More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsPalestine Israel war ගාසා තීරයේ රෝහල් මෘත ශරීරාගාර බවට...

    Palestine Israel war ගාසා තීරයේ රෝහල් මෘත ශරීරාගාර බවට පත්වේ

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Palestine Israel war ඊශ‍්‍රායලය විසින් Enclave වෙත බෝම්බ හෙළීමත් සමඟ එහි බලය අහිමි වන බැවින් ගාසා තීරයේ රෝහල් “මෘත ශරීරාගාර බවට පත්වීමේ අවධානමක්” ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය අද [12 වෙනි බ්‍රහස්පතින්දා ]අනතුරු අඟවා තිබෙනවා. ගාසා තීරයේ මානුෂීය අර්බුදයක් වේගයෙන් පැතිරෙමින් පවතින අතර, ආධාර ආයතන සහ සෞඛ්‍ය නිලධාරීන් සිය දහස් ගණනක් ආහාර, ජලය සහ විදුලිය හිඟය මධ්‍යයේ අවතැන් වී ඇති බව වාර්තා වන අතර එය වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා අමතර පීඩනයක් එල්ල කරන බව පැවසෙනවා.

    “ගාසා තීරයේ බලය අහිමි වන විට, රෝහල් පවත්වාගෙන යාමේ ශක්තිය හීනවන අතර, අලුත උපන් බිළිඳුන්ගේ incubators වල සහ වයෝවෘද්ධ රෝගීන්ට ඔක්සිජන් සැපයීම අවධානමට ලක්ව ඇති” බව මැද පෙරදිගට ආසන්න රටවල් සඳහා වන ICRC කලාපීය අධ්‍යක්ෂක Fabrizio Carboni නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගාසා හි දැනට ක්‍රියාකාරී එකම විදුලි බලාගාරය ඉන්ධන අවසන් වීමෙන් පසු වැඩ කිරීම නවතා දමා ඇති බව ගාසා බල අධිකාරියේ ප්‍රධානියා ඊයේ [11 බදාදා] CNN වෙත පවසා තිබු අතර ප්‍රදේශයේ ජනතාවට තවමත් විදුලිය සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිතා කළ හැකි නමුත් දේශ සීමාවේ සෑම පැත්තකින්ම අවහිර වීමත් සමඟ එම යන්ත්‍ර ක්‍රියා කිරීමට අවශ්‍ය ඉන්ධන අවසන් වෙමින් පවතින බව නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබිණි. පලස්තීන සෞඛ්‍ය නිලධාරීන්ට අනුව සෙනසුරාදා සිට ගාසා තීරයේ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 1,200 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර ඉස්ලාමීය සටන්කාමීන් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 150ක් පමණ රඳවාගෙන සිටින අතර ඔවුන් නිදහස් කිරීම සඳහා රතු කුරුස සංවිධානය හමාස් සහ ඊශ්‍රායල නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බව දැනගන්නට ලැබෙනවා.

    -CNN News ඇසුරෙනි- by Pierre Meilhan

    Photo Credits: www.cnnnews.com

     

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න...

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page