බලනහර පරෙස්සම් කරගමු – Achilles tendon
අපේ රටේ බොහෝ පිරිසක් මෑතක සිට බලනහරය ගැන කරුණු පිරික්සීමට උත්සුක වූහ. හිටි හැටියේම මේ පිළිබඳ කරුණු සොයා යෑමට උත්තේජනයක් ගෙන දුන්නේ පසුගිය කාලයේ සිදුවූ සියදිවි නසාගැනීමක් හරහා ය. එබැවින් සාමාන්‍ය වහරේ යෙදෙන බලනහරය ගැනත් එහි පිහිටීම සහ බලනහරයේ හට ගැණෙන ආබාධ සම්බන්ධයෙනුත් යම් දැනුවත් කිරීමකි මේ .
බල නහරය (Achilles tendon)
බල නහරය එසේ නැතිනම් Achillis tendon යනු වළලුකර පිටුපස විලුඹ අස්ථියට, බත් කෙණ්ඩයේ මාංශපේශි සමිබන්ධ කරන ශරීරයේ තිබෙන විශාලම සහ ශක්තිමත්ම කණ්ඩරාවයි( tendon). බල නහරය මගින් ඇවිදීම, දිවීම සහ උඩ පැනීම වැනි ක්‍රියාකාරකම් සදහා මුළු සිරුරේම බර දරාගනී.



බලනහරයේ හටගන්නා ආබාධ
බල නහරයේ ඇතිවන අධික වෙහෙස නිසා මෙම කණ්ඩරාවේ ඇතිවන ඉදිමුව හෝ වේදනාව බලනහරයේ ඇතිවන ආබාධ ඝණයෙහිලා සැළකේ.
බලනහරයේ ඉදිමුම
වළලුකර පිටුපස ඉදිමීම ඉතාම බහුලව දකින්න පුළුවන් සේම එය ඉතාම වේදනාකාරී තත්වයකි. මෙම අවස්ථාවේදී වළලුකර පිටුපස තියෙන Achilles tendon එක අස්ථියට සවි වන තැන ඉදිමීම සිදු වේ. සාමාන්‍ය වහරේ “බල නහරෙ” යනුවෙන්ද හැඳින්වෙන්නේ මෙයමය. මස් පිඩුවක් අස්ථියකට සම්බන්ධ වන කණ්ඩරාවකට, “නහර” කියලත් ව්‍යවහාර වේ. Achilles tendon ගැන තවදුරටත් කරුණු විමසුවොත් බත් කෙණ්ඩයේ ඇති gastrocnemius සහ soleus කියන මස් පිඩු calcaneum නම් අස්ථියට සවි වීම සඳහා මස්පිඩු එකට එකතුවෙලා හැදෙන කණ්ඩරාව සිරුරේ ඇති විශාලතම සහ ශක්තිමත්ම කණ්ඩරාව ද මෙයය. කෙතරම් ශක්තිමත්ද කිව හොත් මෙකී කන්ඩරාවට මුළු සිරුරේම බර එකවර දරා ගත හැකිය. අපි ඇවිදිනවා, දුවනවා, උඩ පනිනවා වගේ හැම ක්‍රියාකාරකමකදිම මෙම කන්ඩරාව මනා සෞඛ්‍යයෙන් පැවැතීම අත්‍යවශ්‍යයි. බත් කෙණ්ඩයේ කණ්ඩරාවේ එන ගැටළු විවිධ නම්වලින් හැඳින්වේ. ඒ්වා Tendonitis, tendinosis, tendinopathy, peritendinitis, enthesopathy, insertional tendonitis වැනි නම්වලින් හැඳින්විය හැකිය.

