FeaturesHuman Rights - NPP ආණ්ඩුව මානව හිමිකම් රකියිද?

Human Rights – NPP ආණ්ඩුව මානව හිමිකම් රකියිද?

-

spot_img

Human Rights – ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක වූ හිමාලී සුභාෂිණි අරුණතිලක, තමන් යටතේ සේවයේ කල සේවිකාවකට නිසි පරිදි වැටුප් ලබා නොදුන්නේය යන චෝදනාව මත, ඇයට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය විසින් ඩොලර් 100,000කට වඩා දඩයක් නියම කර තිබේ. මෙම දඩයට අමතරව හිඟ වැටුප් සහ එහි පොලිය ලෙස තවත් ඩොලර් 500,000ක් අදාල සේවිකාවට ගෙවන ලෙස නියෝග කර තිබිණි. නමුත් හිමාලි අරුණතිලක එම ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. පසුගිය දිනෙක මේ පිළිබඳව මාධ්‍ය සාකච්ජාවක් අතරතුර මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව තහවුරු කළ අතර එය සාමාන්‍ය, සරල සිද්ධියක් ලෙස හැඟවෙන අයුරින් කතා කළේය. අමාත්‍යවරයාගේ පැහැදිළි කිරීමේ සංක්ෂිප්ත අදහස වුයේ, “රාජතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය මඟින් පත් කර ඇති නිලධාරින් හට සිය සේවා අවශ්‍යතාවය පරිදි මෙරටින් සේවකයෙකු රැගෙන යෑමේ ප්‍රතිපාදන සලසා ඇති බවත්, එසේ කිරීමේදී එම සේවකයන් සඳහා වැටුප් නියම කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය බවත්, එම ගෙවීම් ඕස්ට්‍රේලියානු මුල්‍ය වටිනාකම හා සැසඳීමේදී අවම වීම හේතුවෙන් මෙම නඩුව පවරා ඇති බවය”

තත්වය එසේ තිබියදී, බැරිස්ටර්වරයෙකු වන රුවන් ප්‍රභාත් වතුගරගේ එම නඩු තීන්දුවේ සඳහන් කරුණු උපුටා දක්වමින් තැබූ ෆේස්බුක් සටහනක තිබුණේ, අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා අතිශය ලැජ්ජාවට පත්වූ බවය. ඇමතිවරයා කොමසාරිස්වරියට සුදුහුණු ගාමින් ඇයව නිර්දෝෂී කරන්නට වෙර දැරුවද, නඩු තීන්දුවේදී එය ඔප්පු කිරීමට තරම් සාක්ෂි කොමසාරිස්වරිය සතුවූ බව පෙනෙන්ට නැත. එහි පළමුවැන්න ලෙස සඳහන් වන්නේ රැකියා කොන්ත්‍රාත්තුවේ සඳහන් මුදල හා කොමසාරිස්වරිය සිය සේවකයාට ගෙවූ මුදල පරස්පර වීමයි. එමෙන්ම අමාත්‍යවරයා රජයෙන් ගෙවන බව කීවද සිය සේවිකාවට වැටුප් ගෙවා ඇත්තේ කොමසාරිස්වරියයි. තවද, සිය සේවකයා විදේශීය රාජ්‍ය ප්‍රතිපත්තිවලට යටත් බව පෙන්වීමට හැකි ලියකියවිලි නඩු කටයුත්තේදී ඉදිරිපත් කර නොතිබූ අතර ඕස්ට්‍රේලියානු අධිකරණය කිසිවිටෙකත් කොමසාරිස්වරිය එම චෝදනාවෙන් නිදහස් කොට හෝ ඇයට පක්ෂපාතී තීන්දුවක් ලබා දී නොමැත.

