NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 62

Pini Muthu Palasa පිනි මුතු පලස – 62

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

ආරාධනාව කුමක් දැයි කියා මේ වන විටත් මම දැන සිටියෙමි. දෙදෙනාටම බැන වැදී එළවා දමන්නට වුවමනා වුවද පූජිත නිසා මට එයද කළ නොහැකිය. මෙතනින් ඉවතට යෑමට වුවමනා වුවද මට එයත් කළ නොහැකි නිසා මම ඉවසා සිටියෙමි.

“කෝ අම්මා නැත්ද…? අම්මටත් කතා කළා නම්…”

“අම්මා ඉතින් යන්න ඇති කොහාට හරි…මං බලන්නම්…ඉන්න…”

පූජිත එසේ කියා පිටතට ගියේය.

“මොකක්ද ඉතින් ඔය මහ ලොකු ආරාධනාව…?”

ඒ ඇසිල්ලේ මම ඇසුවේ එය නොදන්නා බවක් අඟවමිනි.

“අයියාගේ වෙඩින් එක…වෙඩින් එක කිව්වට ඉතින් රෙජිස්ට්‍රේෂන් එක…ලොකු පාර්ටි නම් නැහැ…”

අම්මා කීවාය.

“ලොකු පාර්ටි නැත්නම් මොකටද මේ තකහනියේ මෙහෙ ආවේ…?”

උපහහාසය මුසුව මම ඇසීමි.

“චූටි දුව…පවුලේ හැමෝම ඉන්න ඕන…”

“මං දැන් ඔය පවුලේ එකෙක්ද කියලත් සැකයි කියලා පැයක් වත් ගියේ නැහැනේ…”

මම ඇනුම්පදයක් එල්ල කරන විට අම්මාත්, අක්කාත් මුහුණින් මුහුණ බලා ගත්හ.

“කට වහහෙන එනවා පූජිත එක්ක…මේක මේ ලොකුවට ගන්න යන එකක් නෙවේ…”

“ලොකු තියා පොඩි වුණත්…ඔය මඟුල් වලට තියා අවමඟුලකටවත් මම එයි කියලා හිතන්න එපා…මාව බලෙන් බන්දලා දෙනකොට පැත්ත පළාතකටවත් නාපු එවුන් මට කොහොමත් එපා…”

“ඔච්චර නපුරු වෙන්න එපා චූටි දුව…ඒ ඔයාගෙ අයියා…”

“මට ඇති සහෝදරයෙක් නැහැ…මාව නපුරු කළෙත් උන්ම තමා…හැමදේම ඉවසගෙන පාඩුවේ හිටපු නිසා තමා මම අද මේ තරමට විඳවන්නේ…මෙන්න මේකි තමා හැමදේම කළේ…”

හඬන්නට වුවමනා වුවද හැඬුම් ආවද මම නොහඬා පාලනය කරගෙන සිටියෙමි. පූජිත අම්මා කැඳවාගෙන එහි පැමිණි නිසා මට නිහඬ වීමට සිදු විය. ආරාධානා පත්‍රය පිරිනමා ඔවුන් සැණින් පිටව ගියේ පූජිත දිවා ආහාරයට නවතින ලෙස කළ ඇරයුමද ප්‍රතික්ෂේප කරමිනි.

“මම ඔය මඟුලට එන්නේ නැහැ…දැන්ම කිව්වා…”

ඔවුන් පිටව යාමට සැරසෙන විට මම එසේ කියා දොර රෙද්දත් ගසා දමා කාමරයට ආවෙමි. ඔවුන් රැගත් ත්‍රීරෝද රථය පිටත් වන විටම වාගේ පූජිත කාමරයට පැමිණියේය.

“මොකෝ මේ මූණ පුම්බගෙන…?”

මා පසෙක යහන මත හිඳ ගනිමින් ඔහු විපරම් බැල්මක් මවෙත හෙළා ඇසුවේය. පිළිතුරක් නොදුන් මම කළේ නිහඬව සිටීමය.

“ඇයි දැන් යන්න බැහැ කියන්නේ…?”

ආරාධනා පත්‍රය දිගහැර බලමින් ඔහු නැවත ඇසුවේ මගේ නිහඬ බව නිසා වන්නට ඇත.

“මම යන්නේ නැහැ…මට ඔය මිනිස්සුන්ගේ මඟුල් ඕන නැහැ…”

පූජිත කෙටි සුසුමක් මුදා හළේය.

