More
    ArtAdhiran දමිළ සිනමාවට ශ්‍රී ලාංකේය ලකුණක්

    Adhiran දමිළ සිනමාවට ශ්‍රී ලාංකේය ලකුණක්

    -

    spot_img

    Adhiran – ශ්‍රී ලාංකික රසික ජනතාවගේ නොමද ආදරයට ලක් වූ ජනප්‍රිය නිළි මිචෙල් දිල්හාරා රංගනයෙන් දායක වන ප්‍රථම දමිළ සිනමාපටය Adhiran හි පූර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණා. මෙහි දමිළ නළු Sudharshan Raveendran සහ මිචෙල් දිල්හාරා ප්‍රධාන චරිත නිරූපනය කරති. මෙය ඉන්දියානු චිත්‍රපටයක් බවට විවිධ මාධ්‍යයන් ඔස්සේ තොරතුරු ප්‍රචාරය වෙමින් තිබුණද, Adhiran සිනමාපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන Thinesh Kanagaraj ගේ අධ්‍යක්ෂණයක්. සංගීත නිර්මාණය Sagishna Xavier විසින් සිදු කර තිබෙනවා. නිෂ්පාදනය ඒඩ්‍රියන් ප්‍රොඩක්ශන් ( පුද්ගලික) සමාගම විසින් වන අතර අප්‍රේල් – මැයි කාල සීමාව තුළදී Adhiran සිනමාශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිත බැව් සඳහන්.

    Mishel Dilhara and Tinesh KanagarajSudharshan Raveendran

    ගම්බද තරුණයෙකු වූ ආදිගේ කතා පුවත රැගත් Adhiran මත්ද්‍රව්‍ය සහ දේශපාලනය මිනිස් ජීවිත සඳහා සිදුකරන බලපෑම මෙන්ම ආදරය, පවුලේ බැඳීම්, හාස්‍යය තේමා කරගත් වාණිජමය කතා පුවතක් රැගත් සිනමා නිර්මාණයක්. මෙහි රූගත කිරීම් සිදුකර ඇත්තේ යාපනය, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලයි. මිචෙල් දිල්හාරාගේ දමිළ ඌරුව සහිත පෙනුමත්, සිනමාත්මක රංගනයේ අපූර්ව බවත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන්ම වැටහී යනවා. 2025 වසර ලාංකේය සිනමා රසිකයින්ට විශේෂ වසරක් වනුයේ, මෙම වසරේම ප්‍රදර්ශනය ඇරඹු “නෙළුම් කුළුණ” චිත්‍රපටය ද ශ්‍රී ලාංකික දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන Ilango Ram විසින් අධ්‍යක්ෂණය කර තිබීමයි. Ilango විසින්ම අධ්‍යක්ෂණය කළ “Perusu” නම් දමිළ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වන “නෙළුම් කුළුණ” චිත්‍රපටයද අති සාර්ථකව තිරගත වන මේ කාලවකවානුව තුළ දමිළ සිනමාවට පෙම් බඳින ශ්‍රී ලාංකික සිනමා රසිකයන්ට Adhiran සිනමා නිර්මාණය අපූරු අත්දැකීමක් වනු නිසැකයි.

    Tinesh Kanagaraj and family

    Image Source: Thinesh Kanagaraj FB page

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි - Thudarum පිරිමියෙක්ගෙ නිවීම ඔහුගෙ පවුල. ආදරණීය සැමියෙක් පියෙක් විදිහට ඔහු සතු වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ...

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page