NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනිමුතු පලස - 75

Pini Muthu Palasa පිනිමුතු පලස – 75

-

spot_img

Pini Muthu Palasa පිනිමුතු පලස

මා නිවසේ සිටියේ අයියාගේ දැඩි අණසක යටතේය. නිවසින් පිටව යෑම මට තහනම්ය. ඔහු නිවසේ නැති විට නිශාට මා ගැන බලාගන්නා ලෙස දන්වා තිබිණි. අයියා නිවසේ නැති විට මට දැනුණේ අපමණ සහනයකි. මම සියල්ල ඉවසා සිටියේ අම්මා මාවද ඉක්මනින්ම ඈ ළඟට ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි. අයියා සමඟ චානුක නිතර නිතර නිවසට යෑම් ඒම් පුරුද්දක් කොට ගත්තේ මා සිත වඩ වඩාත් පීඩාවට පත් කරමිනි. බොහෝ රාත්‍රීන් වල දෙදෙනා එක්ව මත්පැන් ගන්නා විට එයට කට ගැස්ම හදන්නට වූයේ මටත් නිශාටත්ය. නිශා මට ඔහු ඉදිරියට යෑමට හෝ ඉඩ නොදුන්නාය.

“මාත් ආස නැහැ නංගී ඔය මිනිහා එනවට…ඔයා යන්න එපා ඉස්සරහට…මහා වල් පාටක් තියෙන්නේ…පේන්නැත්ද හැටි…?”

නිශා කීවේව නොසතුටෙනි.

“තමුසෙට ඌ එක්ක කතා කළාම ගෙවෙනවද…?”

දිනක් අයියා මා විමසුවේ චානුක නිවසට පැමිණ ගිය විටකය.

“ඔව් ගෙවෙනවා…මං ඌ එක්ක මොනවා කතා කරන්නද…? මේ ඉන්න ටිකේ හරි තමුසේ මට මගේ පාඩුවේ ඉන්න දෙනවා… මෙතන්ට එක එකාව එක්ක එන්නේ නැතුව…”

මම කෝපයෙන් කෑ ගැසීමි.

ජීවිතයේ ලැබුණු දෙයට වඩා නොලැබුණු දේ බොහෝය. මම කිසි දෙයක් කිසි දිනක කිසිවෙකුගෙන් බලාපොරොත්තුව ජීවත් නොවුණෙමි. එසේ තිබියදීත් මේ මිනිසුන් මට නිදහසේ ජීවත් වන්නට ඉඩ නොදෙන්නේ මන්ද….? ඉගෙන ගැනුමට ආසාවක් තිබුණද එයටද ඉඩක් නොලැබිණි. යොවුන් විය ඇරඹුමටත් පෙරම විවාහ වන්නට සිදු විය. එයත් ගෙවී ගියේ වේදනාකාරී අත්දැකීම් සමඟය. පූජිතගෙන් විඳින්නට සිදු වූ අතවර, හිරිහැර සිහිවන විට මම තවමත් වෙව්ළා යන්නෙමි. එය එතරම් බියකරු විය. ඔහු ඉතිරි කළ තුවාළ කැළැල් තවමත් තැන් තැන්වල ඉතිරිව ඇත. අවසන ඔහුගේ මරණය නිසා මම තව තවත් අසරණ වූවා නොවේද..? දිනක් තරුෂි කමල් සමඟ මා බලන්නට පැමිණියේ අලුත් පුවතක්ද රැගෙනය. ඈ දැකුමෙන් මා සිතේ ඇති වූයේ සතුටකි.

“මම අම්මලා ගෙදර ආවා මංදි…මං ප්‍රෙග්නන්ට්…”

ඈ පැවසූ පුවතින් මම සැබෑවටම සතුටට පත්වූයෙමි. සතුටින් ඉපිළ ගිය මම ඇයව සිප ගෙන සුබ පැතීමි.

“කමලුත් දැන් පුත්තලමට ට්‍රාන්සර් වෙන්න ඉන්නේ…”

ඈ කීවාය.

