ArtBatman සදහටම සමුගනී

Batman සදහටම සමුගනී

-

spot_img

Batman Forever, Star of Top Gun වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකානු රංගන ශිල්පී Val Kilmer ඊයේ (අප්‍රේල් 01) මෙලොවින් සමුගෙන තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 ක්.

නිවුමෝනියාව හේතුවෙන් තම පියා මිය ගිය බව ඔහුගේ දියණිය Mercedes Kilmer තහවුරු කළ අතර වැඩිදුර අදහස් දැක්වූ ඇය පැවසුවේ 2014 වසරේදී තම පියාට උගුරේ පිළිකා තත්වයක් ඇති වූ බවයි.

1986 නිකුත් වූ Top Gun චිත්‍රපටයේ Iceman චරිතයත් සමගින් ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට ඔහු සමත් වූවා. 2022 එහිම දිගුවක් වූ Top Gun: Maverick චිත්‍රපටයේ ඔහු රඟපෑවේ සුපිරි නළු Tom Cruise සමගින්. Batman Forever චිත්‍රපටයේ Bruce Wayne ගේ චරිතය ඔහුට උරුම කරදුන්නේ අතිමහත් ජනප්‍රියත්වයක්. 1980 – 1990 අවධිය Val Kilmer ගේ රංගන දිවියේ හොඳම කාලය ලෙසින් සැලකෙනවා. තමාට ලැබුණ චරිතයක් වෙනුවෙන් බොහෝ සේ කැපවුන රංගන ශිල්පියෙක් ලෙසින් ඔහු ප්‍රසිද්ධයි. ඇතැම් අවස්ථාවලදී අධ්‍යක්ෂවරුන් සමගින් ඔහු ඇතිකරගත් මතභේද ඔහුගේ වෘත්තිය ජීවිතයට ඇතිකලේ අයහපත් බලපෑමක්.

Val KilmerVal Kilmer

1988 වසරේ දී The Willon චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතරතුර දී ඔහුට තම බිරිඳ Joanne Whalley මුණගැසුණා. දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වූ ඔවුන් 1996 වසරේදී දික්කසාද වී තිබුණා.

– Independent ඇසුරෙනි –

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you