PoemsLoyalty බෙදීමක් නැති බැඳීමක්

Loyalty බෙදීමක් නැති බැඳීමක්

-

spot_img

Loyalty බෙදීමක් නැති බැඳීමක්

ආව ගිය මඟවත් නොයා
මතකයන් හළුකර දමා
රිදෙන විට පිරිමැද තවා
ප්‍රේමයක් ඇත පේ වෙලා..

කදුළු හොරැහින් පිසදදා
දිග සුසුම් තනිවම හෙලා
පෙර මතකයන් විඳ, විඳා
ප්‍රේමයක් ඇත පේ වෙලා..

නොදැකි ගානට මඟ හැරා
ගැටෙන ඇස ගෙන ඉවතලා
සිහිවටන මැද ගිණි කකා
ප්‍රේමයක් ඇත පේ වෙලා..

උමතු තනිකම කියවලා
ඔහේ තනි මඟ ඇවිදලා
කුස නොකා එය රවටලා
ප්‍රේමයක් ඇත පේ වෙලා..

සියළු වැඩ හෙටටම දමා
ලෙයක් ළයකට හිරවෙලා
ලොවට දුක ගැන සඟවලා
ප්‍රේමයක් ඇත පේ වෙලා..

බැඳීමට ලොබ බැඳීමක
පිදීමක් ලඟ තිබේමය
බෙදීමක් නැති බැඳිමක
වෙළිමත් හරි අගේමය……

✍ ඩිලානි ඩී. ලියනගේ

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

සාරා

සාරා - Between Acts සින්ක් එක ආයෙමත් හිර වී තිබේ. ජීවිතේ හැටි! අපි එයට වත්කරන ජලයට වඩා සෙමින් වතුර බැස...

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you