More
    spot_img
    NewsTransgender - සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක්

    Transgender – සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක්

    -

    spot_img

    Transgender – ස්ත්‍රී පුරුෂ ආනන්‍යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන පරිදි, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතක් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය 9 වැනිදා ඉදිරිපත් කෙරුණු අතර එය ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය සහ කාන්තාවන් සවි බල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය පත්කිරීම සහ නම් කිරීම සඳහාද වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාද ඒ හා සම්බන්ධ සහ එයට අනුශාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකැයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    මෙම පනත් කෙටුම්පතට දැනටමත් මහා සංඝරත්නයේ සහ විවිධ පාර්ශවවල දැඩි විරෝධයක් එල්ලවී ඇති අතර මේ පිළිබඳව මැතිසබයේ ප්‍රබල හඬක් නැගීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම්ව සිටිතැයි වාර්තා වේ. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවට විරෝධතා ගොනු කිරීමට පනත ඉදිරිපත් කළ දින සිට දින 14 ක කාලයක් ලැබෙන අතර මෙම කාලයේදී අධිකරණයට විරෝධතා පෙත්සම් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව සූදානම් වෙමින් සිටින බවට දැනගන්නට ලැබේ.

    Latest news

    Chief Secretary බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

    Chief Secretary - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...
    - Advertisement -spot_img

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page