NovelsRath Dothaluරත් දෝතළු - 84

රත් දෝතළු – 84

-

spot_img

රත් දෝතළු – 84

විනීෆ්‍රීඩා මහත්මිය මසන ලද සිඟිති ගවුම් යහන මත අතුරා මා බලා සිටියේ ආශාවෙනි. කොට්ට උර, ගවුම්, නැප්කින ආදී අවශ්‍ය සියළු දේ එහි විය. අහස් නම් කීවේ ඒ සියලු දේ දැන් කඩ සාප්පුවල ඇති නිසා මිලදී ගත හැකි බවය.

“ඔයා මොනවද දන්නේ පුතේ… කටවහන් ඉන්න…”

ඒ මොහොතේ විනීෆ්‍රීඩා මහත්මිය කීවේ නොමනාපයෙනි.

“අරවින්දි…”

ඈ තවත් ගවුමක මල් මසමින් මා අමතන විට මම හිස හරවා ඈ දෙස බැලීමි.

“මැඩම්…”

“මේ සේරම ඉවරවුණාම ඔයා මා එක්ක එහේ ගෙදර ඉන්න එන්න ඕන හැමදාටම… අහස් එයාගේ ගෙදර නවතියි… නැත්නම් පිටරටකට යයි…”

ඇගේ කතාවෙන් මම තිගැස්මකට පත්වූයෙමි. මේ සියල්ල අවසානයේ මා කුමක් කළ යුතුද කියා මම සිතා නොසිටියෙමි.

“අනේ මැඩම්… මම කොහොමද එහෙම කරන්නේ… මට ඒක කරන්න බැරිවෙයි… අහස් සර් වුණත් ඒකට කැමතිවෙන එකක් නැහැ…”

“ඒ මොකද එයා අකමැති වෙන්නේ…?”

“මම දිගටම මැඩම් ළඟ හිටියොත් මට දරුවාවත් නිතර දකින්න ලැබෙයි… එතකොට මට එයා ගැන ආදරයක්, බැඳීමක් ඇතිවෙයි… එහෙම වෙන එක ස්වභාවි කයිනේ මැඩම්… ඒ නිසා ඒක කරන්න බැහැ…”

“ඔයාට බය දරුවා ගැන බැඳීමක් ඇතිවෙන එක ගැනද? ඔයා නොකීවට ඔයා අහස් පුතාට හුඟාක් ආදරෙයි කියලා මං දන්නවා දරුවෝ…”

ඇගේ කතාව මා පුදුමයට පත් නොකළේය.

“ඔයාගේ හිතේ ආදරයක් නොතිබුණා නම් අරවින්දි… ඔයා කවදාවත් මේ වගේ තීරණයක් ගන්නෙ නැහැ… එහෙම නේද.?”

එය අසත්‍යයක් නොවේ. ඈ සියල්ල දනී. මම කිසිවක් නොකියා නිහඬව සිටියෙමි. ඈ මා කැඳවාගෙන පිටතට ආවාය.

“එක තැනක් වාඩි වෙලා ඉන්න හොඳ නැහැ… ටික ටික ඇවිදින්න ඕන…”

ඈ මා අතින් අල්ලාගෙන කීවාය. අපි මිදුල දිගේ එහෙ මෙහේ සක්මන් කළෙමු.

“මට හිතෙන්නේ අරවින්දි… ඔයා ආවට පස්සේ මගේ කකුල් වලට අලුත් පණක් ඇවිත් වගේ… මේ මාස ගාණටම පේන් එකක් ආවේ එකම පාරයිනේ… මට හිතෙන්නේ… මට තිබිලා තියෙන්නේ හිතේ ලෙඩක්ද කොහෙද…”

ඈ එසේ කියා සිනහවක් පෑවාය. පරිසරයේ එතරම් සීතලක් නොවුවද සිහින් මීදුමක් නම් විය.

“මෙහෙ හරි නිදහස් නේද මැඩම්…”

ඩේලියා පාත්ති අසල තනා තිබූ බංකුව මත පරිස්සමට හිඳගනිමින් මම කීවෙමි. ප්‍රසූතියට තව මාස තුනක් පමණ ඇත. සතියකට දෙකකට නවතින්නට මෙහි පැමිණියේ අහසේ වුවමනාවටය. දරුවා ලැබී තෙමසක් පමණ ඉක්ම ගිය පසුව ඉතිරි කාලය මෙහි ගත කරමු යැයි මම ඔහු හා කීවෙමි.

“අනේ ඔව් දරුවෝ… අර තාප්ප ඇතුළේ කොටුවෙලා ඉඳලා මට නම් එපා වෙලා… දැන් තමා දැනෙන්නේ මං නිදහසේ හුස්ම ගන්නවා කියලා…”

ඈ කීවේද එසේ දිගු හුස්මක් ඇද ළය පුරවාගනිමිනි.

විහඟ බණ්ඩාරවෙල පැමිණියේ කිසිවෙකුට නොදන්වාමය. හදිසියේ ඔහු පැමිණෙන විට අපි මුහුණින් මුහුණ බලාගත්තේ ඒ නිසාය.

