NewsJessica Radcliffe පුහුණුකාරිය මරා දැමු තල්මසාගේ වීඩියෝව AI වලින්...

Jessica Radcliffe පුහුණුකාරිය මරා දැමු තල්මසාගේ වීඩියෝව AI වලින් කළ එකක්

-

spot_img

Jessica Radcliffe – Pacific Blue Marine නම් උද්‍යානයක සජීවී සංදර්ශනයක් අතරතුර තල්මසෙකු (Orca) තරුණියකට ප්‍රහාරයක් එල්ල කරන අන්දම දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය උණුසුම් කර තිබුණා. සමුද්‍ර පුහුණුකාරියක වූ Jessica Radcliffe තල්මසා සමග සංදර්ශනයක් ඉදිරිපත් කරමින් සිටි අතර මොහොතකින් ප්‍රකෝපකාරීව හැසිරෙන තල්මසා ඇයව දිය යටට ඇදගෙන යන අයුරු දක්නට ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ බියපත් කෑගැසීම් ද ඇසෙන අයුරින්. මිනිත්තු කිහිපයකින්ම Jessica Radcliffe මිය ගිය බව ඇතැම් අය පවසා තිබුණා. දර්ශන එතරම් පැහැදිළි නොවන මෙම වීඩියෝව ෆේස්බුක්, ටික්ටොක් සහ X සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වූයේ බොහෝ දෙනා කම්පාවට පත් කරමින්. නමුත් පසුව හෙළිදරව් වූයේ මෙම වීඩියෝව 100% ක් ම නිර්මාණය කරන ලද අසත්‍ය එකක් බවයි. මෙහි සඳහන් උද්‍යානයේ නම පවා ව්‍යාජ එකක් බැව් සඳහන්.

Jessica RadcliffeJessica Radcliffe

කෘතිම බුද්ධිය (AI) හේතුවෙන් සත්‍යය සහ ප්‍රබන්ධය වෙන් කර ගැනීම තව තවත් අසීරු වී තිබෙනවා. ප්‍රවෘත්ති දැනගැනීමේදී වගකීම් සහගත සහ විශ්වාසවන්ත මාධ්‍යයක් භාවිතා කිරීමට සැලකිළිමත් වීම වැදගත්.

Times Of India ඇසුරිනි –

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you