“ඔයා එයාලා එක්ක තාම තරහින් ඉන්නේ ඔයාව මට කසාඳ බන්දලා දුන්න නිසාද…?”

පූජිත අසන විට මම වහා ඔහු දෙස බැලීමි.

“මම තරහා ඒ නිසාම නෙවේ…ඒ වෙලේ ඔයා නෙවේ…වෙන මොකෙක් ආවත් අක්කා මාව බන්දලා දෙනවා…මට තරහා තියෙන්නේ ඔයා එක්ක නෙවේ…පිට එකෙක්ට වගේ මට සළකපු ඒ මිනිස්සු එක්ක…මට උන්ව සහෝදරයෝ විදියට හිතන්න බැහැ…තිරිසන්නුත් හොඳයි ඊට වඩා…ඒකයි ඇත්ත…”

“හ්ම්ම්…එයාලා අකමැත්තෙන් හරි මට ඔයාව බන්දලා දුන්න එක ගැන මම සතුටු වෙනවා…”

ඔහු කී දෙයින් මා සිතේ ඇති වූයේ තිගැස්මකි.

“ඒ ඇයි…?”

පුදුමයෙන් මම ඇසීමි.

“ඔයා නැති කාලේ මම ජීවිතේ ඉගෙන ගත්තා…මම ඔයාට සළකපු විදිය වැරදියි කියලා තේරුම් ගත්තා…මගේ ජීවිතේ මම ආදරයක් නොලබපු මිනිහෙක් මංදාකිණි… ඒත් මම යාන්තමින් හරි ඒක මොකක්ද කියලා තේරුම් ගන්න උත්සහ කළා…අම්මා මට බැන්නා….දොස් කිව්වා…ඔයා යන්න ගියේ මගේ තිරිසන් ගති නිසා කිව්වා…එයා තාත්තා නිසා දුක් විඳපු හැටි කිය කියා ඇඬුවා…මාත් තාත්තා වගේමයි කිව්වා…මම තාත්තට චුට්ටක් වත් කැමති නැහැ…මාත් එයා වගේ කියලා අහගන්න මං කොහොමවත් ආස නැහැ…මට ඕන වුණේ මං එයා වගේ නෙවේ කියලා ඔප්පු කරලාම පෙන්නන්නයි…මං ඔයාව හොයාගෙන එත්දී නම් මට ඇත්තටම ඔයා එක්ක කේන්තියක් තිබුණා…ඒත් පස්සේ පස්සේ ඒක නැති වෙලා ගියා…මට කා ළඟවත් පිංසෙණ්ඩු වෙලා පුරුදු නැහැ මංදාකිණි…මං ඔයාලගේ අම්මව බය කරලා ඇහුවත් එයා නෙවේ කට ඇරියේ…ඔයාගේ මස්සිනා තමා කිව්වේ ඔයාව දවසක් දැක්කා කියලා…අම්මා බය වුණා…ඒ පාර තමා එයා මා එක්ක ආවේ…”

පූජිත දිගු හුස්මක් ඇද්දේය.

“මගේ අතින් තාත්තා නැති වුණේ මගේ කේන්තිය නිසා…තාත්තා අම්මාව මරයි කියන බයයි එදා මට ඇති වුණේ…ඒත් මං හිතුවේ නැහැ තාත්තා මැරෙයි කියලා…එයා ඇරුණාම මම වෙන කාවවත් මරලා නැහැ…අහිංසක මනුස්සයෙක්ට මගේ අතින් කවදාවත් අසාධාරණයක් වෙලා නැහැ…රාජකරුණා මාව බලා ගත්තා නෙවේ…ඌ මාව අතකොළුවක් කර ගත්තා විතරයි…ඒක මට තේරුණේ හුඟ කාලයක් ගිහින්…උගෙ හොර ලී ජාවාරම් මං අනන්තවත් පොලීසියට අල්ලලා දීලා ඇති. ඒත් ඌ අදටත් දන්නේ නැහැ ඒ මම කියලා…”

එසේ කී පූජිත උස් හඬින් සිනහසුණේ මම පුදුමයෙන් බලා සිටින විටය.

