More
    spot_img
    BusinessGaladari Hotel - ගලදාරි හෝටලය වෙනස් වෙයි

    Galadari Hotel – ගලදාරි හෝටලය වෙනස් වෙයි

    -

    spot_img

    Galadari Hotel බහුජාතික සත්කාරක කළමණාකරන සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments පෞද්ගලික සමාගම සමඟ ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වනවා. සමාගමේ කොටස්කරුවන් සමඟ සංවිධානය කර තිබු විශේෂ හමුවකදී මේ බව නිවේදනය කර ඇති අතර, එම ගිවිසුමට අනුව මින් ඉදිරියට කොළඹ ගලදාරි හෝටලය “Radisson Blu Hotel Galadari Colombo” ලෙස නැවත නම් කරන බව වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.

    මේ අනුව ගලදාරි හෝටලය ප්‍රතිසංස්කරණය කිරීම Radisson කළමණාකාරිත්වය යටතට ගෙන ඇති අතර, හෝටල් සංවර්ධන සේවා ගිවිසුමකට (HDSA) සහ හෝටල් කළමණාකරණ ගිවිසුමකට (HMA) අනුව එය සිදුකිරීමට සමාගම අදහස් කරන බව පැවසේ. නුදුරේදීම ගලදාරි හෝටලයේ කළමණාකාරිත්වය සමාගමේ අභිමතය පරිදි සහ හඳුනාගත් කොන්දේසි වලට යටත්ව සිදුකිරීමට නියමිත බවද නව සමාගම පවසනවා.

    යෝජනාව සම්මත කිරීමෙන් පසු 2023 මැයි මස 1 වන දින සිට මෙය බලාත්මක වන බවත්, කාමර 450 කින් යුත් මෙම හෝටලය වසර හතරක කාලයක් ඇතුලත නවීකරණය කිරීමට කටයුතු කරගෙන යන බවද වාර්තා වනවා.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page