More
    spot_img
    NewsSaliya Pieris - කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්න...

    Saliya Pieris – කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්න බැහැ

    -

    spot_img

    Saliya Pieris – පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ (24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව වාර්තා වුනා. එයට ප්‍රතිචාරයක් ලෙස මානව හිමිකම් ආරක්ෂා කිරීමේ නීතිවේදියකු ලෙස පිළීගැනීමක් ඇති නීතිවේදියකු වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඔහුගේ සමාජ මාධ්‍ය තුල සටහනක් දක්වමින් අදහස් දක්වා තිබුණා.

    ” පොලිස්පතිවරයාගේ ස්ථාවරය සහ එහි නීතිමය කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගය හොඳින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළ සිය තීන්දුව ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද දේශබන්දු තෙන්නකෝන් මහතාට නඩු අවසන් තීරණය වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් දැන් තහනම් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මකයි.

    කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්න බැහැ. තෙන්නකෝන් මහතාට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැක. ඕනෑම පාර්ශ්වයක් විසින් අධිකරණ නියෝගය නොතකා හැරීමට ගන්නා ඕනෑම උත්සාහයක් අධිකරණයට අපහාස කිරීමක් වන අතර නීතිමය බලයක් නොමැත.”

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page