More
    ArtCall Me By Your Name පිරිමි දෙන්නෙක් අතර ප්‍රේමය...

    Call Me By Your Name පිරිමි දෙන්නෙක් අතර ප්‍රේමය මොන වගේද…?

    -

    spot_img

    Call Me By Your Name – ජීවයෙන් පිරුණ රන් පැහැ හිරු කිරණින් පරිසරය නහවමින් උදා වී තිබුණේ ගිම්හාන සෘතුව යි. දිලිසෙන කොළ පැහැති ගස්වැල් මත රත් පැහැයෙන් දිදුලන ඇපල්, පීච් වැනි ඵල හටගෙන තිබුණා. අතිශය නැවුම් ඒ පලතුරු රසයෙන් බොහොම මිහිරි යි. වරක් රසවින්ද හොත් ඒ රසයෙන් ඔබට ගැලවී යා නොහැකියි. අමතක කළ නොහැකියි. ඇබ්බැහි වෙන සුළුයි. ප්‍රේමයද එවැනියි.

    ඒ ගෙවීයමින් පැවතුණේ 1983 වර්ෂය. සුන්දර ඉතාලියේ පුංචි ගම්මානයක්. කතා නායකයා Elio. ඔහු තවමත් දහ හත් හැවිරිදියි. ඒ මුහුණ ප්‍රතිමාවක මුහුණ තරම් කලාත්මකයි. තමන්ගෙ පවුලෙ අයත් එක්ක ජීවත්වුන මේ හීන්දෑරි ගැටවරයා බොහෝ සේ පොත් කියෙව්වා. සංගීතයට පෙම් කළා. ළමාවියට සමුදී සුන්දර යොවුන් වියට පිවිසීමේ ආශාවෙන් සහ කුතුහලයෙන් පසු වුණා. විසිහතර හැවිරිදි අමෙරිකානු කොල්ලෙකු වූ Oliver, Elio ගේ නිවහනට පැමිණෙන්නේ Elio ගේ පවුලේ අය සමග විවේකයෙන් දිනගත කිරීමේ අරමුණෙන්. කඩවසම්කමේ සංකේතයක් බඳුවූ මේ අමෙරිකානුවා Elio ගේ සිත සසල කරන්නට සමත්ව තිබුණා. අවුරුදු දහ හතක කොල්ලෙකුට ඒ හැඟීම නුහුරු එකක්. ප්‍රහේලිකාවක්. අනික ඔහු පිරිමියෙක්.

    Call me by your nameCall me by your name

    පොත් කියවමින්,පියානෝ වාදනය කරමින් Oliver හා එක්ව බයිසිකල් පදිමින්, සංචාරය කරමින් Elio ගේ දවස් ගතව ගියා. ඔහු හා එක්ව ගත කරන නිමේෂයන් ජීවයෙන් පිරී ඉතිරී ගොස් ඇතිවග Elio ට දැනුණා. තම සිතේ පිරුණු , නොඉවසිලිමත් හැඟීම් Oliver ට පවසන්නට Elio ට වූවමනා වුණා. ඔහුව සිපගන්න. තමා ඔහුට ආදරේ වග පවසන්න. හිරු රැසින් නෑවුන බොහොම නිස්කලංක වටපිටාවක තුරු ගොමුවකදී පීච් ඵලයකටත් වඩා මිහිරි ඔවුන්ගේ පළමු සිපගැනීම සිදුවුණා.

    ඉතින් ඊට පස්සෙ..?

    Call me by your nameCall me by your name

    Call Me by Your Name මොහොතකට මේ ලෝකෙම අමතක කරලා දමලා සැනසෙන්න පුළුවන් සොඳුරු සිනමාපටයක්. සිත සැනසිල්ලෙන් පුරවා දමන බොහොම සොඳුරු ඉතාලි ගම්මානයකට ඔබව රැගෙන යෑමක්. පිරිමි දෙන්නෙක් අතර ප්‍රේමය මොන වගේද…? Elio සහ Oliver අතර බැඳීම බොහොම සුන්දරයි. බොළඳයි. ශෘංගාරයෙන් පිරුණු ඒ බැඳීම සැබැවින්ම සෙනෙහෙබරයි. ඒත් මේ ළයාන්විත හැඟීම්වලට, බොහොමයක් ආටෝප ප්‍රදර්ශනයන්ගෙන් සහ ආත්ම වංචාවන්ගෙන් සමන්විත වූ පියවි ලෝකය තුළ දී ඉඩක් තිබෙනවාද…? පියවි ලෝකය තුළ දී අපිට සිද්ධවෙනවා අපේ ප්‍රකෘති හැඟීම්වලට අගුළු දමාගන්නට. යම් දිනෙක අපිට සිදුවෙනවා අපි කෙතරම් කැමති ප්‍රේමයකට වුවත් සමුදෙමින් යථාර්ථය වැළඳගන්නට. කවියක් තරමටම සොඳුරු මේ සිනමාපටය ඔබට පසක් කර දෙන්නේ ඒ යථාර්ථයයි.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page