Olive Oil වලින් ලස්සන වෙන්න
ඈත අතීතයේ ඉඳලම ගොඩක් රටවල කාන්තාවන්ගෙ රුව ඔප්නැංවීමට භාවිතා කෙරුව දේවල් අතරින් ඔලිව් ඔයිල්වලට හිමිවෙන්නෙ විශේෂ තැනක්. ඔලිව් ඔයිල් කියන්නෙ හිසේ ඉඳලා දෙපතුල දක්වාම තියෙන රූපලාවන්‍යය ගැටළු වලට හොඳම විසඳුමක්.
• මුහුණ සඳහා (දීප්තිමත් සමකට)
ඔබේ සාමාන්‍ය මොයිස්චරයිසර් ක්‍රීම් එකට ඔලිව් ඔයිල් බිංදුවක් එක් කර රාත්‍රියේදී ආලේප කරන්න. මෙමගින් සමේ වියළි බව නැතිකර මුහුණට දීප්තියක් ලබා දෙනවා.

• Makeup ඉවත් කිරීමට
Cotton pad එකකට ඔලිව් ඔයිල් ස්වල්පයක් දමා makeup ඉවත් කරගන්න පුළුවන්. mascara, lipstick පහසුවෙන්ම ඉවත් කරනවා.
• Lip Balm එකක්
රාත්‍රී නින්දට පෙර ඔලිව් ඔයිල් බිංදුවක් තොල්වල ආලේප කරන්න. මෙය තොල්වල මෘදු බව ඇති කරනවා.

• හිසකෙස් සඳහා
මද උණුසුම් ඔලිව් ඔයිල් තේ හැඳි 2-3 කොණ්ඩයේ මැද සිට අගට ආලේප කර විනාඩි 20ක් තියෙන්නට හැර ෂැම්පු කරන්න. මෙමගින් හිසකෙස්වලට මෘදු දීප්තිමත් බවක් ලබා දෙනවා.
• ඇහිබැමි සඳහා
රාත්‍රී නින්දට පෙර ඇහි බැම සහ ඇහි පිහාටු මත ඔලිව් ඔයිල් ස්වල්පයක් තවරන්න. එමගින් ඝනැති ඇහි පිහාටු සහ ඇහිබැමක් ලබා දෙයි.


• අත් සහ නියපොතු සඳහා
නියපොතුවල ඔලිව් ඔයිල් ආලේප කර විනාඩි පහක් පමණ තියෙන්නට හැර සෝදන්න. මෙමගින් නිය කැඩී යාම අවම කරනවා. සිනිඳු දෑතක් ලබා ගැනීමට කැමති නම් ඔලිව් ඔයිල් තේ හැන්දකට සීනි ස්වල්පයක් එක් කර අත් දෙක ස්ක්‍රබ් කරන්න.
• මුළු සිරුරටම
නෑමෙන් පසු සමේ තෙත ගතිය රැඳී තිබෙද්දීම සිරුර පුරා ඔලිව් ඔයිල් ආලේප කරන්න. සිනිඳු සමක් ලබා දෙයි.

• අත් යට අවපැහැය ඉවත් කිරීමට
ඔලිව් ඔයිල් ස්වල්පයකට බේකිං සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර අත් යට ආලේප කරන්න. මිනිත්තු පහක් පමණ තියෙන්නට හැර සෝදන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් අත් යට අවපැහැය දුරු වෙනවා.