“පොලීසියේ ඉන්නෙත් හොරු…පගා මරුවෝ…”

ඔහු කතා කළේ කළකිරීමෙනි. මේ සියල්ල ඔහුට මා හා කීමට සිතුණේ මන්ද කියා පුදුමයක් මා සිතේ ඇති විය. මෙතෙක් කලකට ඔහු ඒ කිසිත් පවසා තිබුණේ නැත. මට ඔහුව දැණුනේම අමුත්තෙකු මෙන් මිස සමීපතයෙකු ලෙස නොවේ. එම හැඟීම අමුතුය. පූජිත මුලින්ම මට මෙසේ ළංවන්නට උත්සාහ කළා නම් සමහර විට මම ඔහු පිළිබඳව වෙනස් කෝණයකින් සිතන්නට ඉඩ තිබිණි. නමුත් දැන් මට එය සිතා ගත නොහැකිය. අනාගතය කෙරෙහි මා සිතේ ඇති වූයේ බිය මුසු තැති ගැන්මකි.
——————————————————————————————————
දිවයින පුරාම සිදුවන බෝම්බ ප්‍රහාර නිසා අපි සිටියේ කැළඹුණු සිත් තුළිනි. මැති ඇමතිවරුන් ඉලක්ක කොටගෙනත් බෝම්බ පිපිරීම් කීපයක් සිදු වූ නිසා රාජකරුණාද බියෙන් සිටින බව පූජිත කීවේය.

“මිනිහා කියනවා තව ටික කාලයක් මිනිහා එක්ක ඉන්නලු…මං ඉන්නවා නම් බයක් නැහැලු…”

රාජකරුණා නිවසට පැමිණ ගිය දවසක පූජිත අප හා කීවේය.

“ඇයි උඹ සුපර් මෑන්ද…ඌව බේර ගන්න…එකට මැරෙන්න වෙන්නැති තව ටික කාලයක් ඉන්න කියන්නේ…”

අම්මා කෑ ගැසුවේ කෝපයෙනි. දිවයිනේ බොහෝ තැන්වල මනුෂ්‍ය ඝාතන සිදුවන බවක් දිනපතා ප්‍රවෘත්ති මඟින් අපර දැන ගන්නට ලැබිණි. මේවා පෞද්ගලික පළිගැනීම් මිස ත්‍රස්තවාදී ක්‍රියා නොවන බව පූජිත අප සමඟ කීය.

“ඔය සේරම පිටිපස්සේ ඉන්නේ ඇමතිලා…උන්ට මේ යුද්දෙ නවත්තන්න ඕන නැහැ…හිඟන්නාගේ තුවාලේ වගේ මුන් ඒක වවන් කනවා…”

පූජිත කතා කළේ කෝපයෙනි. සමහර ප්‍රදේශවල තරුණයින් අතුරුදහන් වන බව සැළවන විට අම්මා බිය වූයේ රාජකරුණාද පූජිතට අනතුරක් කරාවිදෝ කියාය. එම බිය සැබෑවටම මා තුළද විය.

“උඹ ගෙදරට එනකල් මං ඉන්නේ පණ බයේ පුතේ…”

එය සත්‍යයකි. ඔහු අසළ නිවසකට ගියද අම්මා පෙර මඟ බලා හිඳින්නේ පපුව මැද දෑත් තබාගෙනය. ඈ සිතින් දෙවියන් යදිනවා වන්නට ඇතැයි කියා මම සිතුවෙමි.

“අනේ අම්මේ…නිකන් ලේ පූච්ච ගන්නේ නැතුව ඉන්නකෝ…”

ඔහු අම්මා සැනසීමට එසේ කීවා මිස එහි කෝපයක් නොවීය.

“පන්ති යන්නත් නැහැ අක්කේ…අම්මා බයේ මාව කුරුණෑගල යවන්න…”

එදින පූජිත නිවසේ සිටියේ නැත. නිරෝෂා මා සමඟ කීවේ අපි දෙදෙන මිදුලේ කතා බහ කරමින් සිටින විටකය. අම්මාද මිදුල වටේ කැරකි කැරකි සිටියේ පූජිත දැන් දැන් නිවසට එනු ඇතැයි සිතා දෝ පාර දෙසට වරින් වර බැලුම් හෙළමිනි.

“බස් වල යන එන එකත් බයයි නේ…”

මමද කීවෙමි. නිරෝෂා එයට හූ මිටි තැබුවාය.

