More
    spot_img
    ArtMothering Sunday ලොවට රහසේ පෙම්කළ ධනවතෙකු සහ ඔහුගේ සේවිකාවගේ...

    Mothering Sunday ලොවට රහසේ පෙම්කළ ධනවතෙකු සහ ඔහුගේ සේවිකාවගේ කතාව

    -

    spot_img

    Mothering Sunday – ඇගේ ජීවිතයේ අමතක නොවන දිනයන් අතරේ ඒ දිනයත් නිසැකවම ඇති. ජේන් ඒ මොහොතේ සිටියේ අමුත්තන්ට සංග්‍රහ කරමින්. ඈ ඔවුන්ට මධුවිතෙන් සංග්‍රහ කරමින් සිටියා. ඒ අමුත්තන් අතරේ ඔහුත් සිටියා. පෝල්..ඇයගේ ප්‍රේමය. ඒ විතරක් නෙමෙයි එතැන තව සුවිශේෂි කෙනෙකුත් සිටියා. ඇය එමා. පෝල් සහ එමා සිටියේ නුදුරේදීම විවාහ වීමේ බලාපොරොත්තුවෙන්. ධනවත් පවුලක සේවිකාවක වශයෙන් සිය පෙම්වතා සහ ඔහුගේ අතගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මනාලිය ඇතුළු ආගන්තුකයන්ට සංග්‍රහ කරන්නට වීම කුමන අන්දමේ හැඟීමක් වෙන්නට ඇතිද…? නමුත්, කුමන ලෙසකින්වත් තම හැඟීම් පිටතට නොපෙන්වා සිත දැඩි කරගෙන ඉන්නට ඇයට සිදුවුණා.

    Mothering Sunday

    සේවිකාවක වූ ඇයත් ධනවතෙකු වූ ඔහුත් සෑම නිවාඩු දිනකදීම ලොවටම රහසේ මුණගැහුණා. ඔහු සමගින් ගතකළ ප්‍රේමයෙන් පිරුණු, සරාගී නිමේෂයන් ඇය අමතක කරන්නේ කෙසේද..? ජීවිත කාලය තුළදී නම් එය කිරීමට නොහැකි වේවි. නුදුරේදීම අන්සතු වන්නට නියමිත වූ ඔහු මොනතරම්නම් කඩවසම් යෞවනයෙක්ද…? මේ ආදරණීය පෙම්‍ යුවළගේ ඉරණම කුමක්ද..? පිළිතුරු නොමැති ගැටළුවලට කාලය විසින් පිළිතුරු සපයා දෙනු ඇති.

    Mothering Sunday

    සැබැවින්ම කාලය වේගයෙන් ඉගිළ ගොස් තිබුණා. සේවිකාවක් ලෙසින් කුමරුවෙක්ට පෙම් කළ යුවතිය කාලයත් සමගින් ලේඛිකාවක් වී තිබුණා. ලේඛිකාවක් වූයේ කෙසේ දැයි සමීපතමයන් ඇගෙන් ප්‍රශ්න කළ විට තමා ඉපදුන නිසාත්, තමාට යතුරු ලියනයක් ලැබීම නිසාත්, තවත් එක්තරා හේතුවක් නිසාත් තමා ලේඛිකාවක වූ බව ජේන් පැවසුවා. ඒ “එක්තරා හේතුව” හෙළිදරව් කිරීමට ඈ කැමති වූයේ නැහැ. සැබැවින්ම එම එක්තරා හේතුව ඔහුද..? වසර ගණනාවක්, දශක ගණනාවක් ගෙවී ගියද ඔහු කෙරේ ඇගේ ප්‍රේමය තවමත් යෞවනියකගේ ප්‍රේමය තරමටම හැඟීම්බරයිද…? ඔවුන්ගේ පෙම් කතාවට සිදුවූයේ කුමක්ද..? ලොවටම රහසේ තම හැඟීම් හදවතේ ගල් කරගත් සිතකට නිදහස් වීමට, තම සිතිවිලිවලින්ම නිදහස් වන්නට ඇති එකම මග ලේඛනය වූ කළ, දහසක් වේදනා හැඟීම් අකුරු කළ ඈ පාඨක ආදරය අසීමිතව දිනූ විශිෂ්ඨතම ලේඛිකාවක් වීම අරුමයක් වෙන්නේ කෙසේද…?

    Mothering Sunday

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page