“ඒක හොඳයි…ඔයාට ක්ලිනික් යන්න එන්නත් ලේසියිනේ…”

මම කීවෙමි.

“ඔයා දන්නවද…රුවින්දිලා තාම ලංකාවෙලු…මේ ටිකේම නිතර නිතර රජිව් අයියලා දිහා ඇවිත් තියනවා…”

එයින් මා සිතේ යම් තිගැස්මක් ඇති විය. අහිමි වී යෑමක වේදනාවක් මා සිතට දැනුණේ මන්ද කියා මම නොදනිමි.

“රජිව් අයියා හොඳින්ද…?”

“හොඳක් කියන්න නම් මංදා…ඉන්නවා…”

“ඒ ඇයි…?”

පුදුමයෙන් මම ඇසීමි.

“නැහැ ඉතින්…ඔය ඉන්නේ ඔහේ…”

“ඊට වඩා යමක් ඇසීමට මට බිය සිතිණි.

“ඔයා දැන් ඇත්තටම රට යන්නද ලැහැස්ති…?”

“ඔව්…තරූ…මම යනවා…මෙහෙ හිටියොත් මට මොනවා වෙයිද කියලා මටම හිතා ගන්න බැහැ…”

තරුෂි සුසුමක් හෙළුවාය.

“රජිව් අයියා ඒක තමා කල්පනා කරනවා ඇත්තේ…”

“කල්පනා කරනවා…?”

“හ්ම්ම්…වැඩිය කතා බහක් නැහැ…එයා දැන් ඉස්සර වගේ නෙවේ…”

මා සිත මත ඊයම් බරු තැන්පත් කළාක් මෙන් බර විණි. ඔවුන් දෙදෙන පිටව ගියේ මා යළිත් හුදකලාවක ගිල්වා තබාය.

තනිකමෙන් පාළුවෙන් නිවස තුළ ගෙවුණු කාලයේදී මට රජිව් සිහි නොවූ වේලාවක් නොමැති තරම්ය. ඔහු පිළිබඳව සිතා මට සතුටු වන්නට නොහැකිය. චිත්‍රා මිස්ද ඔහු විවාහයකට අකමැති වීම පිළිබඳව කනස්සළ්ලෙන් පසුවන බව දිනක් මා හමුවට පැමිණි තරුෂි කීවාය.

“මිස් පත්තරේටත් දාලා…ලියුම් එනවලු…කෝල්ස් එනවලු…රජිව් අයියා මඟාරිනවලු කියලා මිස් කමල් එක්ක කියලා…”

“අනේ මංදා තරූ…”

“අනේ මංදා තරූ නෙවේ අනේ…එයාගේ හිතේ තාමත් ඉන්නේ ඔයා…රජිව් අයියා කියන දේකට කැමති වෙන්නකෝ…”

ඈ අවිටිල්ලක් ලෙසින් කියන විට තිගැස්සුණු බල්මෙන් මම තරුෂි දෙස බැලීමි.

“ඔයාත් ඔහොම කියන්නේ මං ගැන මොකුත් දන්නේ නැහැ වගේනේ…කසාඳ බැඳලා මිනිහා මැරුණු ගෑනියෙක් මම…”

“මිනිහා මැරුණු ගෑනියෙක්ට ඉන්නේ ඔයා විතරක් නෙවේනේ…ඔයා පළවෙනියවත් අන්තිමයාවත් නෙවේ…”

ඈ කීවේ නොමනාපය මුසුවය.

“ඒත් මෙතන ප්‍රශ්නයක් තියනවානේ…මිස් ඉන්නේ අසනීපෙන්…පොඩි කම්පනයක්වත් එයාට ඔරොත්තු දෙන්නේ නැහැ…එහෙම තියෙත්දී මට මං ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී තීරණයක් ගන්න බැහැ…”

තරුෂි දිගු හුසුමක් ඇද්දාය.

