Social media Harassment – තම පෙම්වතියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින බවට තර්ජනය කළේ යැයි කියන තරුණයකු සැප්තැම්බර් මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර තිබේ. අදාළ තරුණිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරන ලද පැමිණිල්ලක් අනුව මෙහෙයවූ පරීක්ෂණවල ප්‍රථිපලයක් ලෙස මෙම තීන්දුව ලබා දී ඇතැයි සඳහන්.
අදාළ තරුණිය හා තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති කාලය තුළ, ඔවුන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදුණු අවස්ථාවක් සැකකාර තරුණයා විසින් ඇයගේද කැමැත්ත ඇතිව වීඩියෝ ගත කර තිබෙන අතර පසුව ඔහු විසින් වට්ස්ඇප් පණිවිඩ හරහා එම වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදා හරින බව පවසමින් තමාට තර්ජනය කළ බව තරුණිය පැමිණිලි කර තිබිණි.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනතේ 2(අ) වගන්තිය යටතේ, බෙදා හැරීමේ අරමුණින් අසභ්‍ය වීඩියෝ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයංග මුණවීර අධිකරණයෙන් ඉල්ලා සිටියේ, වීඩියෝ දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව ලබාගෙන ඇති බැවින්, තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසයි. නමුත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර තරුණයා සැප්තැම්බර් මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.



