More
    NewsKotmale bus accident බස් අනතුරේ ඇසින් දුටු සාක්ෂි

    Kotmale bus accident බස් අනතුරේ ඇසින් දුටු සාක්ෂි

    -

    spot_img

    Kotmale bus accident – කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ  අනතුරක් සිදුවුණා. එම අනතුරින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබුණා කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් තිබූ අදාළ ලංගම බස් රථය නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදි අනතුරට පත්ව තිබුණා.

    මෙම ස්ථානයෙන් බණ්ඩාරවෙල ටියුෂන් පන්ති කිරීම සදහා යන ධම්මික ශ්‍රීබණ්ඩාර නම් ගුරුවරයෙක් එම සිදුවීම සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනක් පහතින් උපුටා දක්වමි.

    මේ දැන් ටිකකට කලින් (7 pm) මම ගත්තු photo එකක්. අද කොත්මලේ බස් අනතුර සිදුවුන තැන.පහන් පත්තු කරලා තිබුණ නිසා වාහනය නවත්තලා එතනට ගියා. (තවත් අය කිහිප දෙනකු හිටියා.) මේ කතාව කියන්නම ඕනේ දෙයක්. හැබැයි තමන්ගේ දේශපාලන පක්ෂය පැත්තකින් තියලා බලන්න.

    මම හැම ඉරිදා දිනකම උදේ 7.30 වෙන කොට බණ්ඩාරවෙල යනවා මේ පාරේ.( මගේ ටියුෂන් පන්ති වලට) අදත් මේ හරියෙන් යනකොට උදේ 6 අාසන්න වෙලා තිබුණා. එතකොට පාරේ  සෑහෙන සෙනඟක් හා වාහන සැළකිය යුතු ප්‍රමාණයක් තිබුණා. ඒ වෙලාවේ 1990 ගිලන් රථයකට රෝගියෙක් පටවලා අරන් යනවා. මම slow කරලා බලනකොට ඇහුනා, හරි හරි අන්තිම එක්කෙනා තමයි ගෙනියන්නේ කියලා, පාරේ හිටපු අය හයියෙන් කාට හරි කියනවා. මම හිතුවා ගොඩක් කලින් වෙච්ච අනතුරක් දැන් ඔක්කොම ඉවරයි කියලා. මොකද මිනිස්සු ගොඩක් හිටියා, වාහනත් ගොඩක් තිබුණා, (එක බලන්න ආපු අය කියලා) හැමෝම ප්‍රපාතය දිහා බලාගෙන ඉන්නවා. 7.30 පන්තියට යන්න ඕනේ නිසාත්, මට කරන්න තරම් දෙයක් නැ කියලා හිතලා මම එතනින් ආවා. දවල් වෙන කොට තමයි තත්වය බරපතලයි කියලා නිවුස් වලින් දැක්කේ.

    අද හවස ආපහු එන කොට මම එතන නතර කරන්න හිතාගෙන ආවේ. එතකොට තමයි මේ පහන් ටික දැක්කේ. එතනට ගිහින් මිනිත්තු 15 විතර හිටියා කළුවර වෙලා තිබුනේ. තව පාරේ ගියපු ටික දෙනෙකුත් හිටියා. ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් ටිකක් ආවේගයෙන් කතා කරනවා එතන. මම ටිකකින් එයාලත් එක්ක හිතවත් වුණා.

    මගෙන් ඇහුවා මහත්තයා කව්ද? පොලිසියේ ද? රජයේ නිලධාරියෙක් ද? කියලා. මම හිනා වෙලා කිව්වා අපෝ නැහැ.
    මම ටියුශන් ගුරුවරයෙක් කියලා. ඊට පස්සේ තමයි කතාව කිවේ.

    සර් අපිට වඩා උගත්නේ අපි ඩිග්ග්‍රි ගහලා නැ. මේ අයියා තමයි මළ මිනි 15 විතර තනියම ඇද්දේ. කියලා කෙනෙක් පෙන්නුවා. බස් එක වැටුන හරියට එහා පැත්තෙන් එයාගේ ගෙදරත්  පෙන්නුවා, (නම සදහන් නොකරමි) ඒ මනුස්සයා කියනවා සර් මෙතන අපේ කවුරුත් මැරිලා නැ. ඒත් අපිට හිත හදා ගන්න අමාරුයි. ඒකයි මේ පහන් ටික හරි පත්තුකරේ. මම තමයි සර් උදේ පාන්දර මේක දැක්කේ. ගමටම කෑගහලා මිනිස්සු ඇහැරවලා මෙතනට එක්කන් අවා.