“එයා ඔයාට ආදරේ කරන්නේ ඇත්තටම අවංක හිතකින්…වෙන පිරිමියෙක් වුණා නම් ඔයාගෙන් ගන්න ඕන ප්‍රයෝජන සේරම අරන්…බැඳපු ගෑනියෙක්ට පිරිමියෙක් ළංවෙන්න හිතන්නේ ආදරේට නෙවේනේ…එහෙම හිතත්දී රජිව් අයියා උතුම් මිනිහෙක්…”

“එයා වැරදි ඇහැකින් මං දිහා බලලාවත් නැහැ…”

“ඒ ආදරේ නිසයි මංදි…මට නම් හිතෙන්නේම ඔය දෙන්නම දෙපැත්තට වෙලා දුක් විඳිනවා…මිස් වුණත් මීට වඩා කරුණාවන්ත වෙන්න ඕන…සාධාරණව හිතන්න ඕන…”

“මිස්ට වැරැද්දක් කියන්න බැහැ…ඕනෑම අම්මා කෙනෙක් කැමතියි තමන්ගේ දුරුවෝ සතුටින් ඉන්නවට…මොන පැත්තකින් බැලුවත් මට එයාලා එක්ක හැරෙන්නවත් බැහැ තරූ…”

“අපි හිතමු මෙහෙම…රජිව් අයියා මිස් කැමති නිසාම වෙන කෙනෙක්ව කසාඳ බැන්දා කියමු…ඒත් එයා සතුටින් ජීවත් වෙයි කියලා ඔයා හිතනවද…?”

“අනේ මන්දා තරූ…මම කියලා මොනවා කරන්නද…? අපි තීරණයක් අරන්… කවදා හරි අපිටම පසුතැවෙන්න දෙයක් සිද්ධ වුණොත් කියලා මගේ හිතට බයයි…”

“එක පැත්තකින් ඔයා හරි මංදි…ඔය දෙන්නාම ඔය දෙන්නා වෙනුවෙන් කරන්නේ පරිත්‍යාගයක්…පිරිමියෙක් බැඳපු ගැහැණියෙක්ට ළංවෙන්න හිතන්නේ ආදරේට නෙවේනේ…රජිව් අයියා ඒ අතින් නියම පිරිමියෙක්…ඔයාට ඒ වගේ ආදරේ කරන කෙනෙක් කවදාවත් මුණ ගැහෙන එකක් නැහැ මංදි…පිටින් නොපෙන්නුවට එයත් හදවතින් විඳවනවා ඇති…”

තරුෂිගේ කතාවෙන් සිදු වූයේ මා සිතේ වූ ශෝකය අලුත් වීමය.

“ටික කාලයකට හරි මම ඈත් වෙලා හිටියාම එයාගේ හිත හැදෙයි තරූ…”

“හිත හැදෙයිද ඔහොම ගිහින් එයා පිස්සෙක් වෙයිද කියලයි මට බය…”

සිත් පිත් නැති සේ ඈ කීවේ මා බිය ගන්වමිනි.

“අනේ…එහෙම නම් වෙන්න එපා…”

තැතිගත් හඬින් මම කීවෙමි.

“එහෙම වෙනවට මාත් කැමති නැහැ…”

සුසුමක් හෙළමින් තරුෂි කීවාය. නිශා උපදින්නට සිටින සිඟිත්තා වෙනුවෙන් මැසූ ඇඳුම් තොගයක් තරුෂිට තිළිණ කළාය.

“අනේ…හරි ලස්සනයි අක්කේ…තැන්ක් යූ…”

තරුෂි කීවේ ආසාවෙනි.

