More
    spot_img
    SportsSri Lanka Vs Bangladesh T20i බංග්ලාදේශය සමග පළමූ තරඟයේ...

    Sri Lanka Vs Bangladesh T20i බංග්ලාදේශය සමග පළමූ තරඟයේ ජය ශ්‍රී ලංකාවට

    -

    spot_img

    Sri Lanka Vs Bangladesh T20i – තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර සිලාත්හිදී ඊයේ (4) පැවැති ප්‍රථම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3 කින් ජයගැනීමට සමත් වුනා. ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකි වුනේ ලකුණු 203 ක් පමණයි. ඒ ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 3 ට ලබාගත් ලකුණු 206 ට එරෙහිවයි.

    ජයග්‍රහණය සඳහා බංගලාදේශ ක්‍රීඩකයින්ට අවසන් ඕවරයට ලකුණු 12 ක් ලබාගැනීමට අවශ්‍ය වූ නමුත් අවසන් පන්දු වාරය යැවූ දසුන් ශානකගේ දක්‍ෂ පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකි වුනේ ලකුණු 8 ක් පමණයි.

    ටස්කින් අහමඩ්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 5 ක් රැස්කිරීමට සිදුවූ අතර දසුන් එම පන්දුවට ලකුණක් පමණක් දෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැගෙන ආවේය. ජකීර් අලී පන්දු 34 කින් රැස්කළ ලකුණු 68 තරගය වෙනස් කළ අතර ඔහුගේ ලකුණු 68 ට හතරේ පහර 4 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් විය.

    පන්දු 21 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළ චරිත් අසලංක තරගයේ වීරයා විය. කුසල් මෙන්ඩිස් 59, කමිඳු මෙන්ඩිස් 19, සදීර සමරවික්‍රම නොදැවී 61.

    ඇන්ජලෝ මැතිව්ස් 17/2, බිනුර ප්‍රනාන්දු 41/2, දසුන් ශානක 36/2

    නජ්මුල් හොසේන් සන්ටො 20, මහුමුදුල්ලා 54, ජකීර් අලී 68, මෙහෙදි හසන් 16

    බංගලාදේශයට එරෙහි දෙවන විස්සයි විස්ස තරඟය හෙට (06) සිලාත්හිදී පැවැත්වීමට නියමිතයි.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...

    of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    of murder - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...
    - Advertisement -spot_img

    Selena Gomez මට පළවෙනි හාදුව ලැබුණෙ අවුරුදු දොළහෙදි

    Selena Gomez තම වෘත්තීය ජීවිතය අරඹන්නේ ළමා නිළියක ලෙසින්. ගායිකාවක්, නිළියක්, ගීත රචිකාවියක්, ව්‍යාපාරික කාන්තාවක් වන ඇය, සංගීත ක්ෂේත්‍රයේ...

    The Voice 27 වන අදියරේ ජයග්‍රාහකයා

    The Voice 27 වන අදියරේ අවසන් මහා තරඟය පසුගියදා (මැයි 20) පැවැත්වුනා. Adam Levine, John Legend, Kelsea Ballerini, Michael...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page