More
    NovelsShort StoriesMoonlight and Madness උමතු සඳදිය

    Moonlight and Madness උමතු සඳදිය

    -

    spot_img

    Moonlight and Madness – සඳ එළිය මට ඔබව සිහිපත් කරවයි. රාත්‍රී අන්ධකාරය මැද මම මගේ පවුලේ අය සමගින් මගේ නිවසෙන්, මගේ වීදියෙන්, මගේ නගරයෙන් සහ ඊයේ දින වෙනතුරු මා සතුව තිබූ සියල්ලෙන්ම සහ මගේ රටින් ඈත්ව සිටිමි. අප වැනිම තවත් පවුල් රාශියක් මෙහි සිටිති. අපි ලාහෝර් දුම්රිය ස්ථානය වෙත හොර රහසේ ගමන් කරමින් සිටින්නෙමු. විශාල ආත්මානුකම්පාවක් අපිට දැනේ. අප බියෙනි. වේදනාවෙනි. ජීවිත අවිනිශ්චිතය. මහා විශාල වේදනාවක් හදවත තුළ සඟවා ගෙන මම ඇවිද යමි. ඔබත් මමත් අවසාන වතාවට මුණගැසුන ටෙරසය මට සිහිපත් වේ. අනේ! හිජාබයෙන් වැසුණ ඔබේ රුව. ඔබට සමීප වන්නට තිබුණා නම්..? අනිත් අය සේම පිටෙහි කුඩා බරක් ඔසවාගෙන මම ද ගමන් කරමි. ඒ බර අලුත් ජීවිතයකට උපකාර කරනු ඇත. උදුරා දැමූ ජීවිතයක නටබුන් සමගින් අපි අලුත් ජීවිතයක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.

    පරිසරය නිසලය. මද සුළඟක් හමයි. තවදුරටත් මගේය කිව නොහැකි තැනක මම හිඳිමි. එය කවදා හෝ ඔබේ වේවායි කියා පතමි. ඔබ එතැනට හුරු වෙනු ඇත. මගේ පියා, මව, සහෝදර, සහෝදරියන් ඉදිරියට ගමන් කරති. මිනිස් සමූහයක් මැද එකිනෙකාගේ අත් තදින් අල්ලාගෙන ඔවුන් අතරමං වූ හැඟීමකින් පසුවෙති. ඉඳහිට ආපසු හැරී බලති. අපි මාර්ගයේ කෙළවර, නගරයේ මායිම සහ ඉන් එහා කාන්තාරයේ මායිම තරණය කළෙමු. ඔබ තවම මා ගැන සිතන බව දනිමි. ඔබේ සිතද ඒ සඳ එළියෙන් නැහැවුන ටෙරසය මත රැඳී ඇති. ඒ ටෙරසය වෙත අපිට යළි කිසිදා යා නොහැක. මිනිසෙකු බෙදීම් රේඛාවක් ඇඳ තිබේ. පැත්තක් තෝරා ගැනීම වෙනුවෙන් හදවත කපා දැමිය යුතුව තිබේ. හදවත බිඳී යනතුරුම. අපි ආයෙත් මුණ ගැසේදැයි නොදනිමි. නමුත් හුස්ම තිබෙනාතුරු මම ඔබව මතකයේ තබා ගනිමි ජැස්මින්!

    ඔබේ පවුල නගරය හැර ගියාය යන ආරංචිය මගේ පවුල තුළ කැළඹීමක් ඇති කරේ නැති වීම, කවදාවත් අපිට එක්ව ජීවත්වීම කළ නොහැකි දෙයක් වග මට වටහා දුන්නේය. අවසන් වතාවට මම ඔබව ටෙරසයේ දී හමුවූයෙමි. සඳ එළියේ අපි එක්ව සිටියෙමු.

    “මට සමාවෙන්න ජැස්මින්..!”

    ඔබේ ඒ වචන මගේ ලෝකයම, මගේ හැම හීනයම බිඳ දැමුවේය. ඉතින් මා සතුව ඔබට කියන්නට දෙයක් ඉතුරුව තිබුණේ නැත. ඔබට පිටුපෑ ජාතියකින් ඈත්ව ඔබ පවුලේ අය සමගින් මට පිටුපා නික්ම ගියේය. ඔබ නැවත හැරී බැලුවේ නැත. ඔබ ආරක්ෂාකාරීව සිටිනු ඇතැයි සිතමි. සුන්බුන් අතරින් ලේ පිපාසිත මැරවරයින්ගෙන් බේරී දුම්රියට ඇතුළු වෙන තුරු. Amritsar වෙත ළඟා වෙන තුරු.

    අලුත් ජීවිතය ඔබට අසීරු වෙනු ඇත. හැමදේම අලුතින් අරඹන්නට ඔබට සිදුවනු ඇත. නව රැකියාවක් සොයා ගැනීමට සිදුවෙනු ඇත. අලුත් හදවතක් සමග ඔබ අලුත් ජීවිතයකට හුරු වෙනු ඇත. සඳට ආදරේ අයෙක් සොයාගන්න. ටෙරසයකදී, ගිනිමැලයක් අසලදී ඔබට ඇය හා සිනාසිය හැක. එහිදී මා අමතක කරන්න. ඔබව අමතක කිරීම අසීරු නමුත් කාලය මගේ හදවත සුවපත් කරනු ඇතැයි සිතමි. තරුණියකට මේ නගරයේ තනිව විසීම අපහසු බැව් දනිමි. අළුත් හදවතක් සාදා ගැනීමට උත්සහ කරමි. සෘතු වෙනස්ව ගොස් මම මවක් වේවි. බෙදීම ගැන, ද්‍රෝහීන් පලවා හැරීම ගැන, ඔවුන් මගේ දරුවන්ටත් උගන්වනු ඇත. ඔවුනුත් විෂ සහිත එවුන් සේ ලොකු මහත් වේවි. සහෝදරයන් සතුරන් බවට පත්වීම තරම් විනාශයක් තවත් නොමැති බව මට කියන්නට හැකි නම්..? ඔබ යළි මුණගැසීමේ සිහිනයක් නොමැතිමුත්, අපිව වෙන් කෙරූ මේ බෙදීම් රේඛා කෙදිනක හෝ මැකී යනු ඇතැයි සිතමි. අපේ මරණින් මතු හෝ කම් නැත. සඳ මගේ යැයි මා විශ්වාස නොකළ මුත් ඔබට මා වෙනුවෙන් සඳ රැගෙන එන්නට හැකි බැව් දැන සිටියෙමි. එනමුත් මිනිසා විසින් නිර්මාණය කළ සමහර රේඛා මැකිය නොහැකි ය.

    – Reedsy වෙබ් අඩවියේ පළවූ ඉන්දීය ලේඛිකා Suma Jayachandar ගේ Moonlight & Madness කෙටිකතාව ඇසුරෙන් සිදුකරන ලද අනුවර්තනයකි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page