Newsඑල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි

-

spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි – El Nino

එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට අසාමාන්‍ය ලෙස උණුසුම් වීම හේතුවෙන් ගෝලීය වශයෙන් සාමාන්‍ය කාලගුණික රටාවට බාධා ඇතිවීමයි. මෙය මුහුදේ මතුපිට උෂ්ණත්වය අඛණ්ඩව මාස කිහිපයක් සාමාන්‍ය අගයට වඩා 0.5°C කින් ඉහළ යෑම හරහා සිදුවන සාගර විද්‍යාත්මක සිදුවීමකි. 

El Nino

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සහ ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට ලංකාව තුළ එල් නිනෝ වර්ධනය වීමේ සම්භාවිතාව 80-90% ක් අතර අගයක් ගනී. එය 2026 ජුනි සහ අගෝස්තු කාලය තුල ව්‍යාප්ත වී 2027 වසරේ මුල් භාගය දක්වා අඛණ්ඩ පැවතිය හැකිය. එල් නිනෝ තත්වය ලංකාව තුළ අදියර දෙකක දේශගුණික රටාවක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. පළමුව නිරිතදිගින් ආරම්භ විය හැකි නියඟය සහ දැඩි උණුසුම පසුව ඊසාන දෙසට ගංවතුර සහ නායයෑම් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාවක් පවතී.

El Nino

මෙම තත්වය මඟින් 2026 සැප්තැම්බර් මාසය පමණ වනවිට නිරිතදිග මෝසම දුර්වල කිරීමට ඉඩ ඇති අතර, වයඹ, සබරගමුව, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළු බස්නාහිර, දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ඇති කරයි. මෙය නියඟ තත්ත්වයන්, උෂ්ණත්වය ඉහළ යෑම, පොළොවෙහි තෙතමනය නැතිවීම සහ ජලය හිඟ වීම හරහා කෘෂිකර්මාන්තයට, ජල විදුලිබලයට සහ ජලාශවලට බලපෑම් ඇති කළ හැකිය. එමෙන්ම නොවැම්බර් මාසය පමණ වනවිට අන්තර් මෝසම හරහා කලින් වියළිව පැවති ප්‍රදේශවල අනපේක්ෂිත වර්ෂාපතන හේතුවෙන් ගංවතුර සහ නායයෑම් බලපෑමක් පිලිබඳ අවිනිශ්චිතතා පවතී. 2027 පෙබරවාරි මාසය වනවිට උතුරු නැගෙනහිර පළාත්වලට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් සහ ගංවතුර අවධානමක් ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතට වියළි දේශගුණයක් බලාපරොත්තු විය හැකිය. බොහෝ දුරට මෙම තත්වය මඟින් මෙම වසරේ අග භාගයේ යල කන්නයට අඩු වර්ෂාපතනයක් ලැබීම නිසා ගොවීන්ගේ සහල් සහ එළවළු අස්වැන්න අඩු කළ හැකිය.

El Nino

බොහෝදුරට මෙම එල් නිනෝ තත්වය මඟින් ජල විදුලි නිෂ්පාදනය අවම කල හැකි බැවින් ආනයනික බලශක්තිය මත යැපීමට සිදුවීමෙන් විදුලි නිෂ්පාදනයේ අර්බුධ හරහා විදුලි ගාස්තු ඉහළ යා හැකිය. ජල කළමනාකරණයයට සහ ගබඩා කිරීමට පිළියම් නොකළහොත් එය සෘජුවම ජලය හිඟවීමේ අවධානමකට මඟ පාදනු ලබයි. දැන් සිටම ගංවතුර සහ නායයෑම් අවධානම් සඳහා සුදානම් නොවුවහොත් දිට්වා සුළි කුණාටුවේ අමිහිරි බලපෑම් වලට මුණදීමට සිදුවීම වැලැක්විය නොහැකිය. රජයක් ලෙස පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම, ජලාශ කළමනාකරණය කිරීම සහ බලශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම අනිවාර්යෙන්ම ආරම්භ කළ යුතුය.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you