“අනේ…ළමයෝ…මට කලන්තේ වගේ…”

අම්මා කියන විට මා ඈ දෙසට දිව ගියෙමි. ඇද වැටෙන්නට ගිය ඇයව මට යාන්තමට වත්තන් කර ගැනීමට හැකි විය. මාත් නිරෝෂාත්, මල්ලිකා නැන්දාත් ඇයව රෝහලට ගෙන ගියෙමු. දින කීපයක් ඇයට රෝහලේ නැවතීමට සිදු වූයේ ඇගේ රුධිරයේ සීනී ප්‍රමාණය ඉහළ නැංවී තිබූ නිසාය.

“කටට ලිමිට් නැහැනේ..හැම ජරාවම ගිළිනවා…දැන්වත් ටිකක් පරිස්සම් වෙන්න…”

පූජිත ඇයට අවවාද කළේ අම්මා නිවසට කැඳවාගෙන පැමිණිදා ය.

“කෑමට වඩා එයා ඔයා ගැන කල්පනා කරලයි ලෙඩ වෙන්න ඇත්තේ…”

මම පසුව ඔහු සමඟ කීවෙමි. ඔහු සුසුමක් හෙළුවා මිස කිසිත් නොකීවේය.

“මේ ප්‍රශ්න එක්ක ලොරියෙ වැඩෙත් අතපසු වුණා…”

සවස එළවළු පාත්තිවලට වතුර දමන අතරේ ඔහු මා හා කීවේය.

“ඉතින් ඇයි ඒක පරක්කු කරන්නේ…වෙන කාට හරි දෙයිද දන්නැහැ…”

“නැහැ…නැහැ…වෙන කාටවත් දෙන්නේ නැහැ…මම කියලනෙ තියෙන්නේ…”

නිරෝෂා අප සිටිනු දුටු නිසාදෝ වැටෙන් පැන අප වෙත දිව ආවාය.

“ජෝඩුව මල් කඩ කඩ පැන් ඉසිනවා වගේ…?”

ඈ විහිළු කළාය.

“උඹ ආවා ඉතින් උදැල්ල දාන්න…”

“අපෝ වැඩේමයි…”

මුව ඇද කරමින් නිරෝෂා කියන විට පූජිත වතුර මල අප වෙත එල්ල කළේ නොසිතුව ලෙසය. අපි දෙදෙනම නැහැවී ගියෙමු.

“පූජිත මෝඩයා…”

නිරෝෂා කෑ ගසන විට ඔහු යළිත් වරක් වතුර මල ඇයට එල්ල කළේය. මම වහා ඉවත දිව ගියේ ඔහුගේ ඉලක්කයට මාද හසුවේ යැයි බියෙන් මුත් මාද මුළුමනින්ම නැහැවී සිටියෙමි.

“මෝඩයෙක් නෙවේ ගොනෙක්…ඌරෙක්…”

නිරෝෂා කෑ ගසන විට ඔහු උස් හඬින් සිනහසුණේය.

“ගෙදර ගිහින් නාපන්…මෝඩි…උඹ නාන්නෙත් නැහැනේ…”

නිරෝෂා නිවස දෙසට දිව ගියේ ඔහුට බැන වදිමිනි. වැල මත වූ චීත්තය හැඳගෙන මම තෙත ගවුම ගළවා දමා ළිඳෙන් නා ගතිමි. පූජිතද වතුර දමා අවසන් කොට ළිඳ අසලට පැමිණියේ මා දිය නා අවසන් වන විටම වාගේය. වැල මත සෝදා දමා තිබූ චීත්තයක් ගත දවටාගෙන මම කාමරයට වැදුණේ කොණ්ඩයෙන් දිය බේරෙන විටය. කාමරයට වැදුණු සැණින් මම තුවාය ගෙන තෙත කොණ්ඩය පිසගතිමි. පූජිත කාමරයට එන විටත් මා සිටියේ ගත දැවටුණු චීත්තය පිටින්ම කොණ්ඩය පිසිමිනි. ඔහු ඇඟ පත සෝදා ගෙන ඇති බව මම දුටුවේ කැඩ පතිනි. දිය බිඳු ඔහුගේ ගතින් බේරිණි. මා පසෙක සිට ගත් පූජිත මා බඳ වටා දෑත යවා මගේ නිරුවත් ගෙල මත සිය සීතල වූ දෙතොල් තබා සිප ගන්නා විට සියුම් හිරිවැටීමකින් මා ගතම හිරි වැටී ගියේය.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you