණගැසීමත් සමග ඇය වයසින් වැඩුණු ඒ පිරිමියා පිළිබඳව උමතුවී සිටියා. ඔහු සමවයස් කොල්ලන් වගේ නෙමෙයි. ඔහුට ඊට වඩා ජීවිත අත්දැකීම් තිබුණා. ඔහු කඩවසම්. සරාගීයි. පරිණතයි. තනිවුන කෙල්ලකට, රැකවරණයක් සෙව්ව කෙල්ලෙක්ට හිතෙන්න ඇති තමන්ට ඕන හැමදේම ඔහු සතුව ඇතිවගට.

    Palm Trees and Power Lines

    ඇය සූදානම් ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න. ජීවිතය පිළිබඳව එතරම් අත්දැකීම් නොමැති ඒ යුවතියගේ ප්‍රේමය එතරම් ප්‍රබලයි. ඔහු ඇගෙන් සමහර කරුණු වසං කරන වග, බොරු කියමින් සිටින වග සමහර අවස්ථාවල ඇයට වැටහුණත් ඇය ඒ දේවල් නොතකා හැරියා. ඇය එපමණටම ඔහුගේ ග්‍රහණයට නතුවී සිටියා. එය බොහොම මිහිරි ලෙස පෙනෙන අවනත වීමක්. ඇය තුළ වූ අවිනිශ්චිත ස්වභාවය, අරමුණු නොමැතිකම වැනි ගතිලක්ෂණ ඔහු මනා සේ හඳුනාගත්තා. ඔහු ඈ වෙත ප්‍රවේශවන්නේ සෙමෙන්, ඇයටත් නොදැනෙන ලෙසින්. තව තවත් ඇයව හුදකළා කරමින්, ඈ සතු වීරයා ඔහුම පමණක් වග ඇයට දැනෙන්නට හරිමින්. ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම, කපටිකම වැනි කලාවන්ගේ ශූරයෙක්. ඉතින් මේ සබඳකමේ අවසානය කෙබඳු එකක් වේවී ද…?

    Palm Trees and Power Lines

    ප්‍රේමයට වයස හරස් නොවන වගට කතාවක් තිබෙනවා. එය සැබෑවක් ද…? වැඩිහිටි පිරිමියෙක් ලාබාල යුවතියක් හා බැඳෙන්නේ මන්දැයි Palm Trees and Power Lines (2022) ඉතාමත් සියුම්ව, සුන්දරව සහ සරාගී අන්දමින් පහදා දෙනවා.

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page