NewsWestern Province පොලිස් ලොක්කෝ හතරකට මාරුවීම්

Western Province පොලිස් ලොක්කෝ හතරකට මාරුවීම්

-

spot_img

Western Province – බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති අතර මෙම ස්ථාන මාරුවීම් අනිද්දා (පෙබ: 5) සිට ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ජී.එම්. ගුණරත්න, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇති අතර සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්
කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළ ජී.ඒ.එන්.එල්. විජේසේන සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ. පද්මිනි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්වීම් ලබා තිබේ.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you