හිටපු කොමසාරිස්වරියට එරෙහි නඩු තීන්දුවේ ඇය තම සේවකයාට වසර දෙකකුත් මාස පහකට වැඩි සේවා කාලය සඳහා ගෙවා ඇති මුළු මුදල ලෙස සඳහන් වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර් 11,212.70 ක මුදලකි. එවිට ඇගේ මාසික වේතනය වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර් 387 ක් වැනි මුදලකි. ඇගේ සේවා කාලය හා සසඳන විට ඇය පැයකට ලැබූ වැටුප ලෙස සඳහන්ව ඇත්තේ ඩොලර් 0.90 කි. ඕස්ට්‍රේලියාවේ ජිවන මට්ටමට සරිලන වැටුපක් ලැබීමට හිටපු කොමසාරිස්වරියට ඇති අයිතියම ඇය යටතේ සේවය කරන සේවකයන්ටත් හිමිවිය යුතු බව මානව හිමිකම් ගැන දන්නා මේ නිත්‍ය නියෝජිතවරිය නොදැන සිටීම පුදුමයකි. ඒ නිසාම ඒ අයිතිය  වෙනුවෙන් ඇගේ සේවකයා ඕස්ට්‍රේලියානු නීතියේ පිළිසරණ යැදීමේ කිසිඳු වරදක්ද නැත. අමාත්‍ය විජිත හේරත් ද පවසන ආකාරයට හිටපු ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වර්තමානයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියයි. තමා යටතේ සේවය කරන සේවකයෙකුට නිසි පරිදි වැටුප් ගෙවා නැති බවට විදෙස් අධිකරණයක චෝදනා ලද රාජතාන්ත්‍රික නිලධාරිනියකට රටක මානව හිමිකම් වෙනුවෙන් තව දුරටත් පෙනී සිටිය හැකිද..? එය කෙතරම් යුක්ති සහගතද..? එවන් නිලධාරිනියකගේ සේවය අගයමින් විදෙස් කටයුතු අමාත්‍යවරයාම මාධ්‍යයට අදහස් දැක්වීම සදාචාරසම්පන්නද..? නීතියට ඉහළින් කිසිවෙකු නැතැයි පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව, නිර්ධන පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන වේදිකා දෙදරවූ ආණ්ඩුව, වංචාවට, දුෂණයට, අක්‍රමිකතාවලට තිත තබන්නට, හොරු අල්ලන්නට, “පොහොසත් රටක් – ලස්සන හෙටක්” හදන්නට පොරොන්දු වූ ආණ්ඩුව මේ කරමින් සිටින්නේ කුමක්ද..?

ජනපති අනුර කුමාර දිසානායක පොලිස් නිලධාරීන්ට කිසිදු බාහිර බලපෑමකට යටත් නොවී ක්‍රියාකරන ලෙසත් තමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කරනු අපට අසන්නට ලැබිණි. පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවයකදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළේ යැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් බවට ප්‍රවෘත්තීන් පළවන්නට වුයේ මේ අතරතුරය. මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ, මුලතිවු ගුවන් හමුදා කඳවුරේ රඳවා තබා ඇති බව පැවසෙන අදාළ සරණාගතයින් බැලීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරියගේ අනුමැතියකින් තොරව අවසර ලබාදිය නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට පැවසීමෙන් අනතුරුවය.

බණ්ඩාරනායක පාලනයටත්, ජයවර්ධන පාලනයටත්, ප්‍රේමදාස පාලනයටත්, රාජපක්ෂ පාලනයටත්, වික්‍රමසිංහ පාලනයට මෙන්ම මෛත්‍රී පාලනයටත් 76 වසරක සාපය යැයි උදේ හවා දෙස් දෙවොල් තැබූ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ NPP ආණ්ඩුවටත් මේ රටේ මානව හිමිකම් හෝ සාමාන්‍ය ජන ජීවිතය සුඛිත, මුදිත කිරීමේ හැකියාව ඇතැයි කියා මේ ආසන්න සිද්ධි නිරීක්ෂණය කිරීමේදී තවදුරටත් අපට විශ්වාස කළ හැකිද..? විධායකය ඉල්ලුවිට එය 42% කිනුත්, ව්‍යවස්ථාදායකය ඉල්ලු විට එය 3/2 කට වඩා වැඩි බලයකිනුත් ලබාදී තිබියදී, රාජ්‍ය සේවකයින් සමඟ රාජ්‍ය පාලනය පහසු නැතැයි කංකෙඳිරි ඇසෙන තරමට වත්මන් ආණ්ඩුවේ අඬවැඩියාව හාස්‍ය රසයට හරි තිබේ. හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව සාහසික ක්‍රියා පිළිබඳ චෝදනා එල්ල වන්නේනම්, මානව හිමිකම් නිත්‍ය නියෝජිතවරියන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණවල නඩු ඇසෙන්නේනම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සරණාගතයන් පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා වෙත ලිපි යැවිය යුතුනම්, මේ ආණ්ඩුව තවදුරටත් පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි අපට විශ්වාස කළ හැකිද..?

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you