“මේ බලන්නකෝ… මේ ළමයා නොකියාම ඇවිත්…”

සිතේ සතුට සඟවාගෙනදෝ විනිෆ්‍රීඩා මහත්මිය කීවාය.

“සර්ප්‍රයිස් කරන්න ආවේ…”

ඔහුගේ දෑස් තිබුණේ මා වෙතය. ලැජ්ජාමුසු හැඟීමකින් මසිත පිරී යනවිට මම කළේ නෙතු බිමට නැඹුරු කරගැනීමය.

“කෝ බිග් බ්‍රෝ… ෆැක්ට්‍රි එකට ගිහින්ද…?”

අහස් පෙනෙන්නට නොසිටි නිසාදෝ විහඟ විමසීය.

“ඔව්… දැන් එයි… උදේ ගිය ගමන්… චූටි පුතා තේ ටිකක් බොනවද… කනවද…?”

“තේ…”

විහඟ කෙටියෙන් කීවේ සැටිය මතට ඇද වැටෙමිනි. විනිෆ්‍රීඩා මහත්මිය ගෙතුළට යන අතරේ විහඟ විපරම් දෑසින් මදෙස බැලීය.

“මොකද කොළඹ නොඉඳ මෙහෙ ආවේ… මේ දවස්වල එහේ හිටියානම්නේ ලේසි…”

ඔහු කීය.

“ටික දවසකට ආවේ… මැඩම්ටත් එන්න ඕන කිව්වා… එයාත් එහේ හිරවෙලා වගේනේ…”

ඔහු මා දෙසම බලා සිටියේ අමුතු දෑසකින් කියා මට සිතේ. ඒ වෙනදා මා දැක ඇති මට පුරුදු උපහාසය හෝ දඟකාර බව නොවේ.

“මේවා මේ විදියට වෙයි කියලා නම් නෙවේ මං බලාපොරොත්තු වුණේ…”

ඔහු එල්ලකළේ ඇනුම්පදයක්ද කියා සැකයකින් මසිත ගැස්සිණි.

“අපි හිතන දේවල නෙවේනේ විහඟ සර් වෙන්නේ…”

“ඒ වුණත් මං නම් හිතුවේ ඔයා එයාව මැරි කරවගන්න කැමති කරගනියි කියලා…”

“බලෙන් කිසිදෙයක් ලබාගන්න බැහැනේ විහඟ සර්… මම අනාථ වුණා නෙවේනේ… ආදරේ කරලත් අනාථ වුණු අය ඕනතරම් මේ රටේ ඉන්නවානේ… මට වුණේ එහෙම දෙයක් නෙවේනේ…”

“ඔව් ඉතින්… තමුන් කිව්වොත් ඔය වගේ පණ්ඩිත කතාවක් තමා…”

එවර ඔහුගේ හඬට කෝපයක් එක්ව තිබිණි. විනිෆ්‍රීඩා මහත්මිය පැමිණෙනු දුටු නිසාදෝ ඔහුගේ කතාබහ වෙනතකට යොමුවිය.

“චූටි පුතා ගෙවල් පැත්තේ ගියාද…?”

විනීෆ්‍රීඩා මහත්මිය විමසුවේ අප අසල අසුන් ගනිමිනි.

“ඔව් සුදු මම්මා… මං හිහින් ආවේ…”

“අම්මට කොහොමද දැන්…?”

“ඔය ඉන්නේ යස අපූරුවට… එයා සෑහෙන්න වෙනස් වෙලා… දැන් ගෙදර වැඩ එයාම තනියම කරන්නේ… උයන පිහන එක… තේ හදන එක… ඒ විතරක් නෙවේ… ඔන්න දැන් අලුතින් මල් පැළ හිටවන්න පටන් අරන්… මාර වැඩේ… ඒ විතරක් නෙවේ…. දැන් ඔන්න තාත්තා ගැනත් වෙනදට වඩා හොයලා බලනවා…”

විහඟගේ හඬේ වූයේ සුපුරුදු උපහාසයමය.

“එයා පහුවෙලා හරි ඔහොම වෙනස් වුණු එක නම් හොඳයි…”

“එහෙම කියලා ඒකෙන් කිසිදෙයක් වෙනස් වෙන්නේ නැහැ සුදු මම්මා… දැන් එයා මොනවා කළත්… මට නම් ඒකේ කිසි වෙනසක් දැනෙන්නේ නැහැ…”

“ඒකට ඔයාගේ අම්මා විතරක් නෙවේ… ඔයාගේ තාත්තාත් වැරදියි… එයාට ඕන දෙයක් කරගන්න ඇරලා එයාත් නිෂ්ශබ්දව හිටියා…”

විහඟ ඊට කිසිත් නොකියා නිහඬව සිටියේය. එදින සවස අපි පිටතට ඇවිදින්නට ගියෙමු. බණ්ඩාරවෙල නගරය ලස්සනය. සැම තැනක්ම මලින් පිරී ඇත. එය සුන්දරය.

