NewsMass killings කැනඩාවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික පවුල

Mass killings කැනඩාවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික පවුල

-

spot_img

Mass killings – කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් පස්දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු පෙරේදා රාත්‍රියේ [ 6 බදාදා] අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. මෙම ඝාතන සිදුකර ඇත්තේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැනඩාවට පැමිණි සිටි ෆේබ්‍රියන් සොයිසා නම් 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු විසින් බවත්, සැකකරු තියුණු ආයුධයකින් ඇන ඝාතන සිදු කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කරයි.

Mass Killings

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව,දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකු වන අතර එම දරුවන්ගේ පියා තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය යහපත් බවත් ඝාතනයට ලක්වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7 ට අඩු අතර මෙය ඉතාමත් “බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක්” ලෙස හඳුන්වමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

Mass Killings

මියගොස් ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක, හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතෙකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අය බව ඔටාවා පොලිස් ආරංචි මාර්ග පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ සමුහ මිනීමැරුම් ඉතිහාසය සළකා බැලීමේදී, 2006 වසරේ සිට එරට සිදුවූ දෙවන ඉහළම මරණ සංඛ්‍යාව මෙය බව පැවසෙයි.

-විදෙස් පුවත් ඇසුරිනි-

ජායාරුප: Darshani Dilanthika Ekanayaka ෆේස්බුක් පිටුවෙනි.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you