NewsPolice සිර මැදිරිය තුළ බුරුවා ගැස්සවූ OIC

Police සිර මැදිරිය තුළ බුරුවා ගැස්සවූ OIC

-

spot_img

Police – ගිරානේගම ප්‍රදේශයේ අවමංගල්‍යයක් පැවති නිවසක් අසල රාත්‍රී කාලයේ මුදලට සූදු ක්‍රීඩාවේ (බූරුවා ගැසීම) නිරතව සිටි බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන සිර කර තබා ගැනීම සහ අයුතු අවහිරය යන චෝදනාව යටතේ අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (නොවැ. 11) සැකපිට අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් පරීක්ෂකවරයෙකුවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් දෙදෙනෙකු ප්‍රධාන මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

Court

මෙසේ ඇප මත මුදා හරිනු ලැබ ඇත්තේ, ගල්කිරියාගම ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවයෙහි නියුතුව සිටි මාතර වල්ගම සුගන්ධ මාවතේ පදිංචි ‍ෙදාඩම්පහළ හේවගේ ප්‍රභාත් ප්‍රේමචන්ද්‍ර, රාත්‍රි කාර්ය භාර පොලිස් සැරයන් ආඩියාගම ජන උදාන ගම්මානයේ පදිංචි විල්බට් පෙරේරාගේ සමින්ද ගිම්හාන් සහ රාත්‍රී උප සේවක කැකිරාව මහ ඇලගමුවේ පදිංචි පොලිස් කොස්තාපල් ඉහළ වෙලේගෙදර නිශාන්ත ලක්මාල් විජය බණ්ඩාර නමැති අයයි.

ඉකුත් ජූලි මස 19 වන දා රාත්‍රී කාලයේ මුදලට සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත කැඳවා ගෙන ගොස් එම සැකකරුවන් පොලිස් සිර මැදිරිය තුළ රඳවා බූරුවා ගැසීමට සැලැස්වූ බවට ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.ඒ අනුව, සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා ඊයේ (නොවැ. 11) පෙරවරුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you