More
    NewsMahinda and Sirisena ජනපති ලෙස හෙලිකොප්ටරෙන් ගිය දුර

    Mahinda and Sirisena ජනපති ලෙස හෙලිකොප්ටරෙන් ගිය දුර

    -

    spot_img

    Mahinda and Sirisena හිටපු ජනාධිපති වරුන් ලෙස මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ගුවන් සංචාරය කල වාර ගණන හෙළිදරව් වී තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා කාලය තුල අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් ගුවන් ගමන් 978 ක් සිදු කර ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පස් අවුරුදු ධුර කාලය තුළ ගුවන් ගමන් සඳහා 557 වතාවක් හෙලිකොප්ටර් යොදා ගෙන ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරු වලින් අනාවරණය වෙනවා.

    ගුවන් හමුදා මූලස්ථානයෙන් 2022 දෙසැම්බර් 5 වන දින මුලින් ඉල්ලා සිටි තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු “අද” පුවත්පත විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනයකට ප්‍රතිචාර වශයෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම තොරතුරු ලබාදී තිබෙන්නේ.

    “අද” පුවත්පත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට කරන ලද එම අභියාචනයකට අනුව, කොමිසම විසින් 2024.01.04 දින අභියාචනා අංක RTIC/Apeal/398/2023 යටතේ ගුවන් හමුදා මූලස්ථානය වෙත නියෝගයක් නිකුත් කිරීමෙන් පසු, 2024 ජූලි 11 වන දිනගුවන් හමුදා මූලස්ථානය තොරතුරු ලබා දී ඇති නමුත් ලබා දී ඇත්තේ ඉල්ලා සිටි තොරතුරු වලින් කොටසක් පමණකි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරප්‍රසාදය යටතේ වසර පහක පාලන කාලය තුළ 557 වතාවක් අභ්‍යන්තර ගුවන් ගමන් කර ඇති බව එම තොරතුරු අනාවරණය කරයි. ඔහු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් හරහා කිලෝමීටර් 131,277.17 ක සම්පූර්ණ දුරක් ගෙවා ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගමන් කල වාර ගණන හැර දුර ප්‍රමාණය තොරතුරු වල වාර්තා වී නොමැත.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page