More
    NewsAung San Suu Kyi හමුදා ජුන්ටාව හදිසි ප්‍රතිකාර ලබාදීම...

    Aung San Suu Kyi හමුදා ජුන්ටාව හදිසි ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරයි

    -

    spot_img

    Aung San Suu Kyi – රදවාගෙන සිටින මියන්මාර හිටපු නායිකා Aung San Suu Kyi ට හදිසි ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ඇයගේ බාල පුත්‍රයා ප්‍රකාශ කරයි. Kim Aris පැවසුවේ බන්ධනාගාර බලධාරීන් ඇයට “හදිසි ප්‍රතිකාර” සදහා කළ ඉල්ලීම, දැනට රට පාලනය කරන හමුදා ජුන්ටාව ප්‍රතික්ෂේප කළ බවයි. දැනට 78 වන වියේ පසුවන ඇය දැඩි දත් කැක්කුමකින් පෙළෙන අතර ඇයට ආහාර ගැනීමට නොහැකි බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසු බව BBC පුවත් සේවය සදහන් කරයි.

    Aung San Suu Kyi

    කෙසේ වෙතත් හමුදා ප්‍රකාශකයකු සදහන් කළේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර නිරන්තරයෙන්ම හමුදා සහ සිවිල් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක්වන බවයි. 2021 හමුදා කුමන්ත්‍රණයකින් පසුව බලයෙන් පහ කළ ඇය මේ වන විටත් හමුදාව විසින් රදවා තබාගෙන සිටී. හමුදාව ඇති කළ කුමන්ත්‍රණය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වු අතර එමගින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වු බවද වාර්තා වෙයි. නොබෙල් ත්‍යාගලාභී සුකී, ජූලි මාසයේ ඇය රදවා සිටි සිරගෙදර සිට බුරුමයේ අගනුවර වන Nay Pyi Taw වෙත ගෙන ගොස් නිවාස අඩස්සියට පත් කරන ලද බවද වාර්තා වෙයි. ඇගේ දිගුකාලීන සමීපතමයන් බුරුමයේ BBC පුවත් සේවය සමග පවසා තිබුණේ, ඇය නිදන්ගත විදුරුමස් රෝගයෙන් සහ අඩු රුධිර පීඩනයෙන් පෙලෙන බවය. සිරගෙදර මුලාශ්‍රයන්ද ඇගේ විදුරුමස් රෝගය “උග්‍ර වී ඇති” බවට වාර්තා කළ බවද සදහන් වේ. තවද ඇගේ දත් කැක්කුම සමනය කිරීම සදහා මෘදු ආහාර සහ ජෙලි වර්ග ද ඇයට ලබා දෙන බව එහි වැඩි දුරටත් සදහන් වි තිබුණි.

    Aung San Suu Kyi

    එක්සත් රාජධානියේ වෙසෙන ඇයගේ පුතු Aris සදහන් කර තිබුණේ, ඔහුගේ මව “දැඩි කරකැවිල්ල” හේතුවෙන් වමනය කරමින් සිටින බවත් දැඩි අපහසුවෙන් ඒවා විද දරා ගන්නා බවත්ය. BBC බුරුම සේවයට කෙටි පණිවිඩයක් නිකුත් කරමින් 46 හැවිරිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ “රෝගි සිරකරුවෙකුට නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර සදහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම නිර්දය සහ කුරිරු ක්‍රියාවක්” බවයි. “ආහාර ගැනීමට නොහැකි තරම් වේදනාකාරී විදුරුමස් රෝග ඇති ඕනෑම කෙනෙකුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන් දැඩි සෞඛ්‍ය අවධානමකට ඇද දැමීමක් බව” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සදහන්වේ. මියන්මාරයේ බලයේ සිටි ජාතික එක්සත් රජය සහ රටේ සියලුම දේශපාලන පක්ෂ වල සභාගයන් සුකී වැනි දේශපාලන රැදවියන්ට සුදුසු ප්‍රතිකාර ලබා දීම සදහා “ජුන්ටාවට බලපෑම්” කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවද වාර්තා වේ. මෙසේ ජුන්ටාව විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහි මර්නදයේදි රදවාගෙන සිටින දහස් ගණනක් රැදවියන් සමග සුකී ද කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට බොහෝ ලෝක නායකයන් ඉල්ලීම් කළ බව වාර්තා වෙයි. මේ අතර අඟහරුවාදා ඉන්දුනීසියාවේදි ආරම්භ වු ද්වි පාර්ෂික ආසියානු සමුළුවේදී මියන්මාරයේ දේශපාලන අර්බුදය එහි ප්‍රධානතම මාතෘකාව බවට පත් විය. මියන්මාරයේ අඛණ්ඩ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අග්නිදිග ආසියානු කලාපයේ නායකයින් මියන්මාර හමුදා බලධාරීන් හෙලා දැක ඇති බවටද වාර්තා වේ. හමුදා කුමන්ත්‍රණයෙන් පසුව කලාපීය රැස්වීමට ඔවුන් ආරාධනා නොලද දෙවැනි වසර මෙය බවද සදහන් වේ.

    -BBC News ඇසුරෙනි-

    Photo Credit: www.famouspeople.com /www.newsnationnow.com           /www.redcarpertnaija.com

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page