More
    NewsOn max DT පිරමීඩ ජාවාරමට රතු නිවේදන සඳහා විවෘත...

    On max DT පිරමීඩ ජාවාරමට රතු නිවේදන සඳහා විවෘත වරෙන්තු

    -

    spot_img

    On max DT – මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලික සමාගමේ සභාපතිවරයා ඇතුළු තිදෙනකු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීම සඳහා ඊයේ (11 වෙනි සඳුදා) අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසිනි.

    මෙම පිරමීඩ ජාවාරමේ මහ මොළකරු බව කියන ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානිස් විලීස් නමැති අය සහ පිරමීඩ නඩුවේ 06 වන සැකකරු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කර ඇප ලැබීමෙන් අනතුරුව මෙරටින් පලා ගොස් තිබෙන ඔන්මැක්ස් ඩී.ටී. පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය නිර්මාණය කරන ලද ‘‘වී ටෙක්’’ මෘදුකාංග ආයතනයේ හිමිකරු වන මෘදුකාංග ඉංජිනේරු ගයාන් චාමර වික්‍රමතිලක සහ එම සමාගමේ සභාපතිවරයා වන සෑම් බස්නායක යන තිදෙනාට මෙලෙස අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page