More
    ArtSipeer සෑම සිරකරුවෙකුටම කියන්නට කතාවක් ඇත

    Sipeer සෑම සිරකරුවෙකුටම කියන්නට කතාවක් ඇත

    -

    spot_img

    Sipeer – වැරදිකරුවන් පුනරුත්ථාපනය කළ යුතු ආයතනයක් අපරාධකරුවන් බිහිකරන ආයතනයක් බවට පත් වී තිබෙයි –

    ” සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන පාඨය කාටත් බොහොම හුරුපුරුදු එකකි. නමුත් මෙම පාඨය අසා දැක තිබුණද එහි අරුත ගැන සිරගෙයින් පිටත සමාජය බිඳක් හෝ වටහාගෙන නොමැතිවග මේ පොත අපිට අවබෝධ කරලා දෙනව.” සිපීර්” සිරකරුවන්ගේ හදගැස්මේ හඬ!

    වැරදිකරුවෙක් බිහිවීමට සමාජයේ මොනයම්ම හෝ අඩුපාඩුවක් බලපානව. වරක් වරදක් කළ අයෙක්ව සමාජය විසින් බොහෝවිට ජීවිතාන්තය දක්වා වැරදිකරුවෙක් බවට පත් කරනව. සැබැවින්ම, සමාජය අහිංසකයින් අපරාධකරුවන් බවට පත්කරනවා.

    Sipeer - Mola Senevirathne

    – අඳුරු කුටි තුළ නැගෙන සුසුම් හඬ, පිටතට නොඇසෙයි. දඬුවම යනු වරද නිවැරදි කර ගැනීමට අවස්ථාවක් විය යුතුයි. දඬුවම නිශ්චිත වූවක් විය යුතුයි. දඬුවම පළිගැනීමක් නොවිය යුතුයි.-

    සමාජයේ බොහෝ දෙනෙකුට අනුව දඬුවම යනු රිදවීමේ සහ පළිගැනීමේ ක්‍රමවේදයකි. දඬුවම යනු අදාළ තැනැත්තා වරදින් මුදාගැනීමට භාවිතා කරන උපක්‍රමයක් බව වටහා නොගත්තවුන් පළිගැනීම අපේක්ෂා කරයි. ජීවිතාන්තය දක්වා සිර කිරීම, මරණ දඬුවම ලබාදීම මෙය කවුරුන් හෝ හිරිහැරයට පත් කර, “පාඩමක් ඉගැන්වීමට” ආශාවෙන් පසුවන අයගේ සමාජයකි. අනෙකාට පාඩම් උගන්වා වින්දනයක් ලබන ඔවුහු දේශපාලඥයන්ටද පාඩම් ඉගැන්වීමට සිතාගෙන සිහි බුද්ධියෙන් තොරව ඡන්දය පාවිච්චි කර අවසානයේ රැවටෙති. දියුණු යැයි සම්මත රටවල සිරගෙවල් සිරකරුවන් වරදින් මුදවා ගැනීමට ඔවුනට කියැවීමට පොත්පත් පවා ලබා දෙමින් කටයුතු කරනු ලබයි.

    Sipeer - Mola Senevirathne

    නමුත්, පළිගැනීමේ චේතනාවෙන් පසුවන සමාජයක මනුෂ්‍යත්වය අල්පය. සිරකරුවන්ට විඳින්නට සිදුවන ශාරීරික, මානසික මෙන්ම ලිංගික හිංසනයන් පිළිබඳ මෙහි සඳහන් වේ. පහරදීම්, නොයෙක් අන්දමේ අතවරයන් ඒ අතර වේ. ඒ සියල්ලටත් වඩා මානසික වශයෙන් ඔවුන්ට සිදුවන රිදවීම්, සිරගත ජීවිතය නිසා ඇතිවන කම්පනයන්, ආදරණීයයන්ගේ අහිමි වීම් වැනි බොහෝ හේතු ඔවුන් සදාකාලිකවම බිඳුනු සිතැති මිනිසුන් බවට පත් කරන අතර සිරගෙයින් පිටතදී පවා ඒ වේදනා සුවපත් නොවෙනු ඇත.

    සත්‍ය වශයෙන්ම සිරගෙය තුළ ඇත්තේත් ඉන් පිටත සමාජයේ වැනිම වූ රටාවක්. මුදලට හැමදේම තීරණය වන, මුදලට කළ නොහැකි දෙයක් නොමැති, ඇති – හැකි අයට එක නීතියක්ද නැති – බැරි අයට තව නීතියක්ද පරිද්දෙනි. මුදල් තිබේ නම් සිරගෙය තුළද විශේෂ සැලකිළි තිබේ. පිටත සමාජයේ මෙන්ම නීතිය කාටත් “පොදු” නොවේ.

    Sipeer - Mola Senevirathne

    එමෙන්ම සමූහයක් ලෙසින් ඔවුන් තුළ තිබෙන අනෙකාගේ දුක කෙරේ සංවේදීවීම, සහයෝගය වැනි කාරණා පාඨකයාව සංවේදී කරයි.

    – කාමර පාටි තේ කහට අරන් එයි. ඔහු ලෙංගතු සිරකරුවෙක්. මිනිසෙකු ලෙස අනෙකාගේ දුක තමන්ගේ දුක ලෙස ගනියි. නඩුව “කුඩු” වුවත් ජීවිතය “අඩු” නොවෙයි.-

    සිරගෙය තුළ පමණක් නොව ඉන් පිටත පවා මිනිසෙකුට මිනිසෙක් ලෙස ජීවත්වීමට ඉඩ නොදෙන සමාජයක, සාධාරණත්වය නොදන්නා නීති පද්ධතියක් තුළ සමාජය නොදකින හෝ නොදන්නා සිරගත ජීවිතයේ අඳුරු සත්‍යයන් සිපීර් හෙලි කරයි.

    – සෑම සිරකරුවෙකුටම කියන්නට කතාවක් ඇත. නැත්තේ අසන්නට කෙනෙකුයි –

    සිපීර්, ඒ නෑසූ කතාවයි!

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page