“මෙහෙ හරි ෂෝක්නේ… මං මෙහෙට ආවාමයි…”

නයනී කීවේ ආසාවෙන් පරිසරය නරඹමිනි. යළි එන අතරේ අහස් අපිව තේ කර්මාන්තශාලවටද කැඳවාගෙන පැමිණියේය. නැවුම් තේ කොළ සුවඳින් පරිසරයම පිරී තිබිණි. ලැබෙන්නට සිටින ඔහුගේ දරුවා වාසනාවන්තයෙකු යැයි කියා මට අපි යළි එන අතරේත් සිතිණි.
————————————————————————————————————————————————————-
වේදනාත්මක ඇරඹුමක අවසානය ප්‍රීතිමත් සහනයක් විය. එය ඉතා ඉක්මනින්ම සිදුවූවා යැයි කියා මම සිතමි. සැවොම සිටියේ සන්තෝෂයෙන් කියා මට සිතිණි. විශේෂයෙන් අහස්ට එය ඉතා විශාල සතුටක් විය. මගේ ඇකයේ සුවසේ නිදන සිඟිත්තා දෙස ඔහු මා පසෙකින් යහන මත වැතිර බලා සිටියේ ප්‍රීතියෙන් දිදුලන දෑසිනි. යහන අසල බිම දණ ඔබාගත් විහඟද සිනහ පිරි මුවින් සිඟිත්තා දෙස බලා සිටියේය.

“හැමදේම හොඳින් වුණාට දෙවියන්ට ස්තූතියි…”

විනීෆ්‍රීඩා මහත්මිය පවසන විට විහඟ පුතුගේ කකුලක් සිපගත්තේය.

“මං දැන් බාප්පා කෙනෙක්… කොල්ලා මං වගේද සුදු මම්මා…?”

අපි තිදෙන සිනහ ගන්වමින් ඔහු ඇසුවේ නම් විහිළුවට නොවේ.

“අම්මෝ… මූ වගේ නම් වෙන්න එපා මගෙ පුතේ…”

අහස් වහා කීය.

“නරක්වෙලා තියෙයි නේද සුදු මම්මා…?”

විහඟ නොමනාපයෙන් කීය.

“අනේ ඔව් චූටි පුතා… ඒ ගැන නම් මොකට කියනවද… “

“ආන්න… ආන්න… සුදු මම්මාත් මට කින්ඩිය දානවා…”

විහඟ කෑ ගැසූ හඬින් දරුවා තිගැස්සි යනු දැක මම විහඟගේ උරමතට පහරක් ගැසීමි. එය වරදක් බව පසුව තේරුම් ගියද ඔහුට එහි වගක් නොවීය.

“ඇහැරවන්නද හදන්නේ…?”

ඔහුට රවමින් මම ඇසීමි.

“සොරි, සොරි… අමතක වුණා…”

ඔහු පසුතැවිළි හඬකින් කීය.

“අපි යමු එළියට… මේ ළමයටත් දැන් රෙස්ට් එකක් ගන්න දීලා… පොඩි එකා නිදි වෙලේ ඔයාත් ටිකක් නිදාගන්න ළමයෝ…”

විනීෆ්‍රීඩා මහත්මිය එසේ කියා කාමරයෙන් පිටව යනවිට විහඟද නැඟිට පිටතට ගියේය. සුවසේ නිදන සිඟිත්තා දෙස මා බලා සිටියේ ලොබ සිතිණි. තව නොබෝ දිනකින් මට සියල්ලන්ගෙන් සමුගෙන යෑමට සිදුවන බව දැන සිත සියුම් වූ ශෝකයකින් පිරීගියේය.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණගේ පුරවැසිභාවය ගැන ආණ්ඩුවෙන් පිළිතුරක්

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම තනතුර හෝ ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන අවස්ථාවේදී හෝ ද්විත්ව පුරවැසියකු නොවන...

තමිල්නාඩුවේ මීළඟ මහ ඇමැති තලපති

තමිල්නාඩුවේ මීළඟ මහ ඇමැති තලපති ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන්ආ සන 108 ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට...

වැලිකඩ රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලීසිය...

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා ලංකාවේ  ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, සහ වෘත්තියවේදින් ඇතුළු තුන්දහසකට වැඩි පිරිසක් මෑත කාලයේ දී පරිඝණක...
- Advertisement -spot_img

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා ලංකාවේ  ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, සහ වෘත්තියවේදින් ඇතුළු තුන්දහසකට වැඩි පිරිසක් මෑත කාලයේ දී පරිඝණක...

රත් දෝතළු – 83

රත් දෝතළු - 83 අහස් කතාකරන තුරු මා බලාසිටියේ නොඉවසිල්ලෙනි. සිදුව ඇත්තේ කුමක් වුවද ඒ විනීෆ්‍රීඩා මහත්මිය සම්බන්ධ කාරණාවක් නොවේවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you