More
    NewsMoney Laundering මුදල් විශුද්ධිකරණයට එරෙහි විශාලතම වැටලීම

    Money Laundering මුදල් විශුද්ධිකරණයට එරෙහි විශාලතම වැටලීම

    -

    spot_img

    Money Laundering – සිංගප්පුරු පොලීසිය දියත් කළ මෙහෙයුමකදී මුදල් විශුද්ධිකරණයට එරෙහි විශාලතම අත්අඩංගුවට ගැනීම පසුගිය දිනක සිදු කළ බවට වාර්තා වේ. සුඛෝපභෝගී නිවාස,මෝටර් රථ සහ මුදල් ඇතුළුව සිංගප්පූරු ඩොලර් බිලියනයක (US$735m; £578m) පමණ වත්කම් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. මුදලින් US$17m ක් පමණ ඇති බවද සදහන්වෙයි.

    මෙම මෙහෙයුමේදී පොලිසිය පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලුම දෙනා විදෙස්වල ගමන් බලපත්‍ර හිමි අය බව කියවේ. ලොව අඩුම අපරාධ අනුපාතයක් ඇති සිංගප්පූරුවේ මෙවැනි වැටලීම ඉතා දුර්ලභය. එරට පොලිසිය සදහන් කළේ අගහරුවාදා හදිසි වැටලීම් නගර ප්‍රාන්ත පුරා එකවර සිදුකළ බවයි. වාහන 50ක් සමග රටේ වඩාත් ජනප්‍රිය ප්‍රදේශවල පිහිටි නිවාස 94 ක්ද අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් සදහන් වෙයි.

    money laundering

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 දෙනා වයස අවුරුදු 31ත් 44ත් අතර පසුවන්නන් වන අතර මුදල් විශුද්ධිකණනය සහ ව්‍යාජ සකස් කිරීම් සම්බන්ධව ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ. මෙම පිරිසට චීනය,කාම්බෝජය,තුර්කිය සහ වනුටු යන රටවල විදේශ ගමන්බලපත්‍ර තිබු බව පොලිසිය පවසයි. පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ මොවුන් “ඔවුන් විදේශ අපරාධ ක්‍රියා වලින් සහ මාර්ගගත සූදු මගින් ලැබෙන මුදල් විශුද්ධිකණනයට” සම්බන්ධ බවට සැක කරන බවයි. සුදු අපරාධ විමර්ශනය කරන පොලිස් වාණිජ කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Davif Chew පැවසුවේ “අපරාධකරුවන්ට සිංගප්පූරුව ආරක්ෂිත තෝතැන්නක් ලෙස භාවිතා කිරීමට කිසිසේත් ඉඩ නොදෙන” බවයි.

    money laundering

    “අපරාධකරුවන්ට අපේ පණිවිඩය සරලයි,අපි ඔබව අල්ලා ගත්තොත්,අපි ඔබව අත්අඩංගුවට ගන්නෙමු. ඔබ අයතා ලෙස උපයාගත් මුදල් අපි සොයා ගත්තොත්,ඒවාද අත්පත් කර ගන්නෙමු. එමෙන්ම අපේ නීති⁣ය උපරිමයෙන් ඔබට එරෙහිව ක්‍රියාත්මක කරන බවද, නිල විශුද්ධිකරණයට අවශ්‍ය සුදුසුකම් සපුරා නැති ආයතන වලටද එරෙහිවද දැඩි ක්‍රියාමාර්ග ගන්නා” බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    -BBC ඇසුරෙනි-

    Photo Credit: Singapore Police force

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page