“පාට දෙකෙන්ම මැහුවා…කෙල්ලෙක්ද කොල්ලෙක්ද දන්නැහැනේ…”

“කවුරු වුණත් කමක් නැහැ…අක්කේ…”

තරුෂි කීවේ සිනහසෙමිනි. කොට්ට උර, නැප්කින, බිළිඳා ඔතන රෙදි පවා නිශා මසා නිම කළේ ආසාවෙන් බව මම දුටිමි. සමහරවිට ඇයට තවමත් දරුවෙකු පිළිසිඳ නොගත් නිසා ඈ සිතේ යම් ශෝකී හැඟීමක් තිබුණාදැයි කියා මම නොදනිමි. කමල් තරුෂි කැඳවාගෙන යෑමට පැමිණෙන විටම වාගේ අයියාත් සමඟ චානුකද නිවසට පැමිණියේය. තරුෂි සමඟ ගේට්ටුව තෙක් පැමිණි මා ඔවුන් පිටත්ව ගිය පසුව නැවත නිවසට එන විට චානුක දොර හරස් කරගෙන සිටගෙන සිටියේ මා බලාපොරොත්තුවෙන්ම බව මට වැටහිණි.

“හැමදාම මාව මඟාරිනවා නේද…?”

ඔහු අසන විට මම ඔහු දෙස හෙළුවේ නොපහන් බැල්මකි.

“දැන් මේ මඟ හරස් කරන් ඉන්නේ මඟාරිනවා කියලා දන්න නිසාද…?”

මමද එක එල්ලේම විමසුවෙමි.

“එහෙම නෙවේ…”

අපහසුතාවයට පත් හඬකින් ඔහු කීය.

“මඟහරිනවා කියලා දන්නවා නම් පස්සෙන් යන එක හරි නැහැනේ…”

“මම ඔයාට කොච්චර කැමතිද කියල ඔයා දන්නවානේ…”

“ඒක මම දන්නේ නැහැ…මට දැන ගන්න ඕනත් නැහැ…හැබැයි…මම ඔයාට කොච්චර අකමැතිද කියන්න නම් මම දන්නවා…”

“හේතුව…?”

ඔහු යළිත් අසන විට නොපහන් හැඟීම පරයා මා සිතේ ඇති වූයේ කෝපයකි. සියල්ලටම මා හේතු දැක්වීමට බැඳී නැත. මේ සියල්ල අයියාගේම වැරදිය.

“හේතු පැහැදිලි කරන්න මං ඔයාට බැඳිලා නැහැනේ…හේතු එකක් නෙවේ…දාහක් වුණත් තියනවා…කරුණාකරලා පාඩුවේ ඉන්න…මෙච්චර කියලා තියෙත්දීත් පස්සෙන් එන්න එපා…”

කෝපයෙන් මම කීවෙමි.

“ඔ..ඔයා…මොකද එච්චර කේන්ති ගන්නේ…?”

චානුක කලබලයෙන් විමසුවේ වටපිට බලමිනි.

“මගේ කේන්තිය ඔයා තාම හරියට දැකලා නැහැ…මට පව් පුරවන්නැතිව පාඩුවේ ඉන්නවා…මං ආයේ කියන්නේ නැහැ…”

මම ඔහුව පසෙකට තල්ලු කරමින් ගෙතුළට ආවෙමි.

“මොකෝ මේ කෑගහන්නේ…?”

කාමරයේ සිටි අයියා පිටතට එමින් ඇසීය.

“අහගන්නවා තමුසෙගේ යාළුවාගෙන්…දෙන්නගෙම ලැජ්ජ නහර කැපිලද කොහෙද…”

නිම්නොවූ කෝපයෙන් යුතුව මම කාමරයට පැමිණියෙමි. අයියා පරුෂ වචන වලින් මට බැන වදිනු ඇසුණද මම නෑසුණා සේ නිහඬව සිටියෙමි. සියදිවි නසා ගන්නට මට සිතුණු වාර අනන්තය. වැට දිගේවූ කනේරු ගස් පෙළ දකින විට එම හැඟීම බලවත් විය. ඉවසා බැරිම වුවහොත් තීරණයක් ගත යුතු බවට මම සිතින් සැළසුම් සෑදුවෙමි.

-යළිත් මැයි 05 වන සඳුදා මුණ ගැසෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you