ආතරයිටිස් රෝගය ගැන කිසිම අවබෝධයක් නැති පුද්ගලයන් ඉහතින් සඳහන් කළ හැම තත්වයක්ම කැල්සියම් තැම්පත් වීම ලෙස හඳුන්වයි. බත් කෙණ්ඩයේ කණ්ඩරාවේ හට ගැනෙන ආතරයිටිස් රෝගවල තියෙන ප්‍රධානම ගැටළුව වන්නේ වැරැදි ප්‍රතිකාර ක්‍රමවලට යොමු වුණොත් කණ්ඩරාව ඉරී යෑමය. බත් කෙණ්ඩේ කණ්ඩරාවේ එන රෝගවලට නිසි ප්‍රතිකාර නිසි කලට නොගතහොත් කණ්ඩරාවේ ප්‍රදාහය නිසා සහ කණ්ඩරාව දුර්වල වී අවසානයේදී එය ඉරී යෑමට පටන් ගැනේ. බත් කෙණ්ඩේ ආබාධ ක්‍රීඩකයන් අතර ඉතාම බහුලව දැකිය හැකිය. විශේෂයෙන් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් අතරින් කන්ඩරාවේ ගැටළුවක් නැති කෙනෙක් සොයා ගත නොහැකි තරම්ය. ඒවා Achillis tendon overuse induced (පමණ ඉක්මවා බත්කෙණ්ඩ භාවිත කිරීම නිසා ඇතිවන තත්වයක් ලෙස හැඳින්වේ. අනෙක් අවස්ථාවලදී ආතරයිටිස් රෝග, ස්නායු රෝග ,ලේ නහරවල රෝග නිසාද කණ්ඩරාවේ ගැටළු පැන නැගීමට පුළුවන.
බලනහරයේ ආබාධ බහුල අය
ක්‍රීඩකයන්ට, ස්ථූල අයට, පිරිමි අයට, වයස්ගත අයට සහ දියවැඩියාව තියෙන පුද්ගලයන්ට, කන්ඩරාවේ ගැටළු මතු වීමට ඇති අවධානම වැඩියි. ඊට අමතරව කකුලේ පිහිටීමේ වෙනස්කම් ඇති අයටත් (flat feet, short leg, high arched foot) කණ්ඩරාවෙ ගැටලු ඇති වීමේ අවධානම වැඩියි. සමහර ප්‍රතිජීවක ඖෂධ නිසාත් කණ්ඩරාවේ ගැටළු පැන නගී. Achilles tendinitis වලට එන ප්‍රධාන ආතරයිටිස් වර්ග තමා Spondyloarthritis සහ Psoriatic arthritis වගේ රෝග. බල නහර කණ්ඩරාවේ වේදනාව හරියටම එන්නේ කණ්ඩරාව අස්ථියට සවිවන තැන සිට සෙන්ටිමීටර දෙකේ සිට හය දක්වා උඩ පැත්තට වන්නටය. ඉහත සඳහන් කළ ආතරයිටිස් රෝගවල කොටසක් ලෙස උදේට නැගිටි විට කකුල බිම තබා ගැනීමට නොහැකිව ඇතිවන අමාරුව, එකපාර ඇවිදගෙන යෑම ට ඇති අපහසුව බහුලව දකින්න පුළුවන්. එහෙත් බොහෝ අය මෙකී තත්වය වෙනත් රෝග සමඟ පටලවා ගනී. එනම් විළුඹ බිම තබන විට රිදෙන plater fasciitis තත්වය මෙය නොවේ. බල නහර කණ්ඩරාව අස්ථියට හා වෙන තැනම ස්පර්ශ කරනවිට බොහෝ රිදෙනවා නම් එය enthesopathy තත්වයයි. (Insertional tendinitis යන්ද එයමය.) Haglund deformity නමින් හඳුන්වන ඒ ස්ථානයේ දිගටම ඉදිමිලා තියෙන තත්වය මෙහි ප්‍රතිඵලයකි. කලාතුරකින් එම ස්ථානයේ subcutaneous bursitis නම් තත්වයද ඇතිවේ.