    මහත්තය මට කියන්න119 ගැහුවාම පොලිසියෙන් එන්න කොච්චර වෙලා යනවද? කියලා. මම කිව්වා ළගම පොලිසියට එන්න එච්චර වෙලාවක් යන්නැ කියලා. ඒක තමයි සර් ඒ  වුනාට මෙතන එහා පැත්තේ (කොත්මලේ )පොලිසියෙන් ආවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා. තව කිව්වා 1990 ට කොල්ලො ටික කෝල් කරා ඒක ආවෙත් පැය ගානක් ගිහින් කියලා. පව් ඒ  මිනිස්සු. අපිට පුලුවන් දේ කරා. හරියට මේ දේවල් කරානම් තව ජීවිත බේරා ගන්න තිබුණා. අනිත් එක සර් අපේ මෙහේ ඉස්පිරිතාලේ පැනඩෝල් පෙත්තක්වත් නැ. ඒකට ගියා කියන්නේ ඉවරයි.

    මම කිව්වා ඒක ප්‍රදේශීය රෝහලක් නේ ගොඩක් පහසුකම් තියෙන්න විදියක් නැ කියලා. ඒ මිනිස්සු හිතේ අමාරුවට තමයි ඒවා  කියන්නේ. මම කරට අතදාගෙන ඒ අයියාට කිව්වා ඔයාලා ඉගෙන ගෙන තියන තරම හොදටම ඇතිගොඩක් උගත් අයට නැති මනුස්සකම් ඔයාලට තියනවා කියලා. මළමිනි ඇදපු විදිය, තුවලා උනු අය ගෙනාව විදිය කිව්වා මට පුදුමත් හිතුනා. සමහරු කියනවා මහත්තයා අපි ළග පිළී ගඳයි ඔයාට දැනෙනවා ද? තාම අද දවසට බත් ඇටයක් කෑවේ නැ. බස් එකේ හිටපු හැම ළමයෙක්ම බේරා ගත්තා. මැරුණු  අයගේ කැලි අතින් එකතු කරා කියලා. අයේ  කවදාවත් මස් කන්නැ කිවිවා,ඒවා දැකපු නිසා.

    මට ඒ  සෙට් එක මෙහෙම කිව්වා සර් පුලුවන්නම් විඩියෝ එකක් දාලා මේක කියන්න. දැන් නිව්ස් වලට යන්නේ fb යන්නේ ඇත්තම කතාව නෙවෙයි. ඒ වෙලේ කවුරුත් හිටියේ  ඔක්කොම උනාට පස්සේ දැන් කට්ටිය ඇවිත් බොරුවට ලකුණු දාගන්නවා. රජයේ ආයතන වල වගකීමක් නැ. 119 ගහලා වැඩක් නැ බොරුවක්, පොලිසිය වැඩක්ම නැ. ඉස්පිරිතාලෙත් ඒවගේ  තමයි. හැබැයි හමුදාවේ කොල්ලෙක් බැස්සා පොර නම් සුපිරි වැඩ්ඩෙක් කියලා කිව්වා. හෙට අපි මෙතන දන්සලක් දෙනවා පුලුවන් විදියට මැරැනු අයට පිං පිණිස කියලා ඒ කොල්ලො ටික කිව්වා. මම එකට  සල්ලි දෙන්න හදද්දි එයාලා කිව්වා එපා සර් සල්ලි එපා.

    මෙතන  වුණ වැරැද්ද කියන්න. මිනිස්සු මෙච්චර මරැනේ බේරාගන්න වගකීමක් ගත්තේ නැති නිසා කියලා. මේ මිනිස්සු කියන කතාව 100% නැතත් හොයලා බලන්න වටින දේවල් තියනවා. කාට උනත් මේ වගේ දුර පැත්තකදි අනතුරක් උනොත් මීට වඩා දෙයක් නැ තමයි. අද සිදු වීමේ විශේෂ දේ තමයි, මම දකින විදියට රොහල් ගත කිරිමෙන් පසු ටික වෙලාවක් තුළ මරණ සංඛයාව වැඩිවීම. පේරාදෙණිය, මහනුවර වැනි ප්‍රධාන රෝහලක් නම් තත්වය වෙනස් වීමට පුලුවන්. පැය ගනන් ප්‍රමාද වී, අවශ්‍ය ප්‍රතිකාර නොමැති වූ විට වෙන කුමක් සිදුවේද…? රාජ්‍ය ආයතන වල වගකීම් පැහැර හැර ඇතිනම් ඒ ගැන පරීක්ෂණ සිදු කර, අනාගතයේ මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගත යුතුය. මධ්‍යම රාත්‍රිය (12.50) පසු වුවද මෙය අපහසුවෙන් සටහන් කලේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තරැණයිගේ ඉල්ලීම හා මා තුළ ඇතිවූ කම්පනය නිසාය. රෝගීන්ට ඉක්මන් සුවය පතමි…!

    උපුටා ගැනීම අවසන්.

     

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා

    ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා - Carlos Alcaraz  වර්තමානයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ස්පාඤ්ඤ ක්‍රීඩක Carlos Alcaraz. 2003...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page