The election – මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව මෙවර ඡන්ද දායකයින්ට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ ඇත්තේ, තමන්ට අයත් පළාත් පාලන ආයතනයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ / ස්වාධීන කණ්ඩායම්වල නම්, අංක සහ සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවක් බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.
පළමුවෙන්ම ඇති කොටුවේ ඇත්තේ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම බවත්, දෙවනුවට ඇති කොටුවේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ සටහන් කර ඇති බවත්, එයට ඉදිරියෙන් ඇති හිස් කොටුවේ එක් කතිරයක් යෙදීමෙන් තමන්ගේ ඡන්දය සටහන් කළ හැකි බවත් සභාපතිවරයා දන්වා සිටිනවා.
එක් කතිරයකට වඩා යොදා තිබුණහොත් හෝ වෙනත් සලකුණු යොදා තිබුණහොත් අදාළ ඡන්දය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සටහන් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.