More
    NewsPolice සිර මැදිරිය තුළ බුරුවා ගැස්සවූ OIC

    Police සිර මැදිරිය තුළ බුරුවා ගැස්සවූ OIC

    -

    spot_img

    Police – ගිරානේගම ප්‍රදේශයේ අවමංගල්‍යයක් පැවති නිවසක් අසල රාත්‍රී කාලයේ මුදලට සූදු ක්‍රීඩාවේ (බූරුවා ගැසීම) නිරතව සිටි බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන සිර කර තබා ගැනීම සහ අයුතු අවහිරය යන චෝදනාව යටතේ අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (නොවැ. 11) සැකපිට අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් පරීක්ෂකවරයෙකුවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් දෙදෙනෙකු ප්‍රධාන මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

    Court

    මෙසේ ඇප මත මුදා හරිනු ලැබ ඇත්තේ, ගල්කිරියාගම ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවයෙහි නියුතුව සිටි මාතර වල්ගම සුගන්ධ මාවතේ පදිංචි ‍ෙදාඩම්පහළ හේවගේ ප්‍රභාත් ප්‍රේමචන්ද්‍ර, රාත්‍රි කාර්ය භාර පොලිස් සැරයන් ආඩියාගම ජන උදාන ගම්මානයේ පදිංචි විල්බට් පෙරේරාගේ සමින්ද ගිම්හාන් සහ රාත්‍රී උප සේවක කැකිරාව මහ ඇලගමුවේ පදිංචි පොලිස් කොස්තාපල් ඉහළ වෙලේගෙදර නිශාන්ත ලක්මාල් විජය බණ්ඩාර නමැති අයයි.

    ඉකුත් ජූලි මස 19 වන දා රාත්‍රී කාලයේ මුදලට සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත කැඳවා ගෙන ගොස් එම සැකකරුවන් පොලිස් සිර මැදිරිය තුළ රඳවා බූරුවා ගැසීමට සැලැස්වූ බවට ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.ඒ අනුව, සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා ඊයේ (නොවැ. 11) පෙරවරුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page