NewsVeyangoda Treasure වේයන්ගොඩ නිධානයේ ඇත්ත පැත්ත

Veyangoda Treasure වේයන්ගොඩ නිධානයේ ඇත්ත පැත්ත

-

spot_img

Veyangoda Treasure – අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදුන් නියෝගයක් අනුව වේයන්ගොඩ, වඳුරව රජමහ විහාරයට සමීපව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ පොළොව යට ඇතැයි කියන නිධානයක් සොයා කළ කැණීම් කටයුත්ත, පසුගිය දින කිහිපය ලංකාවේ පුවත් මවන උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණේය. කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන කිහිපයක් සහ රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් යොදවා දින තුනක් තිස්සේ කළ එම කැණීම් කටයුතු අවසානයේ විශාල විෂ්කම්භයකින් යුත් පාෂාණයක් පමණක් මතුවූ අතර එම පාෂාණය කැබලිවලට කඩා කොටස් කළද කිසිදු නිධන් වස්තුවක් හෝ පුරාවිද්‍යා වටිනාකමින් යුත් කිසිවක් සොයා ගැනීමට අපොහොසත් වී තිබිණි.

මෙම ස්ථානයේ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් නිධානයක් ඇතැයි පැතිර තිබු විවිධ මත හේතුවෙන් බොහෝ පිරිස් වරින් වර අදාළ නිදන් වස්තු සොයා එම ස්ථානයේ කැණීම් කටයුතු සිදුකර තිබිණි. මෙම ස්ථානය වේයන්ගොඩ පොලිස් බල සීමාවේ පිහිටා තිබූ හෙයින් වේයන්ගොඩ පොලිසියටද තොරතුරු හා පැමිණිළි ලැබෙමින් පැවතිණි. එහි ආසන්නම සිදුවීම වාර්තා වී ඇත්තේ, පසුගිය සැප්තැම්බර් මස 20 වන දාය. එම තොරතුරු අනුව පොලිසිය කළ වැටලීමකදී කැණීම් කටයුතු සිදු කරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබු අතර මෙලෙස නිධන් ගැනීමට කළ උත්සාහයන් 10 කදී පමණ, එම සැකකරුවන් වේයන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවටද ගෙන තිබිණි.

දිගින් දිගටම මෙලෙස නිදන් හෑරීම හේතුවෙන් ඉදි කෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ පාදම කොටසටද අවදානමක් ගෙන දෙන බව බව සැලකිල්ලට ගත් වේයන්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කරනු ලැබූ අතර ඉකුත් නොවැම්බර් 11 වන දා එම ප්‍රදේශයේ නිධානයක් ඇත්දැයි සොයා බලන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ කාර්ය බළකායට නියෝගයක් ලබා දී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ නිලධාරීන් සහ මහ ජනයා ඉදිරියේ අදාළ ස්ථානයේ කැණීම් සිදු කරන ලෙස අධිකරණ නියෝගයෙන් කියැවිණි. එමෙන් ම, නොවැම්බර් 21 වන දා එම කටයුත්ත අරඹා නොවැම්බර් 22 වන දින කැණීම් කටයුතු නතර කිරීමටත් උපදෙස් ලැබිණි. ඒ අනුව, පසුගිය 21 වන දා පෙරවරුවේ කැණීම් කටයුතු ඇරැඹිණි.

වේයන්ගොඩ පොලිසිය, විශේෂ කාර්ය බළකාය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, රස පරීක්ෂක කාර්යාලය ඇතුළු රජයේ ආයතන රැසක් සහ නිලධාරීන් හැටකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් මහජනයා ඉදිරියේ කැණීම් කටයුතු සිදු කෙරුණු අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකනය කෙරෙන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානයක සිට මෙම කැණීම් සිදු කළේ දැවැන්ත බැකෝ යන්ත්‍ර දෙකක ආධාරයෙනි. පළමු දිනයේ කැණීම් ඇරැඹීමත් සමඟ ඇදහැළුණු වර්ෂාවෙන් විවිධ බාධා ඇති වූ අතර 21 වනදා කැණීම් අවසන් වුවද කිසිදු නිධානයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි නොවිණි. අනතුරුව 22 වන දිනද යළි කැණීම් කටයුතු ඇරඹු අතර පරිලෝකනය යන්ත්‍රය වරින් වර පෙන්වා දුන් ආකාරයට කැණීම් කටයුතු සිදු කෙරෙන විට අධිවේගී මාර්ගයේ පස් තුනී කර ඇති පැති බැම්මද කපා පස් ඉවත් කිරීමට ද සිදුවිණි. එකම විශේෂත්වය වුයේ 22 වන දා පස්වරුව ආසන්න වෙද්දී විශාල විෂ්කම්භයකින් යුතු කළු ගලක් හමුවීම පමණි.

අනතුරුව, එම කළු ගල ඉවත් කිරීම සඳහා ‍ගෙනෙන ලද දොඹකරයේ කම්බි කඩා වැටීම නිසා ගල ඉවත් කිරීමට නොහැකිවීම මත 22 වන දා පස්වරුවේ කැණීම් කටයුතු නතර කරන ලදී. මේ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සොයාගත් ගල් පර්වතය කැබැලි කිරීම 23 වැනිදාට යෙදිණි. එදින සවස් කාලයේ එම ගල් පර්වතය කුඩා කැබලිවලට කඩා ස්කෑන් කිරීමක්ද සිදුවිණි. එහෙත් කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කිසිවක් මේ තෙදින තුළ සොයා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබුණේ නැත. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ගේ එකඟතාව මත කැණීම් කටයුතු ඉකුත් 23 වන දා සවස 4:00ට අවසන් කෙරිණි.

මෙම වගුරු සහිත භුමිය තුළ කිසිදු නිධානයක් හෝ පුරාවස්තුවක් නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර අවස්ථා දෙකකදී පෙන්වා දුන් බව වාර්තා වන අතරම දින තුනක් තිස්සේ කෙරුණු මෙම කැණීම් නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ පවා තාවකාලිකව නතර වූ බවත් පස්කන්දේ පැත්තක් කපා දැමීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියටද විශාල පාඩුවක් සිදුව ඇති බවත් ඇතැම් පාර්ශව වෙතින් චෝදනා එල්ල වේ. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී වේයන්ගොඩ පොලිසිය පවසා තිබුණේ, හෙට (නොවැම්බර් 26) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි පියවර ගන්නා බව ය.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you