Foodරෑ කෑමට නූඩ්ල්ස් කොත්තු

රෑ කෑමට නූඩ්ල්ස් කොත්තු

-

spot_img

රෑ කෑමට නූඩ්ල්ස් කොත්තු – Noodles Kottu

කොත්තු කියන්නේ අපි හැමෝම ආස කෑමක්. චිකන්, ෆිෂ්, මේ වගේ එක එක විදිහට හදන කොත්තු අතරේ නූඩ්ලස් කොත්තුවත් ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම රසයි. රෑ කෑමකට, උත්සව අවස්ථාවකට වුණත් කදිමයි. 

 Noodles Kottu

• අවශ්‍ය ද්‍රව්‍ය ( දෙදෙනෙක් සඳහා)  Noodles Kottu

නූඩ්ලස් 200 g
ඉඟුරු පේස්ට් තේ හැඳි 01
සුදුලූණු පේස්ට් මේස හැඳි 01
කුරුඳු කුඩු ස්වල්පයක්
අමු මිරිස් කරල් 2 ක් 3 ක්
තක්කාලි ගෙඩියක්
ලොකුලූණු ගෙඩියක්
කරපිංචා
ලුණු
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
කෑලි මිරිස්
කරාබු නැටි කිහිපයක්
සිහින්ව කැපූ කැරට්
සිහින්ව කැපූ ලීක්ස්
සිහින්ව කැපූ ගෝවා
බිත්තර 02ක්
පිසින ලද කුකුල් මස් ටිකක් ( කුඩාවට කපා ගන්න)
පොල් තෙල් මේස හැඳි 03

 Noodles Kottu

• සාදන ක්‍රමය

පළමුව නූඩ්ලස් ටික තම්බාගන්න. මීළඟට බඳුනකට තෙල් ටිකක් දමා එයට ඉඟුරු, සුදු ලූණු පේස්ට් කරාබු නැටි සහ කුරුඳු එක් කර ගන්න. තරමක් බැදෙනකොට කරපිංචා, අමු මිරිස්, සිහින්ව කැපූ ලූණු , තක්කාලි එකතු කර ගන්න. මීළඟට කපා ගත් එළවලු ටික ද එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. රස අනුව කෑලි මිරිස්, ගම්මිරිස් සහ ලුණු එකතු කරන්න. දැන් එයට බිත්තර එකතු කරන්න. මීළඟ පිසින ලද කුකුල් මස් එක් කරන්න. ඉන්පසුව නූඩ්ලස් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. අවශ්‍ය නම් කුකුල් මස් හොදි එකතු කරගනිමින් මිශ්‍ර කරන්න. එවිට නූඩ්ලස් කොත්තුවේ රස වැඩිවෙනවා.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you