More
    ArtAtonement: වැරදිකරුවකුට තම හෘදසාක්ෂියෙන් ගැලවීමක් නැහැ

    Atonement: වැරදිකරුවකුට තම හෘදසාක්ෂියෙන් ගැලවීමක් නැහැ

    -

    spot_img

    Atonement: පොතක් කියැවීම කියන්නෙ අපූරු අත්දැකීමක්. හොඳ කතාවකට පුලුවන් අපිව මේ ලෝකෙන් ඈත් කරලා වෙනස්ම තැනකට ගෙනියන්න. පොතක් නිසා අපේ හිතේ මැවුන අපූරු ලෝකය එලෙසින් ම අපේ දෑස් ඉදිරියේ මැවිය හැකිනම්?සැබැවින්ම එය විශ්මයජනක වැඩක්. Atonement කියන්නෙත් එවැනි අපූරු වැඩක්.

    බ්‍රිතාන්‍ය ලේඛක Ian McEwan විසින් රචිත Atonement කෘතිය ඇසුරිනුයි මේ ෆිල්ම් එක නිමැවී තිබෙන්නේ.

    ඒ 1935 වර්ෂය.Tallis පවුල බ්‍රිතාන්‍යයේ ජීවත්වුන ධනවත් පවුලක්.මේ පවුලේ වැඩිමල් දියණිය Cecilia, ඇය රූමත් තරුණියක්. බාල දියණිය Briony දහතුන් හැවිරිදියි.

    Briony තමන්ගේම ලෝකයක් තුළ ජීවත්වුන, නිහඬ චරිතයක්. ඇය ලියන්න දක්ෂයි. ඇගේ හීනය ලේඛිකාවක් වීම.

    Cecilia ගේ පෙම්වතා Robbie. Briony ගේ හිතේත් ඔහු ගැන කැමැත්තක් තිබුණා. ඇයටම නොවැටහෙන ආකර්ෂණයක්. තම අක්කා සහ ඔහු ආදරයෙන් ගත කරන හැටි Briony දකිනවා. ඇගේ සිත රිදෙන්න ඇති.

    Lola නැමති ගැහැණු ළමයා ජීවත්වුනේත් ඔවුන්ගේ මන්දිරයේමයි. එක් රාත්‍රියක Tails මන්දිරයේ පැවති රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුරදී කිසිවෙකු විසින් Lola ව දූෂණය කර තිබුනා.

    තමා දූෂකයාව ඇසින් දුටු බවත් ඔහු අන් කිසිවෙකු නොව Robbie බවත් Briony සියල්ලන් ඉදිරියේ පවසනවා.

    තම සිතැඟි සඟවාගත්, තමාගේම ලෝකයක ජීවත්වෙන කෙල්ලෙක් පවසන දේවල් සත්‍යය යැයි විශ්වාස කරන්න පුළුවන් ද?

    සැබැවින් ම එදින රාත්‍රියේ සිදුවූයේ කුමක්ද? වැරදිකරුවා Robbie ද?අන් අයෙක් ද?

    මේ කතාව මෙතැනින් නිම වන්නේ නැහැ. තවත් වසර ගණනාවක් කරා ඇදී යනවා.

    Robbie – Cecilia පෙම් යුවළට අත්වන ඉරණම කුමක්ද? මේ දෙදෙනාගේ බැඳීම ආදරය පිරුණු බැඳීමක්. උණුසුම් ශෘංගාරාත්මක බැඳීමක්.

    දෙවන ලෝක යුධ සමය පසුබිම් කරගත් Atonement යුද්ධයේ බිහිසුණු බව ගැනත් වැටහීමක් ලබාදෙනවා.

    Atonement, මේ වචනයේ අරුත සමාව දීම. ජීවිත කාලය තුලදී අපි බොහෝ වැරදි කරනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව. සමහරවිට අපිට ඒවාට දඬුවම් ලැබෙනවා. සමහරවිට ලැබෙන්නේ නැහැ. නමුත්, වැරදිකරුවකුට තම හෘදසාක්ෂියෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. කිසිමදාක..

    කොහොමවුනත්, ලේඛකයන් කියන්නෙ අපූරු ජීවීන් කොටසක්. ඔවුන්ට පුළුවන් සුන්දර දේවල් මවන්න. සමහර සත්‍යයන් මුසාවන් කරන්න. මුසාවන් ඇත්ත බවට පත් කරන්න. සිදු නොවූ දේවල් මවන්න. සිදුවූ දේවල් වළක්වන්න. සදාකාලික පෙම්වතුන් – පෙම්වතියන් උපද්දවන්න.

    Atonement, සොඳුරු මන්දිර, ගෘහ භාණ්ඩ, විලාසිතා, ප්‍රේමය, රහස් මෙන්ම යුද්ධයේ බිහිසුණු බව රැගත් අපූර්ව සිනමා අත්දැකීමක්.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page