Retro calcaneal bursitis තත්වයේදී මීට වඩා ටිකක් උඩින් ස්පර්ශ කර බලනවිට වේදනාවක් දැනේ. Tendinosis නම් රිදෙන්නෙ සෙන්ටිමීටර 2 සිට සෙන්ටිමීටර 6 දක්වා උඩ හරියෙනි. බල නහරෙ යනුවෙන් හඳුන්වන්නෙත් එකී ස්ථානයමය. මස් පිඩුව සැළකිය යුතු ආකාරයට ඉරී ගොස් ඇතිවිට එය පහසුවෙන්ම දැකිය හැකි වේ. එහෙත් එය බාගෙට ඉරී ගොස් ඇත් නම් පැහැදිළිව දැකිය නොහැකි වේ. Achilles tendinopathy කියන්නේ clinical diagnosis එකක්. එනම් රෝගියගෙන් විස්තර දැනගැනීමෙන් පසු හන්දිය පරීක්ෂා කොට බලා ගනු ලබන තීරණයකි. කණ්ඩරාවේ හට ගැනෙන ගැටළු මතුපිටින් බලා තීරණ ගැනීම පහසු නොවන අතර ඒ සඳහා පරීක්ෂණ කිහිපයක් ඇත.
Ultrasound scan
Ultrasound scan මගින් කණ්ඩරාව ඝනවීම, tendinitis එක නිසා ලේ ගමනාගමනය වැඩි වීම (neo vascularization), කණ්ඩරාව ඉරී යාම, කණ්ඩරාව වටේ වතුර එකතු වීම, degenerative changes, bursitis තත්ව වගේ දේවල් සොයා ගත හැකිය. සියයට 90 ක් පමණ අවස්ථාවලදී ultrasound scan පරීක්ෂණය මේ සඳහා හොදටම ප්‍රමාණවත් බව කිව හැකිය. ඒ වගේම මීටත් වඩා විස්තර දැන ගැනීමට වෛද්‍යවරුන්ට අවැසි නම් ඒ සඳහා MRI පරීක්ෂණය අදාල කරගත හැකිය.
බත් කෙණ්ඩ කණ්ඩරාවේ මෙයාකාරයට රෝග ලක්ෂණ පැවැතිය හැකි අනික් අවස්ථා තමා stress fractures, මස්පිඩුවල ප්‍රදාහය, retrocalcaneal bursitis තත්වය, subcutaneous calcaneal bursitis, Calcaneal apophysitis (in teenagers), vascular claudication තත්වය, පිළිකා, වෙනත් ආතරයිටිස් රෝග, නහරවල ලේ කැටි ඉදිමීම වගේ දැක්විය හැකිය. කණ්ඩරාවෙ හට ගැනෙන රෝගවලට ප්‍රතිකාර කිරීමේදී එකී තත්වය ඇති වීමට බලපෑ හේතුව මත ප්‍රතිකාර ඇරැඹේ. ඒ අනුව ක්‍රීඩා කටයුත්තක් නිසා කණ්ඩරාවේ යම් රෝගී තත්වයක් පැන නැගුන නම් ප්‍රතිකාර විධි කණ්ඩරාවේ එන ආතරයිටිස් රෝගවලට කරන ප්‍රතිකාර ක්‍රම සමඟ වෙනස් ය. කණ්ඩරාවේ ඉරී යෑමක් ඇති වුණොත් ඒ සඳහා සැත්කමක් කරනවාද එහෙමත් නැත්නම් conservative විදිහට ප්‍රතිකාර කරනවද කියන තීරණය කණ්ඩරාවේ ගැටළු සම්බන්ධ විශේෂඥයකු විසින් ගත යුත්තකි. කන්ඩරාවට steroid එන්නතක් ලබා දීම ද එතරම් සුදුසු දෙයක් නෙමෙයි. එම එන්නත නිසා කන්ඩරාව ඉරී යෑමේ අවදානමක්ද පැවැතිය හැකිය. යම් හෙයකින් කණ්ඩරාව අසල තිබෙන retrocalcaneal bursa එක ඉදිමී එතැන වේදනාව තිබුණොත් steroid එන්නත හොඳම ප්‍රතිපල ගෙන දෙයි. Inflammatory arthritis රෝගයක කොටසක් හැටියට Achillis tendinitis තත්ත්වය කරා වර්ධනය වුණොත් DMARDs කුලකයේ ඖෂධ උපයෝගී කර ගැනේ. ඊටත් ප්‍රථම නිවැරැදි රෝග විනිශ්චය කරා අප මුලින්ම විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යා යුතු වේ.
සටහන
ධාරා අබේනායක විසිනි.




